ඇත්තටම උබේ කතාව නම් උපරිම වටිනව සහෝ.. කොල්ලො යන්නෙ නම් අනිව බඩු ගහන්න. අනේ මන්ද??
mcn man malasiya walidi oya wage deyak wuna ehe inne thai kalakgen man blow job kare condom danne natuwa eka ehemama wuna man gahuwe condom dala mata dan patta bayayi gihin masa 2k wage tama wenne
ඔබ ගේ පෝස්ට් එක ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක් . 1990 දශකයේ පමණ මෙල්බර්න් වල සර්ජන් කෙනෙක් තමන්ගේම දුවට කල ශල්‍යකර්මයකදී තමන්ගේම ලේ දුවට ලබාදීමට උත්සාහ කලත් මෙරටේ නීතිය අනුව එසේ කල නොහැකි බව දන්වා ලේ බැංකුවෙන් ලේ ලබාගෙන තිබුනා . සති කිහිපයකින් ඒ ලේ දන් දුන් තැනැත්තිය HIV පොසිටිව් බව දැනගත්තා පමණක් නොව අර අහිංසක ලමයාටත් ලෙඩේ හදුනා . ඒ කාන්තාව දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදී මෙල්බර්න් ඇවිත් තිබුනේ ලේ දන් දෙන්න දින කිහිපයකට පෙරදීයි. ඇය දකුණු අප්‍රිකාවේදී ලිංගිකව හැසිරීමේදී මෙය ආසාදනය වී ඇති බවත් ඔබගේ පෝස්ට් එකේ කියා ඇති පරිදි පළමු පරීක්ෂාව නෙගටිව් වුවත් සති කිහිපයකින් කල පරීක්ෂාව පොසිටිව් වුවා පමණක් නොව කොහෙවත් සිටිය කිසිම වරදක් නොකළ අහිංසක ළමයෙකුගේ මුළු ජීවිතයම විනාශ උනා
පෝරිසාදයා;23085808 said:මසාජ් අවුලක් නැද්දෝ
බැංකොක් යමුද , බඩුවක් ගහමුද ? අපේ අයියලා බැංකොක් යනවනේ. බඩුත් ගහනවනේ. එහෙනම් මේක කියවන්න.
![]()
අහ බැංකොක්. පට්ටනේ. ඇත්තෙන්ම කියනවනම් තායිලන්තයේ බැංකොක් කියන්නේ සුපිරි සුර පුරයකි. ඉලෙක්ට්‍රොනික උපකරණ , ඇඳුම් පැළදුම් , පාවහන් , ජුවලරි අයිටම්ස් , සුපිරි වෙළඳ සංකීර්ණ. රාත්‍රී සමාජ ශාලා , විස්කි , බ්‍රැන්ඩි සහ සුරූපී ළඳුන්ගෙන් සපිරි නගරයකි. සැබවින්ම කියනවනම් පට්ටම පට්ට ආතල් ගන්න පුළුවන් නගරයකි. ඒ පට්ට ආතල් අතර තමාගේ මුළු ජිවිතයම අවශ්‍යනම් තත්පර කිහිපයක් ඇතුල උවද විනාශ කොට ගත හැකිය. ඒ ලස්සන සුරූපී තායි ලඳුන් සමග යහන් ගත වීමෙනි. මම ද බැංකොක් වෙත කිහිප වරක්ම සංචාරය කොට ඇත්තෙමි. මේ සියලුම දෑ මාද කර ඇති අතර නොකොට ඇත්තේ බඩුගැසීම පමණකි.
පසුගිය දිනක මාගේ හිතවත් මෙන්ම ලඟින් ආශ්‍රය කරන ඔෆිස් මිත්‍රයකු විසින් මට අත් ඔරලෝසුවක් තෑගී කළේය. " මචන් මෙන්න උබට පොඩි ගිෆ්ට් එකක්. මචන් මම ගිය සතියේ බැංකොක් ගියා. එහෙදි තමයි ඔය වොච් එක ගත්තේ. එහෙ ගොඩක් දේවල් පට්ට ලාබයි බන්. එවිට මා " කවුද මචන් වෙන ගියේ. " කියා මා ඇසුවෙමි. අපේ ගමේ යාලුවෝ සෙට් එකක් බන්. කොල්ලෝ 4 ගියා. " ඔහුගේ සංචාරය ගැන අල්ලාප සල්ලාපයේ යෙදෙන අතර ඌ එක පාරටම මෙහෙම කියනවා " මචන් පට්ට කෑලිනේ බන් ඉන්නේ බැංකොක් වල. පතායා පට්ට. මමත් කෑලි 2 ගැහුවා හිටපු දවස් තුනට. උන් පුදුම සැපක් බන් දෙන්නේ. ලංකාවේ හු**යෝ වගේ නොවෙයි. උබ දනන්වද එහෙ බඩු ගහන පොට් ලීගල්. හැම බඩු පොට් එකකම කෙල්ලගේ ප්‍රොෆයිල් එකට අදාලව HIV චෙක් කරපු ටෙස්ට් රිසල්ට්ස් ෂිට් එකක් අලවලා තියනවා. ඉතින් බය නැතුව හිතේ හැටියට බඩුවක් ගහලා සැපක් ගන්න පුළුවන්. දැන් යාලුවා තොර තෝංචියක් නැතුව කියවන යයි.
මට බැංකොක් ගැන කියවන්න දෙයක් නැත. බැංකොක් වල ඉහේ කෙස් ගානට ගොස් ඇත. මන්ද බැංකොක් හරහා බොහෝ විට ට්‍රාන්සිට් සිදු වන බැවැනි.
කෙසේ හෝ යාළුවා විසින් ලබාදුන් අත් ඔරලෝසුවට ඔහුට ස්තුතිවන්ත වෙමින් වෙන වෙලාවක ඩ්‍රින්ක් එකකට සෙට් වීමට ගිවිසගෙන ඔහුගෙන් සමුගත්තෙමි. ඔහු ලබා දුන් අත් ඔරලෝසුව ඉතා අනර්ගය. තිබු අත් ඔරලෝසුව කැඩී තිබු බැවින් ඔහුගේ තෑග්ග මට විශාල ප්‍රයෝජනයක් විය.
මේ කතාව අහන් හිටිය මට ඔහුට යම් දෙයක් කීමට සිත් වුවද එය කීමට පසුවට කල් දැමුවෙමි. ඒ අවස්ථාවේ ඔහුගේ මුහුණට එය ප්‍රකශ කිරීමට නුසුදුසුය. කෙසේ වෙතත් අලුත් අවුරුද්දට පසුව සෙට් වෙන ඩ්‍රින්ක් එකේදී ඔහුට මෙය කීමට අදහස් කර සිටිමි. නමුත් ඔහුට එවෙලේ කිවීමට නොහැකිවූ දේ මම උබලාට කියන්නම්. මම හිතනවා මේ ත්‍රෙඩ් එකෙන් කවුරු හරි දැනුවත් වෙලා කාගේ හරි ජිවිතයක් බේරේවි කියලා.
අපේ මිනිස්සු බැංකොක් ගියාම කරන ලොකුම මිස්ටේක් එකක් තමයි HIV test report එකකට රැවටිලා බය නැතුව බඩු ගහනවා. මම කියන්නම් ඇයි කියලා.
මෙම HIV test reports බොහෝ විට ඔවුන් විසින් සතිපතා ගනු ලබයි. නමුත් මෙම ක්‍රම වේදය සාර්ථක නැත. ඔවුන් කරන්නේ HIV Antibody test කාණ්ඩයේ පරීක්ෂණයකි. මෙය ඉතා සුළු මුදලක් ගෙවා කර ගත හැකිය. නමුත් ගණිකා වුර්තියේ යෙදෙන්නියකට මෙය සාර්ථක නැත. ප්‍රතිපල නිවැරදි නැත. හේතුව කියන්නම් Normal HIV Antibody test එකක් නිවැරදි පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නම් HIV exposed වෙලා මාස තුනකින් තමයි අපි බ්ලඩ් ටෙස්ට් කරලා ගන්න ඕනේ. ඒ මාස තුන ඇතුලත අතර තුර කාලය Window period එකක් විදිහට සලකන්නේ. සරලවම කියනවනම් අද ගනිකවකට HIV අසාධනය වෙලා තව සතියකින් ගිහින් ලේ බැලුවට නිවැරදි වාර්තාවක් ලැබෙන්නේ නැහැ. බොහෝ විට නෙගටිව් කියල තමයි පෙන්වන්නේ. තවත් සරලවම කියනවනම් මේ කාලය තුල මිනිස්සු එක්ක යහන ගත වූ ගණිකාවක් HIV හදාගෙන තමාගේ නෙගටිව් ටෙස්ට් රිපෝර්ට් එකක් පෙන්වමින් තවත් මිනිසුන් සමග යහන ගතවී තවත් අයට HIV සම්ප්‍රේෂණය කරවන්න පුළුවන්. ඉතින් උබලට අවබෝධයක් ගන්න පුළුවන් මේ ටෙස්ට් එක ගණිකා වුර්තියේ යෙදෙන්නෙකුට කොච්චර අසාර්ථක ද කියලා. අපේ කොල්ලෝ නිකන් මේවට රැවිටලා බඩු ගහලා ලෙඩ දුක් හදාගෙන අකාලයේ මිය යනවා.
කෙටි කාලීනව HIV පරික්ෂා කරගන්න පුළුවන් ක්‍රමත් තියනවා. ඒකට කියන්නේ HIV PCR ටෙස්ට් කියලා. මෙහිදී DNA . RNA මට්ටමේ පරීක්ෂාවක් තමයි සිදු කරන්නේ. මෙය තරමක් මිල අධික පරීක්ෂණ ක්‍රම වේදයක් නමුත් නිවැරදිතාවය ඉහලයි. මෙම පරීක්ෂාවන් ලංකාවේද සිදු කරන අතර ඒ සඳහා රුපියල් 10500 පමණ මුදලක් වැයවේ. අද බඩුවක් ගහල සැකයි නම් සති 2-3 අතර කාලය තුල මෙවැනි පරීක්ෂණයකින් තමන්ට HIV අසාධනය වෙලා දැයි කියලා බලා ගන්න පුළුවන්. හැබැයි පරීක්ෂණ වාර්තාව එන්න සතියක පමණ කාලයක් ගන්නවා. මේ වගේ පරීක්ෂාවන් වලට ගණිකාවෝ යොමු වෙන්නේ නැහැ එහි මිල අධික කම නිසා. අනෙක එහෙම කලත් මෙය ගනිකවකට ප්‍රැක්ටිකල් නැහැ. කාල පරාසය සති 2 -3 සහ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමේ කාලය සති 1.
ඉතින් මම උබලට කියන්නේ බැංකොක් විතරක් නොවෙයි වෙන කොහේ රටකට ගිහින්වත් බඩු ගහන්න යන්න එපා. විශේෂයෙන්ම බැංකොක් සහ සිංගප්පුරුව කියන්නේ Tourism Hub එකක්. ලෝකේ නානාප්‍රකාර මිනිස්සු ඇවිල්ල බඩු ගහලා යනවා.
ඔබ මේ වගේ රටවලට යනවනම් පුළුවන් තරම් තමන්ගේ වයිෆ් එක්ක යන්න . නැත්නම් තමන්ගේ දෙමවුපියෝ එක්ක යන්න. එතකොට මේ වගේ ඒවාට යොමු වෙන්නේ නැහැ. අඩුම තරමේ වැඩිහිටියෙක් එක්කවත් යන්න.
මම ඒඩ්ස් හදාගත්ත මිනිස්සු ගැන ගොඩක් හොයල තියනවා. මාගේ සහෝදරිය වෛද්‍යවරියක් වන අතර ඇය පසුගිය වසර 6 කට වඩා සේවය කලේ National STD/AIDS Control Programme නොහොත් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට සම්බන්ධව. එක නිසා මට ගොඩක් ඒඩ්ස් හැදිච්ච මිනිස්සුත් එක්ක කතා කරන්න අවස්ථාව උදා උනා. එතැනදී බැංකොක් සිද්දි සැහෙන අහන්න ලැබුනා. ඒවගේම ගොඩක් වයිෆ්ලට ඒඩ්ස් හැදිලා තියන්නේ හස්බන්ඩ් ගෙන්. පව් අහිංසක ගෑනු. මිනිස්සු රට රටවල ගිහින් බඩු ගහලා ඒඩ්ස් හදාගෙන තමන්ගේ අහිංසක ගෑනිට බෝ කරනවා.
මම නම් කරන්නේ බැංකොක් ගියාම ආතල් එකේ ඇවිදිනවා. විස්කි ලාබයි ලංකාවට වඩා. කුඩු වෙන්න ගහනවා. කන සාක්කුවේ දාගන්න සයිස් එකට බිලා හෝටලේට ඇවිත් බුදිය ගන්නවා. උදේට ෂොපින් පාරක් දානවා. ඇදුම් සපත්තු පට්ට ලාබයි එහෙ.
පුළුවන් තරම් මේ ත්‍රෙඩ් එක ෆේස්බුක් වල ෂෙයාර් කරන්න. ඒ සඳහා 50KG ගේ පුර්ණ අනුමැතිය හිමි වේ.. පුළුවන් තරම් සමාජය දැනුවත් කරන්න . පිට රටවලින් ලෙඩ දුක් ගෙනෙන එක අඩු කරමු.
ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.