මෝටර් රථය දුම්රියට හසුවෙයි – මවට සහ දියණියට බරපතලයි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් එම රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් සියයක පමණ දුරක් ඇදී ගොස් ඇතැයි ද පොලිසිය කියයි.මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය පිළිබඳව මාධ්‍ය මගින් ද කීප විටක් දැනුවත් කලද බලධාරීන් ඒ ගැන අවධානයක් යොමු කර නැතැයි ප්‍රදේශවාසීහු පවසති.

