සුන්දර ගීයක ඇරබුම,..

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මුල ඉදන් අගට මේ ත්‍රෙඩ් එක කියවන තුන් වෙනි පාර.. එච්චරටම ආසයි .. උඩට උඩට
    :love: :love: :love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11.gif

    :):)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්තරා ප්‍රවින ගායකයෙක් මීට අව්රුදු 30 කට විතර ඉහතදී සිය වාහනය පදවාගෙන යයි.
    අනෙක් පස අසුනේ හිදකන සිටින්නේ ඔහුගේ ප්‍රිය බිරිදයි.
    පසුපස අසුනේ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකි.
    වේලාව රෑ 10 ද පසුවි ඇත. කුඩා අතුරු පාරක ලදු කැලෑව අතරින් වාහනය ඉදිරියට සෙමෙන් ඇදෙයි.

    ඈතින් කව්දෝ හුලුඅත්තක් වනමින් තනියම යනු පෙනෙයි.
    වෙන කව්රුවත් නොවෙයි. ඒ යන්නේ කුඩා සාමනේර නමකි.
    කතානායක ප්‍රවීන ගායකයා සාමනේර හිමියන් අසල වාහනය නතර කරයි.

    ගායකයා - ඔබ වහන්සේ කොහෙද වඩින්නේ මේ රෑ?

    සාමනේර හිමියන් - අපේ අම්මට අසනීප වෙලා. ඒ නිසා ගෙදර ගියා අම්මව බලලා එන්න. ඒත් රෑට ගෙදර ඉන්න බෑනේ. දැන් පන්සලට වඩිනවා.

    ගායකයා - මම ඔබ වහන්සේව පන්සලට වඩම්මන්න ද?

    සාමනේර හිමියන් - ඕෙන නෑ පන්සලට තව වැඩි දුරක් නෑ.

    සාමනේර හිමියන් ඒ තරම් ප්‍රසිද්ධ ගායකයාව හැදිනුවේද නැ. ගායකයා ඔහුගේ නම කිව්වද සාමනේර හිමියන් හදුනාගත් බවක් පෙන්නුවේ නැත.

    මේ සිද්ධිය ගායකයාගේ හිතේ තදින්ම පැළපදියම් විය. අපේ කතා නායක ගායකයාට මේ සිද්ධිය අලලා ගීතයක් ලියා ගැනීමට උවමනා විය. ඔහු ප්‍රියනන්ද විජේසූරිය නම් ගී පද රචකයාට මෙසේ කීය. මෙන්න මෙහෙම සිද්ධියක් උනා. මේ ගැන මට ගීතයක් ලියා ගන්න ඕනේ ඒ ගීතයේ මුල් කොටස ඔබට ඕනෙ විදිහට ලියන්න. හැබැයි අගට තියෙන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්

    "මම හතර වරිගයම මේ සංසාරෙන් එතෙර කරන්නම්. ඊට පස්සේ වත් ඇවි අම්මගේ ලගට වෙලා ඉන්නම්. ඒත් අමේමේ එහෙම කරන්නෙ කොහොමද එතකොට අම්මත් සසරෙන් එතෙර වෙලා"

    ගීතය ලියැවුනි. ගායකයාම සංගීතයද යෙදුවේය. ඔහු හුදෙක් ගායකයෙක් පමණක් නොවෙයි දැන් සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ කුලපති තුමන්ය.

    ගීතය නම් මෙයම විය

    බෝ මලුවෙ මල් සුවදක පැටලි
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
    සුපුරුදු උණුසුමකට සිත ඈදි
    ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..
    දං බෝවිටියා කැලේ .. මැදින්..
    එන්න සිතයි නුඹ ලගට සැනින්…




    :love:
     
    • Like
    Reactions: Mr.Tom

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......

    හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........
    කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?
    ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
    ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
    ඒකෙ තිබුනලු
    "හෙට දවසේ..... අපදෙදෙනා.....
    මේ වාගෙම හමු විය යුතුවේ.....
    අද දවසේ.... මවෙත ගෙනා.....
    මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....


