එක්තරා ප්‍රවින ගායකයෙක් මීට අව්රුදු 30 කට විතර ඉහතදී සිය වාහනය පදවාගෙන යයි.
අනෙක් පස අසුනේ හිදකන සිටින්නේ ඔහුගේ ප්‍රිය බිරිදයි.
පසුපස අසුනේ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකි.
වේලාව රෑ 10 ද පසුවි ඇත. කුඩා අතුරු පාරක ලදු කැලෑව අතරින් වාහනය ඉදිරියට සෙමෙන් ඇදෙයි.
ඈතින් කව්දෝ හුලුඅත්තක් වනමින් තනියම යනු පෙනෙයි.
වෙන කව්රුවත් නොවෙයි. ඒ යන්නේ කුඩා සාමනේර නමකි.
කතානායක ප්‍රවීන ගායකයා සාමනේර හිමියන් අසල වාහනය නතර කරයි.
ගායකයා - ඔබ වහන්සේ කොහෙද වඩින්නේ මේ රෑ?
සාමනේර හිමියන් - අපේ අම්මට අසනීප වෙලා. ඒ නිසා ගෙදර ගියා අම්මව බලලා එන්න. ඒත් රෑට ගෙදර ඉන්න බෑනේ. දැන් පන්සලට වඩිනවා.
ගායකයා - මම ඔබ වහන්සේව පන්සලට වඩම්මන්න ද?
සාමනේර හිමියන් - ඕෙන නෑ පන්සලට තව වැඩි දුරක් නෑ.
සාමනේර හිමියන් ඒ තරම් ප්‍රසිද්ධ ගායකයාව හැදිනුවේද නැ. ගායකයා ඔහුගේ නම කිව්වද සාමනේර හිමියන් හදුනාගත් බවක් පෙන්නුවේ නැත.
මේ සිද්ධිය ගායකයාගේ හිතේ තදින්ම පැළපදියම් විය. අපේ කතා නායක ගායකයාට මේ සිද්ධිය අලලා ගීතයක් ලියා ගැනීමට උවමනා විය. ඔහු ප්‍රියනන්ද විජේසූරිය නම් ගී පද රචකයාට මෙසේ කීය. මෙන්න මෙහෙම සිද්ධියක් උනා. මේ ගැන මට ගීතයක් ලියා ගන්න ඕනේ ඒ ගීතයේ මුල් කොටස ඔබට ඕනෙ විදිහට ලියන්න. හැබැයි අගට තියෙන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්
"මම හතර වරිගයම මේ සංසාරෙන් එතෙර කරන්නම්. ඊට පස්සේ වත් ඇවි අම්මගේ ලගට වෙලා ඉන්නම්. ඒත් අමේමේ එහෙම කරන්නෙ කොහොමද එතකොට අම්මත් සසරෙන් එතෙර වෙලා"
ගීතය ලියැවුනි. ගායකයාම සංගීතයද යෙදුවේය. ඔහු හුදෙක් ගායකයෙක් පමණක් නොවෙයි දැන් සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ කුලපති තුමන්ය.
ගීතය නම් මෙයම විය
බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…