පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
rep back mcn..
11.gif
 

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..සැමදා ඔබ ලග ඉන්නම්
    මගේ කියා රැකගන්නම්
    නිල්මිණි දෑසින් මදෙස බලන විට
    මගෙ ආදරේ පවසන්නම්
    ඔබටම සෙනෙහෙ පුදන්නම්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන් //

    අද ඔබ නැති බිම තනිවී
    සිත දවනා අඳුරු හැඟුම්
    ඉවසන්නම් කවදා හෝ
    ඔබ හිමි වේ නම්

    සිතට දැනෙන මේ ලතැවුල්....

    අද තනි යහනත වැතිරී
    ‍රැය නොනිදා නැගන සුසුම්
    විඳගන්නම් කවදා හෝ
    ඔබ ළං වේ නම්

    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන් //

    ගායනය - ටී.එම්. ජයරත්න

     
    • Like
    Reactions: ^Buddhika^

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඔබ මා හමුවුනදා දෑත් දරා
    පෙර භවයක බැඳුනා මෙන් බැඳුනා
    සවනට රහසින් කීවා
    මට ආදරෙයි කියා

    ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
    මගෙ දෑස් දිහා
    මා ඇස්පිය නොහෙලා බැලුවා
    ඔබේ දෑස් දිහා

    සන්සුන් සිතින් සිතමී මුලු රෑ පුරා
    දැනෙනා හැගුම් විදිමී සිහිනේ සරා
    දිගු රැය දිගේ ඔබෙ රුව මැවේ
    පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
    කොහෙන්දෝ කියා

    සිත්මල් දෙකක් ලංවී සිතැගී පුරා
    කොඳුරා වදන් රැඳෙමී සගවා නුරා
    සඳ දිය පිරේ අසිපිය ඇරී
    පවසන්න ලංවෙලා මේ තරම් ආදරේ
    කොහෙන්දෝ කියා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි...~~
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ෴You Took My Heart Away෴

    Staring at the moon so blue
    Turning all my thoughts to you
    I was without hopes or dreams
    I tried to dull an inner scream but you
    saw me through

    Walking on a path of air
    See your faces everywhere
    As you melt this heart of stone
    you take my hand to guide me home and now
    I'm in love

    You took my heart away
    when my whole world was gray
    You gave me everything
    and a little bit more
    And when it's cold at night
    and you sleep by my side
    you become the meaning of my life

    Living in a world so cold
    you are there to warm my soul
    You came to mend a broken heart
    You gave my life a brand new start and now
    I'm in love

    You took...

    Holding your hand
    I won't fear tomorrow
    Here were we stand
    we'll never be alone
    ♥️♥️♥️♥️
     
    • Like
    Reactions: DAMER

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා..
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්‍යාංගනා..

    නික්මී නොයා මහදේ දොර වසා
    හදේ රැඳෙන්න දිව්‍යාංගනා
    ළං වී ඉඳින්න දිව්‍යාංගනා

    සෝක කල්පනා හිතේ තියා
    ඉගිලී නොයා සැඟවිලා
    නේක වේදනා සුළගේ විසිරිලා
    වෙන්වී නොයන්න දිව්‍යාංගනා
    වෙන්වී නොයන්න දිව්‍යාංගනා

    තාරුකා නිවා දුර ඈත තනි වෙලා...

    දෑස රිදවනා කඳුලැල් මකා
    හසරැල්ල රන් තනිවෙලා
    ප්‍රේම ගීතිකා කොඳුරා කියා
    තුරුලේ නිදන්න දිව්‍යාංගනා
    තුරුලේ නිදන්න දිව්‍යාංගනා

    තාරුකා නිවා දුර ඈත තනි වෙලා...

    නික්මී නොයා මහදේ දොර වසා
    හදේ රැඳෙන්න දිව්‍යාංගනා
    ළං වී ඉඳින්න දිව්‍යාංගනා

    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා
    නික්මී නොයා මහදේ දොර වසා
    හදේ රැඳෙන්න දිව්‍යාංගනා
    ළං වී ඉඳින්න දිව්‍යාංගනා
    හදේ රැඳෙන්න දිව්‍යාංගනා

    ගායනය - අජිත් බණ්ඩාර
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ...රූ කාගේදෝ...
    සුරඟන දෑසක්දො...
    හීනෙන් ආවාදෝ....
    හැබහින්ම දෝ....

    හුස්මට සම වීදෝ...
    දෙතොලෙ පිරුනාදෝ....
    මාගේ හදගැස්ම
    නුබ මාගෙමදෝ...

