ධර්මය

tharuwamax

Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    අපි අද අහන සහ කියන ධර්මය නිවැරදිම දහමද කියලා කියන්න පුළුවන්ද. අපි ගොඩක් වෙලාවට ධර්මය ඉගෙන ගන්නේ මාධ්‍ය වල බණ කියන හාමුදුරුවන්ගෙන්. ඒ අය එක එක විදියට බණ කියනවා. උදාහරණයක් හැටියට ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ ශ්‍රද්ධාවට, රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ වීර්‍යයට අදාළව, වල්පොල ගෝතම හාමුදුරුවෝ ප්‍රඥාවට අදාළව තව නොයෙක් නොයෙක් හිමිවරු ඒ තමන් ලද දෙයට අදාළව බණ කියන්නේ. එහෙම බලද්දි සමන්තබද්‍ර හාමුදුරුවෝ තවත් අයුරකින් බණ කියනවා. චෝදනා කරනව බනිනවා. ඇත්තටම අපි කවුරු කියන දෙයද පිළිගත යුතු. අපි කවදාවත් ධර්මය සොයා යන්නෑ. අපි කරන්නේ කවුරුහරි කියන දෙයක් අල්ලන් ඒ මතයට කටයුතු කරන එක. සොයා යා යුතු ධර්මය කුම්ක්ද? සොයා ගත යුත්තේ කෙසේද? නිවන් මග ඇහිරිලා තියෙන්නේ එහෙම නොසොයන නිසාම නේද කියලා නිතරම හිතෙන දෙයක්.......
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    යමෙක් ආර්‍යෂ්ඨාංගික මාර්ගය දේශනා කරයිද, යමෙක් රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරන මඟක් දේශනා කරයිද
    එය බුදුන් දෙසූ ධර්මය වේ

    පිරිනිවන් මංචකයේදී බුදුරජානන් වහන්සේගෙන් අහපු ප්‍රශ්ණයකට මට මතක විදිහට එහෙමයි දේශනා කළේ

     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ වීර්‍යයට අදාළව නෙවෙයි අනිත්‍යය
     

    tharuwamax

    Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    යමෙක් ආර්‍යෂ්ඨාංගික මාර්ගය දේශනා කරයිද, යමෙක් රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරන මඟක් දේශනා කරයිද
    එය බුදුන් දෙසූ ධර්මය වේ

    පිරිනිවන් මංචකයේදී බුදුරජානන් වහන්සේගෙන් අහපු ප්‍රශ්ණයකට මට මතක විදිහට එහෙමයි දේශනා කළේ


    ඔව් ඔබ හරි නමුත් නිවැරදි ධර්මය යනු වන්දනාවක්ද පූජාවක්ද මෙතැනින් එහාට ධර්මයක් සොයන්නෑ මිනිස්සු. එතනයි ගැටළුව.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔව් ඔබ හරි නමුත් නිවැරදි ධර්මය යනු වන්දනාවක්ද පූජාවක්ද මෙතැනින් එහාට ධර්මයක් සොයන්නෑ මිනිස්සු. එතනයි ගැටළුව.

    වන්දනාවකුත් නෙවෙයි, පූජාවකුත් නෙවෙයි. බුදුන් දෙසූ මාර්ගයේ යෑම පමණයි. ඒ මාර්ගය තමයි ආර්‍යෂ්ඨාංගික මාර්ගය. එච්චරයි