නෑ මචං. Bad boys ලට විතරක් කෙල්ලො සෙට් වෙනව කියන අදහස නෙමෙයි මෙතන මං කිව්වෙ. අපිට පේන්නෙ ඒ විදිහටයි. Bad boys උනත් Good boys උනත්... රාගය පහල වීම කාටත් එකයි. ඒ පහල වන රාගය සපුරා ගන්න කරන වැඩ පිළිවෙල විතරයි මෙතන වෙනස් වෙන්නෙ එකිනෙකාගෙන්.
මේකට සරලව දෙයක් කියන්නද...? අපිට හිතෙනව නේද... Bad boys ලා ට හොඳ දේවල් සිද්ධ වෙනව, Good boys ලා ට නරක දේවල් සිද්ධ වෙනව කියල. ඔතන මෙහෙම දෙයක් තියෙනව. Bad boys ලා බලාපොරොත්තු වෙන් නැහැ එයාලට හොඳ දේවල් සිද්ධ වෙන්න කියල. නමුත් Good boys ලා හැමතිස්සෙම බලාපොරොත්තුවෙන් ඉන්නව එයාලට හොඳ දේවල් ම සිද්ධ වෙන්නත් නරක දේවල් වෙන්න එපා කියලත්. අපි බලාපොරොත්තු පොදි බඳින තරමට සිතේ දෙගිඩියාව වැඩි වෙනව මිසක් අඩු වෙන් නැහැ.
හැබැයි Good boys කිව්වම එතන තියෙනව "නරක දේවල් කරන් නැති.. කාටවත් කරදරයක් නැති.. අහිංසක.. " කියන අදහසක්. එහෙමයි කියල එහෙම නොවී තියෙන්නෙ නැහැ. ඒ අයට තියෙනව අනිත් අයට වඩා හිත ඇතුලෙ ගැටුමක්. "මම මේක කලොත් හොඳයි ද?", "මම මේක කරන්න ගියොත් කරදරයක් වෙයිද?", "මම ගෑණු ළමයි පස්සෙ යන එක එයාලාට කරදරයක් ද?" ඔය වගේ තව ගොඩක් දේවල් ගැන ලොකු ගැටුම් හිතේ තියෙනව. මොකද good boys කියන අයට ක්ෂණිකව මේ ගැටුම් කාරී සිතිවිලි වලින් එහාට ක්‍රියාත්මක වෙන්න පොඩි දෙගිඩියාවක් හිතේ තියෙනව.
අන්න ඒ දෙගිඩියාව නැති ඕනෙම කෙනෙක්ට කෙල්ලො සෙට් කරගන්න එක අමුතු දෙයක් වෙන් නැහැ. ඒකට good boys, bad boys කියන එක අදාල වෙන් නැහැ මචං. Bad boys කියන එකට අපි හිතන්නෙ "මෙලෝ රහක් නැති, කොයි වෙලෙත් නරක වැඩ වලට යොමු වෙච්චි, හැදියාවක් නැති, චාරයක් නැති, බොන්න පුරුදු වෙච්චි, පෙනුමක් නැති, සමාජයේ හැසිරෙන්න දන් නැති" වගේ දෙයක්නෙ. ඒක එක එක්කෙනා හිතන විදිහ.
වැදගත්ම දේ තමයි good boys ලා ටත් රාගය අනිත් හැමෝටම වගේ තියෙනව. එයාලටත් අවශ්‍යතාවයන් ඇතිවෙනව. නමුත් ඒක එලියට පෙන්නන්න යන්නෙ නැහැ අනිත් අය වගේ. ඒක හිත ඇතුලෙ තියාගෙන ඉන්නව ඒක එලියට පෙන්නුවොත් තමාව අවතක්සේරුවට ලක්වෙයි නැත්තං විහිලුවට ලක්වෙයි, මේ වෙනකොට සමාජය ඇතුලෙ තමන්ගේ හොඳ ප්‍රතිරූපයට හානියක් වෙයි වගේ හිතල. Bad boys ලා ගෙ හිත් ඇතුලෙ ඒ වගේ නෙමෙයි. ලැජ්ජා බය දෙගිඩියාව කියන එක ඒගොල්ලො ඇතුලෙ නැහැ. ඒක නිසාම රාගයට ඇලෙන්න බය නැහැ. කෙල්ලො සෙට් කරගන්න බය නැහැ. එච්චරයි. අන්න ඒකයි මං කිව්වෙ "අවබෝධයේ යුද්ධය හිතේ නැති අයට ඒ සේරම සාමාන්‍ය දේවල්" කියල.
හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය කියන්නෙ මේ තත්වය තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න හිත ඇතුලෙන් දරන උත්සාහය. ඒ තේරුම් ගන්න දරන උත්සාහයම යුද්ධයක් මචං.
ටිකක් කල්පනා කරන්නකො මේ ප්‍රශ්නේ පටන් ගන්නෙම රාගය නිසාමනෙ. රාගය එපා කියනව නෙමෙයි. නමුත් ඒක නිසා අපිව පාලනය වෙන බව අපි දන්නෙත් නැහැ. මේක ගින්නක්. ඒක ඇවිලෙනතාක් කල්, ඒ ගින්නට අපේ ඇලීම තියෙන තාක් කල්, ඒක අපිට විඳින්න නොලැබෙද්දි, අපි ඒකට සාධාරණත්වයක් බලාපොරොත්තු වෙනව. ඒක තමා රාගයේ හැටි.