ඔබතුමාල කරන රස්සාව ගැන ප්රශ්නයක් නෑ. ඕනම රස්සාවක් ධාර්මිකව හරියට කරනවානම් ඒකෙ අවුලක් නෑ. ඒත් ඔය කම්පැණි මිනිස්සුන්ගෙ දුර්වලකමින් උපරිම ප්රයෝජන ගන්නවා. policy book එක කියවන්නේ නැතිකම ගැන කිසිම වාදයක් නෑ ගැනුම්කරු වැරදියි. ඒ වගේම හරියට information එකක් දෙන්න බැරි කට්ට කෛරාටික agents ලා පාවිච්චි කරන්නෙත් ඔය කම්පැණි හොදටම දැනගෙන, sales වැඩිකරගන්න. එහෙම නැත්නම් ඔයාල ගාවට Insurance එකක් ඕන වෙලා එන customers ලාට විතරක් විකුනලා මදි නිසානේ. ඉතින් ඔයාලගෙ වගකීම තමයි ඒ agents ලාට හොද training එකක් දීල, උන් වැඩේ කරන හැටි monitor කරන එක. ඒත් හැමෝම බලන්නේ බල්ලො මරලා හරි සල්ලි හොයන්න නිසා ගුණාත්මකබවක් නෑ ඔය කිසිම එකක.
මට policy book එකවත් අඩුම දුන්නේ නෑ. ඒකත් මමයි ඉල්ලගත්තෙ. කාඩ් එකත් sales කරපු එකාම තමයි ගෙනත් දුන්නේ. හෙන වලියක් දාගෙන තමයි සල්ලි ගත්තේ. කරදර වෙන්න බයේ ඕව අත ඇරලා දාන මිනිස්සු පව්.
ආයෙමත් කියන්නේ Insurance, pension plans තනිකරම බොරු වැඩ. ඊට හොදයි සල්ලි ටික fix දානවා.