සෙල්ෆියද?

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ පරාජයේ අවාසනාවට මුල්වූයේ
පාකිස්තාන මාධ්‍යවේදිනියගේ සෙල්ෆියද?

18953042_1684022308571088_4297172773833562376_n.jpg


ඊයේ පාකිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය පරාජය වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් සිත් තැවුලට හේතුවූ කාරණාවකි. මෙම තරගය ජයගැනීම මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට අවස්ථාවක් උදාකර තිබීමත් එම අවස්ථාව ගිලිහී යාමත් එයට හේතුවයි. තරගයේ අවසන් පන්දු ඕවර කිහිපයේ දුර්වල පන්දු රැකීමක නිරතවූ ශ්‍රී ලංකා පිලට මෙම පරාජය වළක්වා ගත හැකිව තිබුනේය යන්නද බොහෝ අයගේ අදහසයි. මෙම අවාසනාවන්ත පරාජය කල් ඇතිව උදාවන බවට අන්තර්ජාලය තුළ අනාවැකියක් පළව තිබුණි. එයට මුල්වූයේ පාකිස්තානු ක්‍රීඩා මාධ්‍යවේදිනියක සෙල්ෆී ඡායාරූප ලබාගන්නා අය දැවීයාමේ ප්‍රවණතාවයකි.

පසුගියදා ඉන්දීය පිලේ විරාත් කෝලි හා දකුණු අප්‍රිකාවේ ඩිවිලියර්ස් දෙදෙනා තරඟ දෙකකදී ලකුණු 0ට දැවීයාම හා එම තරග පරාජයවීම පිටුපස සිටින්නේ පකිස්තානු මාධ්‍යවේදිනියක් බවට සමාජජාලා ඔස්සේ කතාවක් පැතිර ගොස් තිබුනේ පෙරේදා සිටය.

ඇය කෝලි හා ඩිවිලියර්ස් සමඟින් සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටි අතරම පසුව ඇය ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින්ද සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබුණි.ඊයේ තරඟයට සුභපැතුම් එක්කරන අවස්ථාවේ “ඔන්න මගේ ජොබ් එක අදත් මම කළා” යනුවෙන් ට්විටර් පණිවිඩයක්ද තබා තිබුණි. ඊයේ මැතිව්ස් දැවී ගියේ 39ටය. නමුත් තරගය පරාජය විය.

zainab-abbas-twitter_806x605_41497066113.jpg


18920575_1495424977145990_2162175165506993741_n.jpg


18953042_1684022308571088_4297172773833562376_n.jpg


C3GfIAnXgAIswbu.jpg-large.jpg




dfgddfh.png