අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කුමක්ද කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද.
එදිනෙදා වැඩකටයුතු කරන ගමන් "අනිත්‍ය සංඥාව" වඩන්නේ කොහොමද ?
පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
අනිත්‍ය සංඥාව වඩන අය කරනවා ඇත්තේ: හැම දෙයක්ම අනිත්‍යයි, ස්ථිර නැහැ. සැප -දුක, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ල අනිත්‍යයි, ඇතිවෙනවා නැතිවෙනවා, විනාශ වනවා. ඒ නිසා ඒ ගැන මෙනෙහි කරලා කල කිරෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ එලකිරියෙ කට්ටිියක් කියන්නේ. එහෙම අනිත්‍යයි කියා දැන දැන උනුත් කසාද බදිනවා, සබ්ජෙක්ට් එක දානවා, සීංදු අහනවා, කාර් ගෙවල් ගන්නවා, පින් කරලා දිව්‍යලෝක පතනවා. අන්තිමට අනාත්මයි ආත්මයක් නැහැ කියලත් කියනවා.
අනිච්ච සංඥාව වඩන අය- මේ ලෝකෙ කිසිම ආශ්වාදයක් ඇත්තටම අපිට විදින්න බැහැ යන්න ප්‍රායෝගිකවම දැන ගන්නවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ලෙන්ම අපි විදින ආශ්වාද හිතේ හදාගත් සංකල්පයක් පමණක් බව දැන ගන්නවා. ඉන් පසු මේ හිතං චූන් වෙන එකට එහෙම නැත්නම් ආශ්වාද විදින්න බොරුවට පට්ට දුකක් විදින බවත්, එය අසාර හෙවත් අනත්ථ වැඩක් බවත් මෙනෙහි කරනවා. ඒ අය තම අවබෝධ මට්ටම අනුව බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ කෙරෙහි ඇති කෙලෙස් අඩු කරනවා.
10. සඞ්ගීති සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » පාථික වර්ගය » 10. සඞ්ගීති සූත්‍රය
විමුක්තිපාරිපචනීය (රහත් බව මුහුකුරුවන) සංඥා පසෙක: අනිත්‍ය සංඥාව (අනිත්‍යානුදර්ශන ඥානයෙහි උපන් සංඥාව) අනිත්‍යයෙහි දුඃඛසංඥාව (අනිත්‍ය දැය දුක් වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) දුකෙහි අනාත්මසංඥාව (දුක් වූ දැය අනාත්ම වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) ප්‍රහාණසංඥාව (කෙලෙසුන් ප්‍රහීණ කිරීම පුන පුනා දක්නා නුවණෙහි උපන් සංඥාව), විරාග සංඥාව (පංචවිධ විරාගය ම අරමුණු කොට උපන් සංඥාව).
...
1.2.5.10. අනිච්‌චසඤ්‌ඤා සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » පුප්‌ඵ වර්ගය
මහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහ වූ වලාකුළු ඇති කල්හි හිර අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා දිලියෙන්නේ වේ ද, බබළන්නේ වේ ද, වෙසෙසින් බබළන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම වඩනා ලද බහුල කරණ ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.
9.1.2.10. වේලාම සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » නවක නිපාතය » 2. සීහනාද වර්ගය
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.