ගල්කිස්සේ එකම නෙවේ මෑත කාලේ බොදුබලේ ඇතුළු හැම බලයක්ම කරපු ඒවා ඔක්කොම මම කියන්නේ, බලන මිනිහට බොදුබලේ උනත් රාවනා බලේ උනත් වෙන බලයක් උනත් ඔක්කොම සිවුර දාගත්ත හාමුදුරුවරු විදිහට නෙ පේන්නේ.
ගේමට ගියාම අපිටම කෙළවෙන සීන් එකක් තියෙන්නේ. අන්තිමට ඇත්තටම නීතිවිරෝධීව ඉන්න සෙට් එකක් එක්ක ගේම ඇද්දත් කවුරුත් ගණන් ගන්නේ නැතිවෙයි.
ඔහොම උඩින් පල්ලෙන් හිතන්න එපා මචන්. හැමෝගෙම සිවුර කහ උනාට මෙතන පට්ට ගේමක් තියෙනවා. විරුද්ධ ජාති එක්ක යන ගේමකට වඩා සිංහල-සිංහල දේශපාලන පක්ෂ/පුද්ගලයින්ගෙ අතර යන ගේමකුයි මෙතන යන්නෙ.
උදාහරණයක් කිව්වොත්, උබත් කියපු විදිහට රෝහින්ග්යා අනාථයින්ට හීන් නූලෙන් ගහන්න තියෙන ගේමක් හාමුදුරුවරුයි මහාකළු සිංහළයොයි එකතු වෙලා පිස්සු නටලා වැඩේ ගූ කරලා දැම්මා. හාමුදුරුවන්ව පොලීසි ගෙනියනකොට, මෙන්න චීවරයට සලකන හැටි කියනවා. ඩෑන්ලා වගේ හොර කපුවන්ව හිරෙ දානකොට අන්න ශෙයා කරන්න ගන්නවා සිංහල විර පුතෙක් රට ගැන කතා කරලා හිරේ ගියා කියලා. ඒ අස්සේ ඩෑන් කාටත් හොරා "මල්ලි සල්ලි තමයි ප්රශ්නෙ" කියලා කාටත් හොරෙන් ගෑනිගෙ එකවුන්ට් එකට සල්ලි දම්ම ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සෙ යූන් එන් එකෙන් අනතුරු අඟවනකොට රජයෙන් අනාථයින්ට විශේෂ වරප්රසාද දෙනවා. එතකොට ආයිත් ඒවා පෙන්නලා අර කෑගහපු අය දේශපාලන වාසි ගන්නවා.
එක ගලෙන් කුරුල්ලො කීයද?
1) ඩෑන් සල්ලි හෙව්වා
2) ඩෑන් මෝඩ සිංහළු අතරේ වීරයෙක් උනා
3) හාමුදුරුවරු හිරේ දානවා කියලා අනුකම්පාව දිනාගන්නවා
4) රජය අනාථයින්ගෙ පැත්ත ගත්තා කියලා එතනිනුත් වාසියක් ගන්නවා
තව පොඩි පොඩි වාසි තිබ්බත් ඒවා නොකියා ඉන්නම්කො
දැන් බේරුවල සීන් එකේ අරුන් ගල් ගහල පෙරහැර අවුස්සපු කතා කවුරුත් කියන්නේ නෑ නෙ. දැන් ඒක ඉතිහාසගත වෙලා තියෙන්නේ බෞද්ධ හාමුදුරුවූ සෙට් එකක් මුස්ලිම්වරු ඉන්න පැත්තකට සෙනග එක්ක ගිහින් ගෙවල් ගිනි තිබ්බා මිනිස්සු මැරුවා කියල. කොහෙන් ගියත් සුලුතරේට තමා අනුකම්පාව යන්නේ. මෙතනත් සරණාගත ටැග් එක තියෙද්දී උන් නීති විරෝධිව එතන හිටියත් අනුකම්පාව උන්ට යන්නේ.