    ඕ.....හිනහෙන්න
    ලංවෙන්න
    අත් අල්ලගෙන ඉන්න
    ආදරේ මගේනේ..//

    ජිවිතේ...පාරකී...
    තාරුකා...ඇස්දෙකේ..
    වෑහෙනා...ආදරේ...
    මගේනේ

    ඕ...සිහිනිඟ නැලවෙද්දි
    සීතල මල්වැස්සෙ
    සිතුවිලි රැලි සයුරෙ
    සැසලෙන්නෙම්

    සියුමැලි කන් පෙත්තෙ
    සතපා තොල් පෙත්ත
    සියොලඟ හැම රෑම
    කවි අතුරමි

    ඕ.... හිනහෙන්න
    ලංවෙන්න
    අත් අල්ලගෙන ඉන්න
    ආදරේ මගේනේ..//

    ජීවිතේ පාරකී....

    ඔය නුබේ සිනා කැන් කාගෙදෝ...
    පෙම් හැඟුම් දැන් කාටදො...
    මේ වසන්තේ කාගෙදෝ...
    මගේනේ.....//


    සූර්යා
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිපගත් එදා සිහිවෙනවා

    භවයෙන් භවේ මෙලෙසින් බැඳී
    අප ආ ගමන් අමතක වුවත්
    ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ
    එක්වූ දිනේ සිහිවෙනවා

    ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
    එක්වී වේලි සෙනෙහස සෙවූ
    ඒ සොඳුරු දා සිහිවෙනවා
    ඒ සොඳුරු දා සිහිවෙනවා
     
    • Like
    Reactions: shaminda peiris

    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    හිත රිදුන හැමදාම සැනසූවේ මං නේද
    කවුරුත් නැතිදාක තනි මැකුව‍ෙ වෙන කවුද...
    එහෙවි උන්නු මං එක්ක අමනාපකම් ම‍ොකද
    දෙනුවන් කතා මියැදිලා....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
    ඉඳ හිටි හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොරණේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ​
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුර ඈත දින සමනල් වියේ මා
    සසල කල යුවතී
    සිත්බැඳී සෙනේ මා සිරකරන්
    මිතුදම අපේ පැවතී
    ඔබ තරම් මසිතට සුව ගෙනා
    තව කෙනෙක්නම් නොමැතී
    අද ගිහින් ඈතට පියඹලා
    මා ජීවිතේ නැවතී

    අන්ධකාරේ මංමුලාවී
    පාවෙමින් ගෙවූ ජීවිතේ
    අරුත් පුරවා දෙනෙත් පාදා
    ඈ ලංවුනේ නොසිතූ ලෙසින්
    උමතු වූ ආදරෙන් බැඳී
    ගෙවුනු දින අද සිහිනෙකී
    පෙර වැරදි මා සතු වෙන්නැති
    දෙවියකු නොව මා මිනිසෙකි

    මිතුරු කැළ හැම සතුරු වී
    ඈ මගෙන් උදුරා ගත් සැටි
    මුළු දිවිය සැනෙකින් නතර වී
    අදහනු නොහැකි සේ ඇද වැටී

    ඉර හඳ තරුත් ගස් වැල් විලුත්
    කළඹන්න මට සිතුනි
    නිළ බල ඇතත් රජකම ඇතත්
    දැන් මට කුමට ළඳුනී
    පරම පිවිතුරු ආදරේ
    සසර දින පැවතී
    බිඳක් වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී

    ඔබ දුන්නු සතුටට වැඩි දුකක්
    මා විඳින බව තනිවී
    ඔබ දන්නේ නෑ එය දන්නවානම්
    යන්නේ නෑ වෙන්වී
    යන්නේ නෑ වෙන්වී


    ගායනය අමිල පෙරේරා
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    ක්ෂිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරන් එක්වෙලා
    අතීතය දෝතට අරන් අපි
    අහස් ගඟටම විසි කළා
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    එදා අප පියමං කරපු මග
    වියෝවක ගී ඉතිරි වී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

    පහන නිවුනා පහන් පැල මත
    ඒ සුවඳ තාමත් රැඳී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kumuditha Gunawardane............



    හැඟුමන් හිරකරන්~
    ඉන්නෙමි ඔබ ලඟින්..
    සිනහව ඔබගේ මා හද~
    තුරුලේ සඟවාගමි මෙමන්.. :love:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා

    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...

    ඉරණම ලියැවි අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්

    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්
    නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්...

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි උනත් මට සොදුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු

    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්...
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා..... මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා