සුන්දර ගීයක ඇරබුම,..

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබ වැඩෙ කරගෙන යමන් මචන්..සි0දුවක් ඔනිම ආකාරයට විග්‍රහ කරන්න පුලුවන්,මට සිතැගී දෙ අනුව,,නමුත් රචකයාට පාදක උන වස්තු බීජය දන්නෙ රචකයා පමනයි,,එක විවිද අය්යුරින් නිර්වචනය කරන්න පුලුවන් :)

    :yes::yes::yes::yes:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සතර වරම් දෙවි මහ රජ ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න... ස්තූතියි.
     

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    අඩෝ ඉරාජ් ගේ ගිනියම් රෑ එකට මුල් උන සීන් එක දන්න එකෙක් ඉන්නවානන් දාපල්ලකෝ..
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ගිගිරි ගීත රාවේ - වික්ටර් රත්නායක

    ගිගිරි ගීත රාවේ
    මලවී හී සරේ...//
    සබඳ අද කිම දෝ...
    බමන ලෝකෙට කෑ ගසා කීවේ...//

    උමතු දෑස රෑ තුන් යාමේ
    යනෙන මේ නුරා අම්බලමේ...//
    හදේ සෝක පීඩා වියැකේ
    හැංගෙන්න මායා සිහිනයේ...

    ගිගිරි ගීත රාවේ...//

    තරිදු තාම නාඹර වයසේ
    රඟනු රංඟ රන් රඟ මඩලේ...//
    කුමුදු යාය මල් බර මොහොතේ
    රොන්ගන්න පෙම් මල් වනපෙතේ...

    ගිගිරි ගීත රාවේ...//


    මේ ගීයට මුල් වුනු කතා වස්තුව සහ එහි අන්තර්ගතය ගැන විමසුමක් කලොත්...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    mema sinduwen kiyawenne rathn sri wijesingha ge athdakeemak.eya marawila paththe nadayekuge gedara gihilla set una tamil kellek gana.swarnawahiniye danna kenek ekata awilla kiwwe.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කීප වතාවක්ම මේ ත්‍රෙඩ් දෙක කියවලා ඉවර කරන්න ට්‍රයි කරා ඒත් තාම බැරි උනා.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එකක් බලලා ඊලග එක හොයනකොට පණ යනවනේ අෆ්ෆා. රොබට් අයියගේ ත්‍රෙඩ් එක කියවන්න ගිහිල්ලත් ඕකම උනා. :dull:

    රොබට් අයියගෙ එකත් බුක් මාක් දාගෙන දවස් දෙක තුනෙන් කියෙව්වා.. ඒකත් පට්ට.. :shocked:
    මේක නම් නිවාඩුවෙ කියවන්න ඕනෙ එකක් නෙ නේද?:)
    හෙමීට කියවමු සහෝ..! :)
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    රීපෝස්ට් නං සමාවෙන්න


    https://youtu.be/giF0om9d1kg


    https://www.youtube.com/watch?v=4bZDnbeDJ18&feature=youtu.be

    https://www.youtube.com/watch?v=QWcDdWcHgRE&feature=youtu.be

    https://www.youtube.com/watch?v=KG6KKwt1uuI&feature=youtu.be
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රොබට් අයියගෙ එකත් බුක් මාක් දාගෙන දවස් දෙක තුනෙන් කියෙව්වා.. ඒකත් පට්ට.. :shocked:
    මේක නම් නිවාඩුවෙ කියවන්න ඕනෙ එකක් නෙ නේද?:)
    හෙමීට කියවමු සහෝ..! :)

    :) ඔව් අෆ්ෆා හෙමීට කියවන්න ඕනේ.
    රොබට් අයියගේ එක නම් දවල් වෙලාවට කියවන්න ඕනේ :P
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    යම් සොයුරෙක් මේ අලහාදජනක ගිතය විචාරණ ලෙසට ඉල්ලා තිබුනා. මේ ගිතයෙන් මතුවන භාවයන් පිලිබදවත් සමහර සොයුරන් ඉගි පළකර තිබුණා.

    සුමුදු ඇතිරිල්ලෙන් පලා එන අසම්මත ප්‍රේමයේ අලහාදය.......

    හෙමින් සැරේ පියා විදා



    හෙමින් සැරේ පියා විදා..//
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

    මලක් නම් එය මලක් උව මැන
    සිනිදු සුකුමල....රුවෙන් සරසන
    විලක් නම් එය විලක් උව මැන
    නීල ඉදුවර ......දියෙන් උපදින

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
    සිනු හඩකින් මහද අමතයි
    මුදා හැරදා...කවුලු සිරියහනේ


    අසම්මත ප්‍රෙමයක අලහාදය මොනවට පෙන්වන ගිත රචනයකි. සුමුසු සයනයක සිනිදු ඇතිරිල්ලෙන් පලා එන මේ සිතුම් කුරුල්ලන් පෙන්වන්නේ රාගයෙන් ලබන, ලැබෙන අලහාදයේ සීමා මායිම් නොපෙනෙන බවය.

    මලක් නම් එය මලක් උව මැන
    සිනිදු සුකුමල....රුවෙන් සරසන
    විලක් නම් එය විලක් උව මැන
    නීල ඉදුවර ......දියෙන් උපදින


    කාන්තාවක ගේ සුකුමාර සිරුරේ ඇති ලාලිත්‍ය ඉතාමත් රාග නිශ්‍රිත වර්ණනාවක් සේ ගෙන එන මේ පද පෙළ බලන්න. ගැහැණිය මලකි. එය මලක් ම විය යුතුය. සිනිදු විය යුතුය. රැවෙන් සපිරුනු එකක් විය යුතුය. ගැහැණිය විලකි. නීල දියෙන් උපදින, නෙලුම් මල් පිපිණු, දුටුවන් මන බදින එකකි. මලකින් සුවද ලබනවා සේ මැ, විලක ජලයෙන් සිසිල ලබනවා සේම පුරුෂයා මේ ගැහැනිය ගේ ලාලිතයවත් සිරුරේ ආශ්වාදය විද ගනී.

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සිහින නිම්නය...සුපුෂ්පිත වෙයි
    සිනු හඩකින් මහද අමතයි
    මුදා හැරදා...කවුලු සිරියහනේ


    ගැහැනියක ගේ සිරුරින් හමන වත්සුනු සුවද සමහර පිරිමින් ගේ රාගාන්විත හැගිම් උද්දිපනය කරන්නකි. එම වත්සුනු සුවදම ඔහු ගේ සිහිනය අවදි කරයි. ඒ සිහිනය නම් ඇය හා යහන්ගත විමය. එම වත්සුනු සුවද ම ඔහුට සිනු හඩකින් අමතයි.ඒ ආමන්ත්‍රනය අතිශය ප්‍රේමාන්විත, රාගික එකකි. ඒ හඩ ඔහුට අමතන්නේ ඔහු පතන දේ සමගය, ඇගේ සිරි යහනේ කවුලු හැරපියමිනි.

    භාෂාව කෙතරම් මටසිලිටි ලෙස රාගාන්විත ප්‍රේමයක මහිමය සේම, ලිංගික එක්විමක ඇති අලහාදය පෙන්විමට යොදා ගත හැකිද යන්නට හොදම උදාහරණයක් ලෙස මේ ගිතය හුවා දක්වනු රිසියෙමි. දැන් රචකයෝ මෙතරම් බුහුටි ලෙස බස හැසිරනොවීම, අහෝ අපේ සවන් කල කවර කර්මයක් පඩිසන් දීමක් දැයි වරක පශ්චත්තාපයක් ද මෙම ගිතය අසන ම සිත තුල ජනිත වේ. ආචාරිය ප්‍රේමසිරි කේමදාසයන් මේ ගිතයට යොදන සංගීතය සහ ආචාර්ය සුනිලා අබේසේකර ගේ උච්ච හඩ මේ ගීයට ගෙන එන ආලෝකය මෙය හෙල ගීත සාහිත්‍ය තුළ සදා දිලෙන එකක් බවට පත්කරයි..........!!

    :shocked::shocked::shocked: