කොරියන් ඉන්දියන් ජරාව පෙන්නලා ලංකාවෙ මිනිස්සුන්ගෙ රසය එක තැන පල් කරලා මොට්ට කරලා වැල යන අතට මැස්ස ගහන වෙනසක් කරන්න, අළුතෙන් හිතන්න, වෙනස් වෙන්න අකමැති චැනල් අතරේ අයිටීඑන් එක රිස්ක් එකක් අරගෙන වැඩේට අත ගහපු එකම ඇතිනෙ බන්. අතගහලා වැඩේ වැරදුනෙත් නෑනේ. වැඩෙත් සාර්ථකයිනෙ බන්. ඉතින් එපා කියපු එවුන්ට රිදෙන්නෙ නැද්ද? නිකමට හිතපන්කො දුප්පත් කොල්ලෙක්ව කෙල්ලෙක් ප්රතික්ශේප කරලා කොල්ලා තැනකට ඇවිල්ලා වෙන කෙල්ලෙක් එක්ක සෙට් උන දාක කොච්චර ජෙලක් අර කලින් එපා කිව්ව කෙල්ලෙක්ට එනවද? ඉතින් එහෙම රිද්දගත්තම, වට්ටන්න හදනවා නැත්නම් මඩක් ගහනවා එහෙමත් බැරි නම් අඩුම ගානෙ තමනුත් සම වෙන්න හරි හදනවනෙ. රිදගන්න හේතුව කොල්ලට හරිගිය එක නෙවෙයි, කලින් තමන් ලඟට ඇවිල්ලා තමන් එපා කියපු නිසා වෙනත් අතක් බලා ගත්තු එක. අපේ මනස හැදිලා තියෙන්නෙ තමන් එපා කිව්වොත් ඒක නැති වෙලා මැරිලා වැලලිලාම යන්න ඕන මතයක ගිලිලයි අපේ සමාජය තියෙන්නෙ.