ඕන දෙයක් ඕන කෙනෙක් කොපි කරනවා බන් ඒක නවත්තන්න බෑ.
වැඩිය ඕන නෑ, ඊයේ පෙරේදා skype එකට Microsoft එකෙන් දාපු update එකේ චැට් feature එකක් තියනවා facebook එකෙන් උස්සපු!
ඉතින් අනිත් උන් ගැන කවර කතාද?
ඕනෑම දෙයක් කොපි කරනවා කියලා දැනගෙන කරපං.
මුලින් ම කරන කෙනා හැම වෙලේම කරන්නේ (බ්ලොග් සම්බන්දවම නෙවේ..) කලින් කෙනෙක් නොකරපු දෙයක් හැමෝටම පේන්න දාන එක.
එතකොට අනිත් උන් කොපි කරන එක නවත්තන්න කොහොමත් බෑ.
දැන් බලපන් කොයි බිස්කට් කම්පැනියද මුලින්ම වෙපස් හැදුවේ? ලෙමන් පෆ් හැදුවේ? මාරි හැදුවේ?
දැන් කවුද ඔය ටික හදන්නේ නැත්තේ?
සමපෝෂ ආවම රන්පොෂ කියලා එකක් ආවේ? දැන් යහපෝෂ ත් තියනවා!
විලි ලජ්ජා නැතිව කොපි කරන එක හැටි ඉතින්...