.මාත් පාස් සාමාන්‍ය පෙල විතරයි. උසස් පෙළ කලේ නෑ. උඹ ඇයි උඹව පහත් කරල මනින්නේ. එතනයි වැරැද්ද තියෙන්නෙ. කවදාවත් තමන්ව පහත්කරල හිතන්න එපා. උඹ ගෙදරම ඉන්න එපා. අහල පහල කොල්ලො එක්ක කතා කරහං උන් එක්ක වල්පල් කතා කරද්දී නිකම්ම ඔය ගතිය නැති වෙලා යනව. මං බෝක්කුවක් බෝක්කුවක් ගානේ වල ගහපං කියන්නෑ ඒත් එහෙම නොවී ඉන්න එකත් කොලු කමට කරන අපරාදයක්. මිනිස්සු එක්ක කතා කරහං උන් කරල තියන අමන වැඩ අරව මේව ඔක්කොම කතා කරහං. එලකිරියටම වෙලා ඉන්න එපා එහෙම හිටියොත් nerd කෙනෙක් වෙයි මේක හදපු GTRZ පවා ගානට තමයි ඉන්නේ. බලහං ගෙදර එලියෙ කොල්ලො මොනවද කරන්නෙ කියල. මං නම් චුට්ටක් වත් ජාතිවාද නෑ. මගේ යාලුවො ඉන්නව කතෝලික, මුස්ලිම්,දෙමල. උන් එක්ක මං එකා වගේ ඉන්නේ මං බෞද්ධ කියල උන් බලන්නෙත් නෑ උන් කතෝලික කියල මං බලන්නෙත් නෑ. එකට අමන වැඩ කරල එකට ඉන්න උන්. මට උන දේවල් උනා නම් උඹ මෙලහලට කළුගඟට පැනල හරි මැරිලා. ගමේ මං චාටර්ම වෙලා තියනව. මේකේ ඉන්න උන් මාව දන්න බලන කෝණයෙන්මයි ගමේ උන් මාව බලන්නෙත්. මං උන් ලඟ උපාසක මුහුනක් පෙන්න ගෙන නෑ. තව එලකිරියෙ සීන් එකක් හින්දම ගමෙත් නෝන්ඩි වෙලා තියනව. මට එක එක නම් පට බැන්දා පිටිපස්සෙන් නම් කියල අහක බලනව එක එක විදියට් මාව ගමෙ සමහර උන් නෝන්ඩි කලා පස්සෙ උන්ම මාත් එක්ක ෆිට් උනා. එහෙම උනා කියල මං මැරෙන්න ගියෙ නෑ. මැරෙන්නෙත් නෑ එහෙම. කවදාවත් අනුන් අපි ගැන මොනව හිතයිද කියල බය විවී අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න එපා. ඕන කජ්ජක් කියල තමන්වෙනුවෙන් ජීවත් වෙයං උඹව ඕන කරන අය උඹලඟ ඉතුරු වෙයි. බොරු උන් උඹව දාල යයි. එහෙම උන් ඕනිත් නෑ. මං මේ කියන්න හදන්නෙ කවදාවත් මැරෙන්න එපා හිතල. මරනෙ අපිව හොයාගෙන එනකං හිටපං. උඹ මට වඩා ගොඩක් ඉගෙන ගෙන තියනව. ගොඩක් හොඳ අනාගතයක් උඹට තියනව.