ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පල්සර් ක්ලබ් වැසියනි,
    හොද මෝටර් සයිකල් ජැකට්ටුවක් ගන්න තැනක් කියනු මැනව:D

    වැස්සට දාන්න නම් රේන්කෝ හරි කඳුරට හරි ජැකට් එකයි ටවුසර් එකයි දෙකම තියෙන එකක් ගනින්.ටිකක් ලොකු ඇඳුම් කඩවල විකුණන්න තියෙනවා.

    උබ කොහේද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පල්සර් ක්ලබ් වැසියනි,
    හොද මෝටර් සයිකල් ජැකට්ටුවක් ගන්න තැනක් කියනු මැනව:D

    ටිකක් තද වැස්සේ ඔය 2 piece සෙට් එකෙන් උඩ ශර්ට් කෑල්ලෙන් වතුර ඇගට ලීක් වෙනවා මචන්. සිපර් එක වහන පොඩි කවර තීරුවෙන් වගේ එන්නේ. ඒක වලක්වන්න අමාරුයි. අලුතින්ම ගත්ත එකක උනත් අර මොරසූරන වැස්සේ ඇගත් තෙමාගෙන එන්න වෙන්නේ. :sorry::(

    Rainco නම් arpico වල තියෙනවා ගන්න.

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පල්සර් ක්ලබ් වැසියනි,
    හොද මෝටර් සයිකල් ජැකට්ටුවක් ගන්න තැනක් කියනු මැනව:D

    රේන්කෝ / කදුරට හොදයිලු...
    මාත් ගන්න ඉන්නෙලු..
    කොලිටිය හොදයිලු..
    බය නැතුව ගන්නලු...
    :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ටිකක් තද වැස්සේ ඔය 2 piece සෙට් එකෙන් උඩ ශර්ට් කෑල්ලෙන් වතුර ඇගට ලීක් වෙනවා මචන්. සිපර් එක වහන පොඩි කවර තීරුවෙන් වගේ එන්නේ. ඒක වලක්වන්න අමාරුයි. අලුතින්ම ගත්ත එකක උනත් අර මොරසූරන වැස්සේ ඇගත් තෙමාගෙන එන්න වෙන්නේ. :sorry::(

    Rainco නම් arpico වල තියෙනවා ගන්න.

    ආහ් මගේ ජැකට් එකෙත් ඔය කේස් එක තියෙනවා.හැබැයි සැර වැස්සක පැය භාගයක් විතර ගියොත් තමා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආහ් මගේ ජැකට් එකෙත් ඔය කේස් එක තියෙනවා.හැබැයි සැර වැස්සක පැය භාගයක් විතර ගියොත් තමා.

    වෙලාවක් කලාවක් නම් දන්නේ නෑ බන්. තෙමෙනවා වැස්සේ නෑවා වගේ වෙන්න. ඒ නිසා මම ශෝර්ටක්, සෙරෙප්පු දෙකක්, ටීශර්ට් එකක් දාගෙන යන්නේ බෑග් එකේ.

    නමුත් ස්කූටි ටයිප් බයික් එකක්නම් මේ තත්වේ ටිකක් අඩු වෙයි. අපේ ඉතින් ඉදගෙනත් යන නිසා ඔඩොක්කුවේත් වතුර රැදෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    වෙලාවක් කලාවක් නම් දන්නේ නෑ බන්. තෙමෙනවා වැස්සේ නෑවා වගේ වෙන්න. ඒ නිසා මම ශෝර්ටක්, සෙරෙප්පු දෙකක්, ටීශර්ට් එකක් දාගෙන යන්නේ බෑග් එකේ.

    නමුත් ස්කූටි ටයිප් බයික් එකක්නම් මේ තත්වේ ටිකක් අඩු වෙයි. අපේ ඉතින් ඉදගෙනත් යන නිසා ඔඩොක්කුවේත් වතුර රැදෙනවා.

    :yes::yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    වෙලාවක් කලාවක් නම් දන්නේ නෑ බන්. තෙමෙනවා වැස්සේ නෑවා වගේ වෙන්න. ඒ නිසා මම ශෝර්ටක්, සෙරෙප්පු දෙකක්, ටීශර්ට් එකක් දාගෙන යන්නේ බෑග් එකේ.

    නමුත් ස්කූටි ටයිප් බයික් එකක්නම් මේ තත්වේ ටිකක් අඩු වෙයි. අපේ ඉතින් ඉදගෙනත් යන නිසා ඔඩොක්කුවේත් වතුර රැදෙනවා.

