අපි අද අහන සහ කියන ධර්මය නිවැරදිම දහමද කියලා කියන්න පුළුවන්ද. අපි ගොඩක් වෙලාවට ධර්මය ඉගෙන ගන්නේ මාධ්‍ය වල බණ කියන හාමුදුරුවන්ගෙන්. ඒ අය එක එක විදියට බණ කියනවා. උදාහරණයක් හැටියට ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ ශ්‍රද්ධාවට, රාජගිරියේ අරියඥාන හාමුදුරුවෝ වීර්‍යයට අදාළව, වල්පොල ගෝතම හාමුදුරුවෝ ප්‍රඥාවට අදාළව තව නොයෙක් නොයෙක් හිමිවරු ඒ තමන් ලද දෙයට අදාළව බණ කියන්නේ. එහෙම බලද්දි සමන්තබද්‍ර හාමුදුරුවෝ තවත් අයුරකින් බණ කියනවා. චෝදනා කරනව බනිනවා. ඇත්තටම අපි කවුරු කියන දෙයද පිළිගත යුතු. අපි කවදාවත් ධර්මය සොයා යන්නෑ. අපි කරන්නේ කවුරුහරි කියන දෙයක් අල්ලන් ඒ මතයට කටයුතු කරන එක. සොයා යා යුතු ධර්මය කුම්ක්ද? සොයා ගත යුත්තේ කෙසේද? නිවන් මග ඇහිරිලා තියෙන්නේ එහෙම නොසොයන නිසාම නේද කියලා නිතරම හිතෙන දෙයක්.......