වාහනේ නම් හොඳයි බං. තෙල් නම් 10 -1 2 ක් අතර ටවුන් අර්බන් නම් 15 ක් විතර කරනවා. ශීට් පවා හොඳ කම්ෆටර් බල්. හැබැයි පුතේ ඔටෝ හොඳේ. මැනුවල් ජැපැන් ස්විෆ්ට් හරිම අඩුයි මැනුවල් නම් වාහනේ ගොඩක් වෙලාවට ඉන්දියන්. 1.3 එංජින් CVT තියෙන්නේ 1.5 එංජින් එන්නේ VVT සහ ඒක පර්මිට් වලටම ගෙන්නපු වාහනයක්. ලෙඩ කියලා ලොකු ලෙඩක් නම් තවම දුන්නේ නෑ. හැබැයි පුතේ පාර්ට්ස් නම් ඔරිජිනල්මලු තියෙන්නේ දාන්න උනොත්. ඕකේ එක එක ඔෆ්ශන් තියෙන කීපයක් තියෙනවා. සමහර එව්වා වල ෆොග් ලයිට් තියෙනවා, සමහර එව්වල වින්කර් මිරස් තියෙන එකක් තියෙනවා, තව මල්ටි ෆන්ක්ශන් ස්ටියරින් වීල් තියෙන එකක් තියෙනවා, රිවර්ස් කැම් එහෙමත් මැනුවල් දාන්න ඕනේ මගේ නම් ගද්දිම තිබ්බා. ෆොග් ලයිට් උනත් මැනුවල් දාන්න පුලුවන් පස්සේ. රින්කර් මිරස් නැති උනත් කොහොමත් රිට්‍රෑක්ටබල් මිරස් එනවා. තව කීලස් එන්ට්‍රි තියෙනවා ඉන්ටර්ලිජන්ට් කී තියෙනවා. පස්සේ උනත් හොඳට ඉඩ තියෙනවා සහ ශීට් හොඳ කම්ෆටර්බල්. පිටිපස්සෙත් හොඳට ඉඩ තියෙනවා ඩිකියේ.
කෙල්ලෝ නම් සෙට් වෙනවද කියල නම් දන්නේ නෑ. මම කෙල්ලෝ දිහා බලන්නේ නැහැ කොහෙ හරි කාර් එකෙන් ගිහින් බැස්සොත්. මොකද් මට කෙල්ලෙක් ඉන්න නිසා සහ කාර් වලට වැටෙන කෙල්ලෝ වැඩක් නැති නිසා.
ගන්නවනම් පර්ල් වයිට් එකක් ගනින් හොයලා හොයලා. මාකට්ම පර්ල්වයිට් සහ රතු. පාට නම් ගොඩක් තියෙනවා ඒ උනාට. මෙටලික් ග්‍රේ, බ්ලැක්, ජෙට් බ්ලූ, ඇම්බර්, ඔරෙන්ජ්, ඇපල් බ්ලූ එක එක ජාති. මාකට් නමුත් අර දෙක.ආහ් තව ටච් A/C, Climate control, fuel indicator, RPM meter පවා තියෙනවා.