රෝගම්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    උඹල දන්නව ලේ වර්ග 8ක් තියෙනව

    A +
    B +
    AB +
    O +


    A -
    B -
    AB -
    O -


    මම මේ කියන කතාවට වැදගත් වෙන්නෙ rhesus factor එක. ඒ කියන්නෙ පොසිටිව් ලේ වර්ගයක්ද, නෙගටිව් ලේ වර්ගයක්ද කියන එක
    රෝගම් කියන්නෙ සමහරක් මව්වරුන් දරුව ප්‍රසූත කරල පැය 72ක් යන්ඩ කලින් දෙන එන්නතකට
    සමහරක් මව්වරු කිව්වෙ නෙගටිව් ලේ තියන මව්වරු.
    අම්ම නෙගටිව් වෙලා දරුව පොසිටිව් වුණොත්, දරු ප්‍රසූතියෙදි දරුවගෙ ලේ අම්මගෙ රුධිරයට එකතු වෙන්ඩ පුලුවන්. දරුවගෙ පොසිටිව් සාධය මවට ආගන්තුක නිසා අම්මගෙ ශරීරයේ පොසිටිව් ලේ වලට එරෙහිව ප්‍රතිශක්තියක් ගොඩනැගෙන්ඩ පුලුවන්. ප්‍රතිශක්තිය කිව්වම ඒක ඊට පස්සෙ දිගටම අම්මගෙ ඇඟේ තියෙනවනෙ
    පලමු දරුවගෙ උපතෙදි මේක ගැටලුවක් නොවුණට, ඉදිරියට තවත් පොසිටිව් ලේ තියෙන ලමයෙක් කුස තුළ පිලිසිඳගත්තොත් ඒ දරුවට මවගෙ මේ ප්‍රතිශක්තිය හානිකර වෙන්ඩ පුලුවන්
    රෝගම් එන්නතින් කරන්නෙ පලමු පොසිටිව් දරුවගෙ උපතෙදි මවගෙ රුධිරයට එකතුවුණ පොසිටිව් සාධකය විනාශකර දැමීමයි. එතකොට මවගෙන් පොසිටිව් රුධිරයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වන්නෙ නෑනෙ..

    මේ හැර වෙනත් විවිධ අවස්‌ථාවලදී ගර්භනී තත්ත්වයේ පසුවන Rh නෙගටිව් රුධිර ගණයට අයත් මව්වරුන්ට මෙම එන්නත ආරක්‌ෂාකාරී පියවරක්‌ ලෙස ලබාදේ. රෝගම් එන්නත ලබාදීමෙන් ඉහත කියවුනු ගැටළු වලකා ගත හැකි බැවින් නූතන වෛද්‍ය පහසුකම් සලකා බලන කළ Rh රුධිර වර්ගය ගැලපීම එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ මවගේ සහ පියාගේ රුධිර වර්ගය වේලාසනින් දැන ගැනීමටයි. මේ සඳහා පූර්ව ප්‍රසව සායනයන්හිදී ගර්භනී සමයේ මුල් අවදියේදීම රුධිර වර්ගය පරීක්‌ෂා කිරීමට සිදුවේ. එසේ කිරීමෙන් අවශ්‍ය ඕනම අවස්‌ථාවකදී රෝගම් එන්නත ලබාදීම සඳහා අවශ්‍ය වෛද්‍යවරුන්ට ලැබේ.

    ලාංකීය ජනතාවගේ 5%-7% ත් අතර ප්‍රමාණයක්‌ Rh නෙගටිව් බව පැවසේ. නමුත් Rh නෙගටිව් වීමෙන් ඇතිවිය හැකි ගැටළු අඩු කිරීමට ඒ පිළිබඳ අවබෝධය ඉතා වැදගත්ය. මුලින් පරීක්‌ෂණයක්‌ වශයෙන් සිදුකෙරෙන රුධිර වර්ග පරීක්‌ෂණය ඉතා සරල පරීක්‌ෂණයකි. මෙය සෑම ගර්භනී මවක්‌ සඳහාම සිදුකෙරේ. පරීක්‌ෂණයේ ගැටළු ඇත්නම් විශේෂ පරීක්‌ෂණ සඳහා රුධිර බැංකුව වෙත යොමු කෙරේ. මේ සියල්ල නිවැරදිව සිදුකිරීමට මව සහ පියාගේ සහයෝගය වෛද්‍යවරයාට ලබාදිය යුතුය
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලකිරි එකේ බබාල හම්බවෙන්න ඉන්න pregnant අයියල අක්කලට වැදගත් වෙයි :yes:
    BUMP