Qatar walata kelewwe mama-Donald trump

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    කටාරය හුදෙකලා කළේ මගේ සංචාරය නිසා - ට්‍රම්ප්

    ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය "ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරයි.

    ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය.එහෙත් කටාරය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.


    අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ ඩෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබේ.අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ අසල්වැසි මාලදිවයින ද පියවර ගත්තේය. හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආණ්ඩුවේ එම තීන්දුව දැඩි විවේචනයට ලක් කර තිබේ.

    විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පවසති.
    රියාද් අගනුවරදී දේශනයක් පැවැත්වූ ජනාධිපති ට්‍රම්ප්, මැද පෙරදිග අස්ථාවර කරන බවට ඉරානයට චෝදනා කළේය.විශේෂයෙන්ම කලාපයේ පැතිර යමින් පවතින රැඩිකල්වාදී ප්‍රවණතා මැඩපැවැත්වීම පිණිස ක්‍රියාකරන මෙන් ජනාධිපතිවරයා එහිදී මුස්ලිම් රටවලින් කළ ඉල්ලීම මගින් කටාරයට එරෙහිව පියවර ගැනීම පිණිස අසල්වැසි රටවල් දිරිමත් වූ හැඩක් දක්නට ලැබේ.

    අසල්වැසි රටවල ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් නැතත්, ඔවුන් සිය රටේ කටයුතුවලට "ඇඟිලි ගැසීම" පිළිබඳව සතුටක් නොමැති බව කටාරයේ විදේශ අමාත්‍යවරයා අල් ජසීරා රූපවාහිනියට පැවසීය.


    එමෙන්ම කටාරය ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ජනාධිපති ට්‍රම්ප් ගේ මැද පෙරදිග සංචාරයේදී ඔහුට පෙන්වාදුන් බව විදේශ ඇමතිවරයා බීබීසී යට පැවසීය.
    ඉරානය සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ කටාරයේ ප්‍රතිපත්තිය වැරදි නොවන බවත් ඔහු අවධාරණය කළේය.

    BBC

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    mun mokkuda bn, ungema unta kelawanawanam mehema, mun anith ratawal walata kohoma karaida,:angry:


    කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

    මුස්ලිම් අන්තවාදය, ත්‍රස්තවාදය සහ ආක්‍රමණය පෝෂණය කිරීම සදහා කටාර් රාජ්‍ය මුදල් යොදවනවායැයි පවසමින් මුස්ලිම් ලීගයේ රටවල් කටාර් රාජ්‍ය සමග තිබු සබදතා අත්හැරීමත් සමගම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සදහාද කටාර් රාජ්‍ය මුදල් යෙදවූ බව තහවුරු වන බව බොදු බල සේනා ස්සන්විධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා අද (6) පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබදව කරුණු වාර්තා කර සිටියා.

    කටාර් රාජ්‍යයේ මුල්‍ය අනුග්‍රහයෙන් මන්නාරම කේන්ද්‍ර කරගන, විල්පත්තුව ආශ්‍රිත වනාන්තර පද්ධතිය සංහාරය කරමින්අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් වෙනම මුස්ලිම් කලාපයක් හදමින් අන්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය පදනම යොදමින් සිටින බව බොදු බල සේනා සංවිධානය 2012 වසරේ සිට චෝදනා කර සිටියා. ඒ සමගම රටේ ජනමාධ්‍ය මේ පිලිබදව දිගින් දිගටම කරුණු වාර්තා කර සිටි අතර එවකට පැවති රජයට හෝ වර්තමාන රජයට මෙම ආක්‍රමණය නැවත්වීමට නොහැකිවූ බවයි විතානගේ මහතා ප්‍රකාශ කර සිටියේ.

    කටාර් රාජ්‍යයේ මෙම අන්තවාදී ක්‍රියාකාරකම් දැන් හෙළිවෙමින් පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

    විල්පත්තු වනය සංහාරය කරමින් ගොඩ නැගූ මුස්ලිම් ජාතිකයන් පමණක් ජිවත්වන කලාපය සදහා මුල්‍ය අනුග්‍රහය දැක්වුවේ කාටාර් අග්‍රාමාත්‍යවරයෙකු වන ජාසිම් නැමැත්තායි.


    307848109-gallery-12-01-17-06-Jan-?????-??????????-???????-??-?????-?????-????-?????????--424x43.jpg

    1128287787-gallery-12-01-17-06-Jan-CIMG0068-512x384.jpg

    1201777417-gallery-12-01-17-06-Jan-7M8A4504-1024x822-512x411.jpg