පද පේළී - EK LYRICS THREAD PART 2

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මේ තරම් රිදවුම් ඔබෙන්
    හමු වෙලා මොහොතකින්...
    මේ රිදුම් ඔබ හින්ද දැන් වේදනා උහුලමින්...
    නෑසිලා ඔබෙ පෙම් වදන් හිත මගෙ හඩනවා...

    ආදරේ වේදනා...මගේ හිත පුරවලා...
    සදා කල් හඩවලා...කොහෙදෝ ගියේ...
    ඔයාටම හිමි වෙලා මම ඔයගෙම වෙලා.
    බලා ඉන්නෙ සදා...ඔයා වෙනුවෙන් තමා...

    සුලගක් වගේ...දැවටි ගතේ...
    අපි හිටියෙ අපි ගාව බැදිලා හිතේ...
    සුවදක් වගේ මුලු ජීවිතේ...
    තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ...

    ආදරේ වේදනා...

    රහසක් වගෙ...රකිමින් හිතේ...
    මියැදෙන තුරා රකිමි මේ ආදරේ...
    සෙනෙහස මගේ...අඩු නැ හිතේ...
    මට වටිනවා තවම ඔබෙ ආදරේ...

    ආදරේ වේදනා...
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ..
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව..
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ..

    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත..
    සංසාරයේ යළිදු නවාතැන් සොයායන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න..

     
    • Like
    Reactions: Rex921

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කොහේ හෝ නුඹ නතරවේ
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇතේ
    මගේ නොවුනට කම් නැතේ
    නුඹ මගේ නොවුනට කම් නැතේ

    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්න සෙනෙහස අරුමැතී
    ලෝබ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැතී

    නුඹ ලඟත් මතකය ඇතී
    නඹුදු අපි වෙන් වී ඇතී
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජිවිත ඇතී
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරළක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතිවිලි අතීතෙක

    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ළං වූ සිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    සයුර මා විය අහස ඔබ විය
    දෙනෙත රැවටූ සිතිජයක් විය
    කී කතාවේ අරුත වැටහිණ
    අහස සමුදුර එකතු වී යැයි
     
    • Like
    Reactions: DAMER

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පොඩිදා ඉදන්
    තුරුලේ නිදන්
    දුවනී ඔබේ
    පොඩිකාලේ දගකාරී හිදි
    තාත්තාගේ අතේ

    නොහඩා ඉන්නේ කොහොමා
    හදකින් කොටසක් දුන්නා
    ඔබ දුන් රජ කිරුල මට හිමිඋනා

    මෙතරම් කල් මම උන්නා
    කුමරෙක් ඇවිදින් ඉන්නා
    ඔබ හැර යන එකමයි දැන් වේදනා

    සෙනෙහස කිරි කර මට පොවලා
    පියවරු මම දුටුවෙ නැහැ මව්ගුන තිබෙනා
    ඇය ගැන රහසින්වත් නොකියා
    අම්මලා දහසක තරම් උනුසුමෙන් මා වෙලා

    පිටවෙන්න දැන් අවසරයි නම් මනමාලිවී
    දුවනියගෙ අත අල්ලන්
    ඉකිබිදිනු නම් එපා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන

    වියරු ගිනි දැල් නොවෙමු
    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන
     
    • Like
    Reactions: DAMER

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ප්‍රේමය පුද දී අවසානයි
    ඔහු සතු වී කාලය බෝමයි
    නොලබන මා නොපතන්න
    තහනම් සෙවනෙන් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි
    සෑනසුම නුබ වාගේම ඈතයී
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    එක වදනක් පවසන්නම්
    එය හදවත හඩවයි නම්
    මා වෙනුවෙන් නොහොඩන්න
    ජීවිතයට ඉඩ දෙන්න
    ඔය කී ලෙස මතු ඉන්න
    දිවුරුම් නම් බෑ දෙන්න

    අදරයක් තියනවා නම්
    දෙනෙතින් පිලිතුරු දෙන්නම්
    මට නොපෙනී පිට වෙන්න
    නොහදුන කෙනෙකුන් වෙන්න
    ගත ගෙනයන්නම් දුරට
    සිත නම් බෑ ගෙන යන්න

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සිතින් අදිනවා ආපසු යන්න නොදී
    ඇස් දෙකින් අදිනවා වාගෙයි අහිංසකී
    යන්නම ඕනෑ වේ නම් මගෙන් මිදී
    කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී

    දුරත් දුකත් අමුනාගෙන එක නූලෙ
    ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
    බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
    හිතත් මලත් මට නුඹ විතරයි වාගේ

    සිතින් අදිනවා ආපසු......

    හදාගන්න හිත කිරිල්ලියක් අලුතෙන්
    හොයා ගන්න තුරු ඉන්නවාද රහසින්
    තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්
    මගෙ සිත ආයේ කොතැනද අලුත් ඉඩක්

    සිතින් අදිනවා ආපසු......
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ//

    බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
    අද වෙන් වී නුඹ හිම පියසේ
    කාල වලා නැග එන්නා නබෝ ගැබ//
    බොඳ වී යයි මුදු වදන් මෙදා//
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Lakshman Wijesekara..............



    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ~
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ..
    ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ~
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113


    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ~
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ..
    ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ~
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

    :love::love::love:
     
    • Like
    Reactions: DAMER

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

    වළාවකින් ඔබ
    වැසී ගියා බොල් අහසේ
    සිනා පහන් වැට
    නිවී ගියා සැඩ සුළඟේ...

    ඉරත් මැරී පුන් සඳත් මැරී
    ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ පාළු පැලේ
    නිදි පැදුරේ....
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

    වළාවකින් ඔබ
    වැසී ගියා බොල් අහසේ
    සිනා පහන් වැට
    නිවී ගියා සැඩ සුළඟේ...

    ඉරත් මැරී පුන් සඳත් මැරී
    ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ පාළු පැලේ
    නිදි පැදුරේ....

    :cool::cool::cool:

    රැ දුරු රට මේ..
    හිම වරුසා.. සීත පාලුවේ..
    මූදු සතකින් ඈත දෙසේ මා තනිවේ...

    Will be snowing in a few months. Kinda excited though.

    :cool::cool::cool:
     
    • Like
    Reactions: thilina91

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රැ දුරු රට මේ..
    හිම වරුසා.. සීත පාලුවේ..
    මූදු සතකින් ඈත දෙසේ මා තනිවේ...

    Will be snowing in a few months. Kinda excited though.

    :cool: පට්ට සට පට..
    0F6XaYr7F8
     
    • Like
    Reactions: thilina91

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබාගනිමු තරමින් වියතක්‌
    හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

    ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
    මම මගෙ හෙවණැල්ලෙන් මිදී
    අවුදින් හිමින් රහසින් මුමුණා
    හඳ පානේ මද අඳුරේ
    හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