තෙවසරක අනේක බාධක, අනේක මානසික කඩා වැටීම් ,අනේක කම්කටොලු ,අනේක අත හිඟකම් , අනේක අභියෝගයන් , අනේක වගකීම් මේ සියල්ල මැද්දේ තනි අත් දෙකෙන් හුදෙකලාවූ අඳුරු ගමනක අවසානයේ සූර්යාලෝකයට කෙමින් ලඟා වීමි.
මගේ පරණ ත්‍රෙඩ් එක

මගේ පරණ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1734008[/QUOTE ]
වචනයෙන් හෝ උදව් කරපු සැමට ස්තූතියි.
ඊයේ ප්‍රඩක්ට් එකේ 11 වෙනි සාම්පල් එක අති සාර්ථකව නිෂ්පාදනය වුනා.
දැන් මටත් අමුද්‍රව්‍ය ආනයනය, භාන්ඩ නිෂ්පාදනය, දේශීය වෙළඳපොල සහ අපනයන මේ සියල්ල කැටිවූ අවසානයේ මටම අනන්‍යවූ දේශීය නිෂ්පාදනයක් හිමි ව්‍යාපාරයක සාඩම්බර හිමිකම තියෙනවා.
මහලොකු සංකීර්ණ දෙයක් නෙමේ බන්.ඒත් ඉහල ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක්.
මහා සංකීර්ණ භාන්ඩ හදන්ඩ අපි මහා සල්ලි කාරයෝ නෙමේ. බැරිකම නෙමේ.ඒත් සල්ලි නෑ.එහෙම සංකීර්ණ දේවල් හදන්ඩ අපි එක්ක ඉන්වෙස්ට් කරන්ඩ අපිව කවුද ගණන් ගන්නේ?
කවුරුත් නෑ.
ආණ්ඩුවෙන් ලෝන් එකක් කියලා දෙනවද? නෑ.
![]()
නමුත් අඩු මුදලින් අදාල මොහොතේ වෙළඳපොල අවකාශයේ තියෙන හිස්තැන හඳුනා ගන්නව කියන ලොකු වැලිව් එකක් තියෙන දෙයක් මට හිතෙන හැටියට.
ඉතින් ත්‍රෙඩ් එක දිග වැඩි වුනා.
දැන් ඉතින් ප්‍රඩක්ට් එක සක්සස් හින්ද මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලින් ප්‍රඩක්ෂන් පටන් ගන්නවා.
මුලින්ම හම්බෙන ආදායමෙන් දානයක් දෙන්ඩ හිතන් ඉන්නවා .මුලින්ම මටම කියලා දෙයක් ගන්ඩ හිතන් ඉන්නේ ඇඳුම් ටිකක් .මොකද කියන්ඩ ලැජ්ජ නෑ අවුරුදු 3 කින් මම ඇඳුමක් ගත්තේ නෑ.
ආයෙත් වචනෙකින් හෝ උදව් කරපු එලකිරියේ සැමට ස්තූතියි.![]()

ඒත් ඉහල ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක්.
. බැරිකම නෙමේ.ඒත් සල්ලි නෑ.එහෙම සංකීර්ණ දේවල් හදන්ඩ අපි එක්ක ඉන්වෙස්ට් කරන්ඩ අපිව කවුද ගණන් ගන්නේ?

especially when it has step by step guide 
