ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් පš

    මම ඊයෙ මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා ලයිසන් එක රිනිව් කරගන්න එක ගැන අහලා..
    ඉතිං අද මම ගිහිල්ලා කරගත්තා..
    ලයිසන් රිනිව් කරගන්න ඉන්න අයට උදව්වක් වෙන්න කියලා මම විස්තර දාන්න හිතුවා..
    ඉස්සෙල්ලම කියන්න ඕන මම කරගත්තේ ගම්පහින්.. ඒ කියන්නේ වන්ඩේ සර්විස් නැහැ..
    මම දන්න තරමට වේරහැර විතරයි වන්ඩේ සර්විස් තියෙන්නේ..
    ඔන්න එහෙනම් පටන් ගමු..
    මම ගත්තේ සැහැල්ලු වාහන, බර වාහන වලටත් මේ ටිකම තමයි..
    දැන් ලයිසන් රිනිව් කරන කොට මෙඩිකල් ඕන.. මම කලින් කරද්දි නම් ඕන නැහැ..
    ඉස්සෙල්ලම මෙඩිකල් එක කරන්න ගියා ගම්පහ මිරිස්වත්ත පාරේ පෙට්‍රල් ශෙඩ් එක ඉස්සරහ තියෙන
    ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයට (National Transport Medical Institute) එකට..
    Gampaha Branch
    No.237, Colombo Road
    Gampaha
    Tel: 033-2248861
    මෙන්න මැප් එක
    https://www.google.lk/maps/place/Na...b8b452b387!8m2!3d7.0838778!4d80.0094504?hl=en

    ii80u4

    ii8241

    යද්දි අරගෙන යන්න ඕන දේවල්..
    ලයිසන් එක..
    ලයිසන් එක නැති වෙලා නම් මාස් 6ක් ඇතුලත ගත්ත පොලිස් රිපෝට් එකක්..
    අයිඩෙන්ටි කාඩ් එක හරි වලංගු පාස්පෝට් එක හරි.. (පැහැදිලි වෙන්න ඕන)
    පෑනක් අනිවාර්යෙන් ගෙනියන්න
    (කකුල් උඩට නමන්න පුළුවන් කලිසමක්, අත් නවන්න පුළුවන්, පපුව පේන්න උස්සන්න පුළුවන් උඩ ඇදුමක් ඇදන් යන්න

    ඉස්සෙලම ඇතුලට යද්දි තියෙන ටේබල් එකෙන් ෆෝම් එක ඉල්ල ගන්න. නොමිලේ දෙන්නේ.
    සුලු දේවල් විතරයි පුරවන්න තියෙන්නේ..
    ඊටපස්සේ යන්න ඇතුලේ ඉන්න මිස් ගාවට.. එයා ෆෝම් එක අරගෙන ෆොටෝ ගහලා අපිට කොලේ
    දෙනවා සල්ලි ගෙවන්න..
    කැශියර් ගාවට ගිහිල්ලා සල්ලි ගෙවලා රිසිට් එක ගන්න.. රු. 800/= යන්නේ..
    ඊට පස්සේ යන්න ලේ චෙක් කරන පෝලිමට.. සිරින්ජර් එකකින් ඇගිල්ල කෙලවර හිල් කරලා ගන්නේ..
    ඊට පස්සේ කලිසමේ කකුල් නමා ගෙන නම් කතාකරාම යන්න ඩොක්ටර් ගාවට.. 10-20 සෙට් තමා ගන්නේ..
    එතනදි ප්‍රෙශර් චෙක් කරනවා, ඇස් පෙනීම බලනවා, පොඩි සරඹ ටිකක් කරනවා ෆිට්නස් බලන්න, එච්චරයි.. ඊට පස්සේ අපිට එලියෙන් අපේ මෙඩිකල් රිපෝට් එක දෙනවා..
    මේ මම කියපු හැම දේකටම අඩුමගානේ විනාඩි 15ක්වත් යනවා..
    ඒක තීරණය වෙන්නේ ඉන්න කට්ටිය අනුව..
    ඔන්න ඉතින් මෙඩිකල් කතන්දරේ ඉවරයි..
    දැන් ලයිසන් රිනිව් කරන්න තියෙන්නේ.. ඒක කරගන්න වෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙන්..
    මෙන්න මැප් එක
    https://www.google.lk/maps/place/Di...3d5ea10612d9!8m2!3d7.0852952!4d80.01152?hl=en

    ii841p

    අපි මෙඩිකල් ගත්ත තැන ඉස්සරහමයි තියෙන්නේ.. මීටර් 25ක්වත් නැහැ..
    ඒක ඇතුලට ගිහිල්ලා දේශන ශාලාව කියන තැනින් ටෝකන් එකක් ගන්න ඕන..
    ඊටපස්සේ ඒක එක්ක අපේ ඩොකියුමන්ට් 2 කවුන්ටරේට දුන්නම එයාලා රිසිට් එකක් දෙනවා
    සල්ලි ගෙවලා එන්න.. ගාන 1700/= ගෙවන්න තියෙන්නේ ලේකම් කාර්යාල බිමේම තියෙන
    ලංකා බැංකුවට... ඊටපස්සේ ඒ දෙන කහපාට රිසිට් එකත් අරගෙන ඇවිල්ලා දෙවනි තට්ටුවට යන්න ඕන..
    ඒකෙ 4 වෙනි කවුන්ටරේට රිසිට් එකයි අපේ ඩොක්ස් දුන්නම අපේ ෆොටෝ ගන්නවා..
    ඇඟිලි සලකුණු ගන්නවා, ඩිජිටල් සයින් එකක් ගන්නවා..
    මේවා කරගෙන අපිට ෆෝම් එකක් දෙනවා..
    අපිට ලයිසන් එකේ කාඩ් එක ලැබෙන්නේ තැපෑලෙන්නේ.. ෆෝම් එකේ තියෙන ලිපිනේ
    අපිට කාඩ් එක ගෙන්න ගන්න ඕන ලිපිනෙ නෙමෙයි නම් අපිට ඕන ලිපිනේ ලියන්න..
    ෆෝන් නම්බර් එක දාලා ඩේට් එක දාලා සයින් කරලා 5 කවුන්ටර් එකට ඩොක්ස් ටික
    බාරදෙන්න.. එතනින් ඩොක්ස් ස්කෑන් කරලා අපේ පරණ ලයිසන් එක පන්ච් කරලා
    අර කොලේ ආපහු දෙනවා..
    ඒකත් අරන් යන්න ඕන 6 කවුන්ටරේට.. (සූරපප්පා එකේ 668 අවසර පත්‍රේ මතක් උනා බං එතන ඉන්න කොට)
    එතෙන්ට දුන්නම උන් අපිට දෙනවා අපේ ටෙම්පරි කොලේ..
    ඔන්න ඉතිං වැඩේ ඉවරයි..
    මේකෙ ලියලා තිබ්බ හැම වැඩකටම අඩුම විනාඩි 20ක්වත් යනවා.. සෙනග මත තීරනය වෙන්නේ..
    රාජ්‍ය ආයතනයක් විදියට බැලුවම සේවය හොදයි.. ඒත් හොයාගන්න නම් හරිම අමාරුයි
    කෙනෙක්ගෙන් අහන්නේ නැතුව..
    මේ විස්තරය අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල වලටත් අදාලයි..
    මාසෙකින් විතර ගෙදරට එයි කිව්වා තැපෑලෙන්..

    එහෙනම් ඔන්න ගිහිල්ලා ආපු ගමන් මහන්සි බලන්නෙත් නැතුව ටයිප් කරා..
    කාට හරි වැඩක් වෙයි කියලා හිතනවා..
    එහෙනම් ජය..

    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පාස්පෝට් එක වගේ අරන් යනවනම් හදුනාගැනීමේ බලපත්‍රය හැටියට, අනිවා ෆොටෝකොපියක් අරන් යමන්. උන්ගේ මැෂින් එකට දාන්න බැ පාස්පෝට් එක පිටින්. එක ස්කෑන් කරන්න බැ. ෆොටෝකොපි එක ගන්න ආයේ හන්දියටම එන්න වෙයි නැතිනම්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පාස්පෝට් එක වගේ අරන් යනවනම් හදුනාගැනීමේ බලපත්‍රය හැටියට, අනිවා ෆොටෝකොපියක් අරන් යමන්. උන්ගේ මැෂින් එකට දාන්න බැ පාස්පෝට් එක පිටින්. එක ස්කෑන් කරන්න බැ. ෆොටෝකොපි එක ගන්න ආයේ හන්දියටම එන්න වෙයි නැතිනම්.

    අනිවා මචං..
    මෙන්න මට මිස් වෙච්ච එකක්..
    පාස්පෝට් එකේ හරි අයිඩෙන්ටි කාඩ් එකේ හරි කොපියක් ගෙනියන්න..
    මොකද එයාලා ගාව තියෙන ස්කෑනර් එක ෆීඩර් ටයිප් එකක්..
    ප්ලැට් බෙඩ් එකක් නෙමෙයි..
    ආයේ කොපි ගහන්න පාරටම එන්න වෙනවා නැත්නම්..

    • Like
    Reactions: dilshanjvc

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
    ඒකෙ expiry date එකක් නෑ නේ
    ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
    ඒකෙ expiry date එකක් නෑ නේ
    ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ

    පොලීසිය නම් කියන්නේ අලුත් එකට යන්න කියලා..
    මොකද ඒක චිප් එක තියෙන එක..
    බ්ල්ඩ් ගෲප්, ෆින්ගර් ප්‍රින්ට්ස් ඔක්කොම තියෙනවා..
    ඕකෙ නම් හැබැයි එක්පයරි ඩේට් එකක් නැහැ..

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
    ඒකෙ expiry date එකක් නෑ නේ
    ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ
    ඕක අරන් පලයන්. මම දන්නා හාදයෙකුත් ලොකු ටෝක් දිදී ඉදලා උගේ එක එක්ස්පයර් නැ කියලා අන්තිමට එක මැකිලා ගිහින් අලුත් එකක් ගන්න ගියාම අවුරුදු ගානට දඩ දීලා තිබ්බා.
     
    11.gif
     
    • Like
    Reactions: Radical78

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
    ඒකෙ expiry date එකක් නෑ නේ
    ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ

    එපා එපා. ඕක හොදට පැහැදිළිව තියෙනවනම් මොකුත් කරන්න එපා. පොලිසිය බලල එක එක ඒවා කියයි. ගණන් ගන්න එපා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid

    පොලීසිය නම් කියන්නේ අලුත් එකට යන්න කියලා..
    මොකද ඒක චිප් එක තියෙන එක..
    බ්ල්ඩ් ගෲප්, ෆින්ගර් ප්‍රින්ට්ස් ඔක්කොම තියෙනවා..
    ඕකෙ නම් හැබැයි එක්පයරි ඩේට් එකක් නැහැ..

    ඕක අරන් පලයන්. මම දන්නා හාදයෙකුත් ලොකු ටෝක් දිදී ඉදලා උගේ එක එක්ස්පයර් නැ කියලා අන්තිමට එක මැකිලා ගිහින් අලුත් එකක් ගන්න ගියාම අවුරුදු ගානට දඩ දීලා තිබ්බා.

    එපා එපා. ඕක හොදට පැහැදිළිව තියෙනවනම් මොකුත් කරන්න එපා. පොලිසිය බලල එක එක ඒවා කියයි. ගණන් ගන්න එපා

    හොඳට පැහැදිලිව තියෙනවා බන්
    පොලිසියෙනුත් මොකුත් කිව්වේ නෑ
    ඔව්ව expire වෙන ගානේ අලුත් කරන්න යන එක මල වදයක්නෙ බන්
    සුදුපාටට තිබ්බ කාඩ් එක නම් යන්තම් කහ වෙලා
    මොකුත් මැකිලා නම් නෑ
     
    • Like
    Reactions: tilvin-silva

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    The Motor Traffic Department today requested persons with old driving licence to obtain the new ones with biometric details of the holder such as the blood group and organ donations.

    Deputy Commissioner of the department Anuradha Wijekoon said old driving licence issued by the department had a tendency to fade and get discoloured very quickly and those problems had been rectified in the new licence.

    However, he said that it is not compulsory but requested the general public to come and make use of this opportunity, to obtain a new driving licence as it would be of immense help at a case of emergency.
    :yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    පරණ ලයිසන් තියෙන උන් පරිස්සමෙන් පාවිච්චි කරහල්ල පේනවනේ ඔව්ව renew කරන්න ගිහාම කන්න වෙන කට්ට
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හොඳට පැහැදිලිව තියෙනවා බන්
    පොලිසියෙනුත් මොකුත් කිව්වේ නෑ
    ඔව්ව expire වෙන ගානේ අලුත් කරන්න යන එක මල වදයක්නෙ බන්
    සුදුපාටට තිබ්බ කාඩ් එක නම් යන්තම් කහ වෙලා
    මොකුත් මැකිලා නම් නෑ
    එහෙනං අවුලක් නෑ. පුළුවන්තරම් පරිස්සම් කරපන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    The Motor Traffic Department today requested persons with old driving licence to obtain the new ones with biometric details of the holder such as the blood group and organ donations.

    Deputy Commissioner of the department Anuradha Wijekoon said old driving licence issued by the department had a tendency to fade and get discoloured very quickly and those problems had been rectified in the new licence.

    However, he said that it is not compulsory but requested the general public to come and make use of this opportunity, to obtain a new driving licence as it would be of immense help at a case of emergency.
    :yes::yes:

    එහෙනම් අවුලක් නැහැනේ උඹට..
    මගෙත් තිබ්බෙ පරන එකක් කලින්..
    2007 විතර පොලිස් කාරයෙක් අරගෙන මූ සක්කුවේ දාලද කොහෙද
    කෑලිවලට කැඩුනා..
    ලැමිනේට් කරලත් තිබ්බේ නැහැ..
    පස්සේ අලුත් එක ගත්තා 2008 දි..
    මේ ඒක තමයි අද අවුරුදු 10කින් එක්පයර් වෙලා රිනිව් කරේ..

    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Etakota alut license eka gedarata enakan parana punch karapu license ekada use karanna wenne ?