ඔබ මා හමුවුනදා දෑත් දරා
පෙර භවයක බැඳුනා මෙන් බැඳුනා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා
මා ඇස්පිය නොහෙලා බැලුවා
ඔබේ දෑස් දිහා
සන්සුන් සිතින් සිතමී මුලු රෑ පුරා
දැනෙනා හැගුම් විදිමී සිහිනේ සරා
දිගු රැය දිගේ ඔබෙ රුව මැවේ
පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා
සිත්මල් දෙකක් ලංවී සිතැගී පුරා
කොඳුරා වදන් රැඳෙමී සගවා නුරා
සඳ දිය පිරේ අසිපිය ඇරී
පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
කොහෙන්දෝ කියා