    බොහෝ අන්තර්ජාල බ්ලොග් සටහන් වල මෙම ගීතය මත්පැන් ගැන ලියවුන ගීයක් යයි අදහස් පල කර ඇතත් ප්‍රියා සූරියසේන මහතා පවසන අයුරෙන් මෙම ගීතයේ මුලාශ්‍රය වෙනතක්. රචකයා ජීවතුන් අතර නැති හෙයින් සහ අපර පද මත්පැන් හා නොගැළපෙන බැවින්, ප්‍රියා සූරියසේන මහතාගේ කතාව මෙහි සටහන් කෙරේ.
    ප්‍රියා සූරියසේනයන්ට අනුව ඔහු දවසක් ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනකට ගීයක් ලියාගන්න කෙනෙක් සොයමින් සිටියදී, ගුවන්විදුලියේම වැඩකරපු එල්මෝ ප්‍රනාන්දු මහත්මයා සූරියසේනයන්ව ප්‍රේමකීර්තියන්ට හඳුන්වා දී තිබේ. ඒ ගුවන් විදුලියේ පිළිගැනීමේ මේසය ළඟ. එතනදීම ප්‍රේමකීර්තියන් කොළ කෑල්ලක ගීතයේ පළමු පද පේළි හතර ලියා, ඉතුරු කොටස ඊළග දවසේ ලියා දෙන්නම් යයි පොරොන්දු වී ඇත. සූරියසේනයන් ඊළග දිනයේ එකල සිටි නාත්තන්ඩියේ සිට නැවත ගුවන්විදුලියට පැමිණ ඇත. එහිදී නැවත පිළිගැනීමේ මේසය අසලදී ප්‍රේමකීර්තියන් පළමුව ලියු කොලයේම ගී පද සම්පුර්ණ කර සූරියසේනයන්ට ලබා දී ඇත.
    (වැඩිදුර තොරතුරු සඳහා wiki අඩවියට පිවිසෙන්න)

    ගායනය - ප්‍රියා සූරියසේන
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ප්‍රියා සූරියසේන
    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා හද රැදි ආදරයයි
    මගෙ ජීවිතයම නෞකාවක් නම්
    එය ඔබ පැද යන සාගරයයි
    හෙට දවසේ....
    අද සුපිපෙන මල හෙට නොපිපේවී
    ලෝකය දිවයයි වෙනස් වෙලා
    එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්
    ආදරයම මම ඉදිමි බලා
    හෙට දවසේ...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තවත් ජාතික ගීතයක් බඳු මෙම ගීතය රචනා කළේ මහගම සේකර නම් ප්‍රවීණ කලාකරුවාණන් විසින්. ගීතයට සබැඳී අප්‍රසිද්ධ සිදු වීමක්ද පවතී. "1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි."
    (උපුටා ගැනීම: http://mahagamasekera.blogspot.com/20…/…/blog-post_9625.html)
    ගායනය - W.D. අමරදේව
    පද රචනය - මහගම සේකර
    සංගීතය - W.D. අමරදේව
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි ...//
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
    රත්නදීප ජන්ම භූමි ...
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
    රත්නදීප ජන්ම භූමි ...
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැගී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

    රත්නදීප ජන්ම භූමි .
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බොහෝ අන්තර්ජාල බ්ලොග් සටහන් වල මෙම ගීතය මත්පැන් ගැන ලියවුන ගීයක් යයි අදහස් පල කර ඇතත් ප්‍රියා සූරියසේන මහතා පවසන අයුරෙන් මෙම ගීතයේ මුලාශ්‍රය වෙනතක්. රචකයා ජීවතුන් අතර නැති හෙයින් සහ අපර පද මත්පැන් හා නොගැළපෙන බැවින්, ප්‍රියා සූරියසේන මහතාගේ කතාව මෙහි සටහන් කෙරේ.
    ප්‍රියා සූරියසේනයන්ට අනුව ඔහු දවසක් ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනකට ගීයක් ලියාගන්න කෙනෙක් සොයමින් සිටියදී, ගුවන්විදුලියේම වැඩකරපු එල්මෝ ප්‍රනාන්දු මහත්මයා සූරියසේනයන්ව ප්‍රේමකීර්තියන්ට හඳුන්වා දී තිබේ. ඒ ගුවන් විදුලියේ පිළිගැනීමේ මේසය ළඟ. එතනදීම ප්‍රේමකීර්තියන් කොළ කෑල්ලක ගීතයේ පළමු පද පේළි හතර ලියා, ඉතුරු කොටස ඊළග දවසේ ලියා දෙන්නම් යයි පොරොන්දු වී ඇත. සූරියසේනයන් ඊළග දිනයේ එකල සිටි නාත්තන්ඩියේ සිට නැවත ගුවන්විදුලියට පැමිණ ඇත. එහිදී නැවත පිළිගැනීමේ මේසය අසලදී ප්‍රේමකීර්තියන් පළමුව ලියු කොලයේම ගී පද සම්පුර්ණ කර සූරියසේනයන්ට ලබා දී ඇත.
    (වැඩිදුර තොරතුරු සඳහා wiki අඩවියට පිවිසෙන්න)

    ගායනය - ප්‍රියා සූරියසේන
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ප්‍රියා සූරියසේන
    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා හද රැදි ආදරයයි
    මගෙ ජීවිතයම නෞකාවක් නම්
    එය ඔබ පැද යන සාගරයයි
    හෙට දවසේ....
    අද සුපිපෙන මල හෙට නොපිපේවී
    ලෝකය දිවයයි වෙනස් වෙලා
    එලෙස වෙනස්‍වන ලොවෙහි අළුත්වන්
    ආදරයම මම ඉදිමි බලා
    හෙට දවසේ...[/COLOR][/SIZE]

    comment...deleted.. 👍👍👍👍
     
    Last edited: