✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,889
    20,060
    113
    Panadura
    ඔන්න අද පොටෝ ෂොප් වැඩ කෑල්ලක්
    මේක measure tool එකෙන් කරන වැදගත්ම පාර්ට් එකක්
    මේකත් 90%ක් ඩිසයිනර්ස්ලා දන්නේ නැති එකක්

    select-measure-tool.gif


    ස්කෑන් කරලා ගත්ත පොටෝ ගොඩක් වෙලාවට ඇදටනේ scan වෙන්නේ
    ඒවා කෙලින් කරන්න ගොඩක් අය කරන්නේ background එක unlock කරලා
    Transform එකෙන් කරකවනවා
    මේකත් හරි ඒත් සමහර වෙලාවට එහෙම කරන්න බෑ
    උදාහරණෙකට ගත්තොත් දෙපාකරට ස්කෑන් කරලා ගත්තු ලොකු ලියුමක්
    මේවා දෙකක් එකතු කරන්න ගියාම හරි කෙලින් ලයින් හිටින්න පොටෝ දෙක කරකවන්න වෙනවා
    (පොටෝ merge කරන්නත් ලේසි විදියක් තියෙනවා ඒක පස්සේ කියන්නම්)

    plan-symbols-tutorial-measu1.jpg


    මේක කරන්නේ දැන් එක අරගෙන යට රතු ලයින් එක දිගේ
    ඇදගෙන යනවා
    පස්සේ IMAGE < IMAGE ROTATION < ARBITRARY දෙන්න
    ps_measure-tool2.png


    මේක කරන්න හරි කෙලින් අතට Image එක කැරකැවෙනවා
    අලුත් පොටෝෂොප් එකේ නම් Crop tool එකෙනුත් free කරකවන්න පුලුවන්
    හරියටම කියන්න විදියක් නෑ ඒකේ ස්ටෙප්ස් නම් මගේ ලග පරණ වර්ෂන් එක තියෙන්නේ


    සමහර වෙලාවට කොහොම කිව්වත් තේරෙන්නේ නෑ කරලා බලනකල්
    ඒ නිසා කියවලා නිකන් ඉන්නේ නැතුව කරලා බලන්න
    ජයවේවා

    11.gif
    11.gif
    11.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :love: ඕව අහලවත් නෑ සර්, සත්තයි ලැජ්ජයි :(

    ලැජ්ජාවෙන්න දෙයක් නෑ බන්
    මාත් දන්නේ නැති දේවල් අනන්ත ඇති
    ගොඩක් උන් ඕවා කියලා දෙන්නේ නෑ ඒකයි සීන් එක

    උඹ කරලා බැලුවද
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ලැජ්ජාවෙන්න දෙයක් නෑ බන්
    මාත් දන්නේ නැති දේවල් අනන්ත ඇති
    ගොඩක් උන් ඕවා කියලා දෙන්නේ නෑ ඒකයි සීන් එක

    උඹ කරලා බැලුවද

    තවම නෑ රිවිශන් එකක් තියනවා ඒක දාලා ටෙස්ට් කරලා බලන්න ඕන :love: :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තවම නෑ රිවිශන් එකක් තියනවා ඒක දාලා ටෙස්ට් කරලා බලන්න ඕන :love: :)

    ඒක පට්ට මගේ එකේ තියෙන්නෙ ruler කියලා. (cs6) :)

    මගේ එකෙත් තියෙන්නේ ruler කියලා තමයි
    Illustrator එකේ පුරුද්දට කිව්වේ Measure Tool කියලා
    :P:P:P
    පරණ PS වර්ෂන් වල නම් Measure tool තමයි තියෙන්නේ
    මම දාපු එකෙත් එහෙමනේ තියෙන්නේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Mata potosop walin pinthura crop karanna puluwan... mawath club ekata gannawada.?:lol:

    මේකේ දන්නේ නැති උන් ඇති බන් උඹත් වරෙන් ඉගෙන ගන්න පුලුවන්නේ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මගේ එකෙත් තියෙන්නේ ruler කියලා තමයි
    Illustrator එකේ පුරුද්දට කිව්වේ Measure Tool කියලා
    :P:P:P
    පරණ PS වර්ෂන් වල නම් Measure tool තමයි තියෙන්නේ
    මම දාපු එකෙත් එහෙමනේ තියෙන්නේ

    මම නිකන් ඉමේජ් එකක් බැලුවේ. ස්කෑන් එකකදි තමයි ඕක වටින්නෙ හොදටම. :)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    හොද වැඩක් මචන් පට්ට ත්රෙඅඩ් එකක් වෙයි මේක

    මම ෆ්‍රි ෆ්රෙස් ඩිසයිනර් කෙනෙක්
    ග්‍රැපික් කරන උන් එවන අර්ට්වක් ප්‍රින්ට් රෙඩි කරන එක තමයි මගේ වැඩේ

    ගොඩක් ග්රෆික් කරන අයට මුද්‍රණය පිලිබදව දැනුමක් නැහැ , ඔහේ තියෙන ඔක්කොම ඉෆෙක්ට් දාල ඩිසයින් කරනවා , ප්‍රින්ට් කරාම අමු චොර

    ඔෆ්සෙට් ප්‍රින්ට් කරන්න ෆයිල් එකක් හදනවා නම් ඒක අනිවා මෝඩ් එකේ හදන්න ඕනි

    1200px-CMYK_color_swatches.svg.png


    බ්ලීඩ් තියල හදන්න ඕනි

    bleed-01.jpg


    නැත්නම් කැපුවම වටේ සුදු බොර්ඩර් පේනවා

    ටෙක්ස්ට් එක බ්ලැක් නම් වන් කලර් බ්ලැක් වෙන්න ඕනි , බ්ලැක් පැචස් යනවා නම් 35% වගේ සයන් එකතු කරලා තිබ්බම හොද රිච් බ්ලැක් එකක් ප්‍රින්ට් කරාම එනවා

    Pure-black-text.png


    මේ තියෙන්නේ ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී යුස් වෙන සොෆ්ට්වෙයාර්ස් , ප්ලැනින් සහ ලේඅවුට් වලට ගන්නේ මේවා තමයි

    automationBrochure_600x400.jpg


    prepsSoftware_diagram2.jpg

    Kodak Preps ( Specially for Book Planing)

    rsz_ffei_graphic.jpg


    Flexo : Packaging

    layoutScreen.jpg

    Pandora : Planing

    Adobe_CS5.5_Product_Logos.png


    Adobe Suite : For Designing

    හරියට වැඩේ ගැන දන්න උන් කොරල් වල වැඩ කරන්නේ නැහැ , මොකද ඔෆ්සෙට් ප්‍රින්ට් වලදී කොරල් වල කරපු ෆයිල් එකක් සත පහකට සුවර් කරන්න බැහැ , ෆෝ කලර් වලට අමතරව ඉස්පෙෂල් කලර්ස් ගහද්දි අපි කොඩැක් ප්රිනර්ජි වගේ සොෆ්ට් වලින් වැඩේ ට්‍රැප් කරනවා , කොරල් වල කරපු ෆයිල් එකක් ට්‍රැප් කරද්දී කැලි හැලෙන්න ඉඩකඩ තියෙනවා , ඒක නිසා දැන් කොරල් වල වැඩ කරන්නෙම නැති තරම් , තාම කරන උන් ඉන්නවා , උන් එච්චර ප්රින්ටින්ග් ගැන දන්න උන් නෙවි

    trapping1.gif


    ට්‍රැප් කියන දේ අත්‍යවශ්‍යම දෙයක් , ලොකු ප්‍රින්ට් ඔර්ඩර් කරද්දී ට්‍රැප් නැතුව යවල ලක්ෂ ගණන් කෙල වෙච්ච වෙලාවල් තියෙනවා , ඉස්පෙෂල් කලර්ස් දෙකක් අතර සුදු මතු වෙන්නේ නැති කරන්නේ ට්‍රැප් එකෙන්

    උබලට ග්‍රීක් වගේ නම් මගෙන් අහපන් , ප්‍රින්ට් ඇන්ඩ් planing ගැන කියල දෙන්නම්