වසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා...
නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්රියේ...
හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ
මට තම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්රියේ...
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා...
නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්රියේ...
හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ
මට තම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්රියේ...


පස්සේ මගේ විදියට වෙනස් කරගත්ත