    අන්න ඒකයි.ඤ වෙන ඕන තැනක් තෙමුනට කමක් නෑ ජොක්ස් තෙමෙන්නේ නැතුව..
    :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අන්න ඒකයි.ඤ වෙන ඕන තැනක් තෙමුනට කමක් නෑ ජොක්ස් තෙමෙන්නේ නැතුව..
    :lol::lol:

    ඔව්වා මොනවද බන්.මම කලින් පාවිච්චි කරපු රේන්කෝ කිට් එකේ කලිසමේ ජොයින්ට් එකෙන් වතුරලීක් වුණා.මහා වැස්සේ මහරගම ඉඳන් පිටකොටුවට යද්දී උනේ.ටික දුරක් යද්දී සෙට් එක සීතල වෙනවා දැනුණා.මොනවා කරන්නද එහෙමම ගිහින් ඇදුම් ඔක්කොම ගලවලා රේන්කොට් එකේ කලිසමයි ෂර්ට් එකයි ඇඳන් ඔෆිස් එකේ හිටියේ දවසම. ඒ මදිවට AC එක නිසා කලිසම ඇඟට ඇලිලා.සෙට් එක ගල්වෙලා :lol::lol::lol:
    ඊට පස්සේ නම් ගෙදරින් යන්න කලින් වැස්ස නම් ෂර්ට් එක ඇඳගෙන ශෝටක් විතරක් ඇඳගෙන ජොකයි කලිසමයි සපත්තු දෙකයි බෑග් එකේ දාගෙන ගිහින් ඔෆිස් එකේදී මාරු කරගන්නවා :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආවා ආවා ආවා

    රේන්කෝට් සහ ජැකට් පිලිබඳ නිල ප්‍රචාරක ලේකම් ආවා

    :lol::lol::lol::lol:

    මමත් මේ දවස්වල ජැකට් එකක් හොයනවා ගන්න.දන්න තැනක් තියෙනවද?
    මේවා නම් $35 ක් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න බෑ බන් 2500- වගේ
    මෙන්න මේ වගේ ඇඟට ගානට වගේ තියෙන මේ වගේ එකක්.කලින් තිබුණ එක විසිකලා

    HTB1PCVvLpXXXXaKXXXXq6xXFXXXz.jpg

    HTB1Z3G9HXXXXXczXVXXq6xXFXXXy.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::lol:

    මමත් මේ දවස්වල ජැකට් එකක් හොයනවා ගන්න.දන්න තැනක් තියෙනවද?
    මේවා නම් $35 ක් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න බෑ බන් 2500- වගේ
    මෙන්න මේ වගේ ඇඟට ගානට වගේ තියෙන මේ වගේ එකක්.කලින් තිබුණ එක විසිකලා

    අපරාදෙනෙ විසි කලේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :lol::lol::lol::lol:

    මමත් මේ දවස්වල ජැකට් එකක් හොයනවා ගන්න.දන්න තැනක් තියෙනවද?
    මේවා නම් ක් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න බෑ බන් 2500- වගේ
    මෙන්න මේ වගේ ඇඟට ගානට වගේ තියෙන මේ වගේ එකක්.කලින් තිබුණ එක විසිකලා

    HTB1Z3G9HXXXXXczXVXXq6xXFXXXy.jpg

    ඇයි බොල විසික් කොලේ ජැකට්ටුව
    ඔය කලු පාට එකනම් පහර බං...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපරාදෙනෙ විසි කලේ

    ඇයි බොල විසික් කොලේ ජැකට්ටුව
    ඔය කලු පාට එකනම් පහර බං...

    කලින් ඇක්සිඩන්ට් එකෙන් ජැකට් එකේ පිට පැත්තේ අත්වල එහෙම damage තිබුණා. ටික දවසක් පාවිච්චි කරන්නේ නැතිව තිබිලා පාවිච්චි කරන්න බලද්දී දාඩිය එහෙම තිබුණ තැන්වල පුස් අල්ලලා පොඩි සත්තු වගේ හැදිලා තිබුණා. හෝදලා පාවිච්චි කරන්නත් අමාරු නිසා විසි කලේ.

    ඔය කළු පාට වගේම එකක් තිබුණේ මගේ ගාව. 2200/- විතර LADY J එකෙන් ගත්තේ.
    ලඟකදී ගිහින් බැලුවා තිබුණේ නෑ.