මම ඊයෙ දැන්මා ටියුනප් එකට කියන්න දෙයක් නෑ මට තිබ්බ විදිහට වත් මගෙ වාහනේ අද ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා. මේ වගේ කට්ටක් නම් මන් අඹ ගහ යට ගරාජ් එකකින් වත් බලාපොරොත්තු උනෙ නෑ.
පස්සෙ කියන්නම් විස්තරේ. දැනට කියන්න තියෙන්නෙ මම ජී.ඩී.අයි එන්ගිමක බලාපොරොත්තු උන කාර්බන් බිල්ඩප් එකක් මගෙ එකේ තිබ්බෙ නෑ.
අඩුමගානෙ ඉන්ජෙක්ටර්ස් වල වත් මහලොකු කාර්බන් තිබ්බෙ නෑ. සිලින්ඩර් 1,2 කාර්බන් තිබ්බා ඉන්ජෙක්ටර්ස් වල. මන් කලින් ඉදන් ම කියන්නෙ මෙතන මට ඕනෙ උනේ ඔන්න ඔය ප්‍රශ්නය විසදගන්න.
ඕක හරියට විසදගත්තනම් මම දන්නවා ඕකෙ ෆුඑල් කරන එක තව වැඩි වෙනවා. එන්ගිම තව ස්මූත් වෙනවා පර්ෆෝමන්ස් වැඩි වෙනවා කියලා.
හ්ම්ම්... ඉන්ජෙක්ටර් 4 ගැලෙව්වට පස්සෙ වැඩ කරපු අයගෙන් ඇහුවා මොන ඉන්ජෙක්ටර්ස් ද අව්ල් කියලා. පුදනකොටම කාපි යකා කියලා. කාර්බන් තිබ්බ 2 පෙන්නුවා කියපන් කො. එහෙම කියන්නෙ කොහොමද? අනික් දෙක බ්ලොක් වෙලා 02 සෙන්සර් එකේ රීඩින්ග්ස් අනුව ෆුඑල් වැඩිපුර ඩම්ප් කරන නිසා අනික් දෙක රිච් වෙන්න බැරිද කියල මන් ඇහුවෙ නෑ ඉතින්.
එහෙම කියන්න බෑ ඉතින්. බෙන්ච් එකට දාල හරියට ඕක බලන්න ඕනෙ. එහෙම පහසුකම් නෑ. ඉතින් කියල වැඩක් නෑ. ඊබේ එකේන් ඉන්ජෙක්ටර් 4ම ගන්න පුලුවන් මීට වඩා හොද ඒවා වගකීමත් එක්කම ඔ.ඊ.එම්.
වැඩක් නෑ කියල වැඩක් නෑ.
ඉන්ජෙක්ටර් දැම්මද එතකොට එතනින්


thanks tom ayya kattata...meke dan katu wetennema neee...aluth wahana nisada manda....
oka fb14 neda???
මේක fb 13 මල්ලි.




