ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    21jreac.jpg

    මමත් ගෙනාවා හන්ක් එකක්. මේක W නම්බර් self start only මොඩ්ල් එක. digital meter. සිංගල් ඩිස්ක්. ඩබල් ඩිස්ක් එකක් හෙව්වත් මේක වටින්න හම්බුන නිසා ගත්තා. දැන් ගෙනැල්ලා සති දෙකක් විතර වෙනවා. දුරක පදින්න නම් හම්බවුනේ නෑ තාම. කඩුවෙල ඉඳල මොරටුවට විතරයි ගියෙ. වැහි දෙයියන්ට පින් සිද්දවෙන්න තාම ඇතිවෙන්න පදින්න බැරි වුනා බයික් එක :angry:

    Shaminda peiris බ්‍රෝගෙ යෝජනාවක් අනුව මේක ලියන්නේ :yes:

    මුලින්ම හිත හිතා හිටියෙ පල්සරයක් ගන්නවද අපාචියක් ගන්නවද හන්ක් එකක් ගන්නවද 135 ඩිස්කවරියක් ගන්නවද කියලා. පල්සර් ගණන්. ඩිස්කවරි වැඩක් නෑ ගියරුත් 4යි නේ. අපාචිය ගැන වැඩි පැහැදීමක් නොතිබ්බ නිසා හන්ක් එකට ගියා,

    බයික් එක ලොකුවට වරදක් නෑ ඉතින්. මම ගෙනල්ලා පොඩි පොඩි වැඩ ටිකක් කලා. ඉස්සරහ ෆෝක් ඔයිල් කලා සීල් ගැහුවා. එන්ජින් ඔයිල් මාරු කලා.
    එන්ජින් එක 150cc. හෝස්පවර් 14ක් කියල තමා පොතේ පතේ තියෙන්නේ. මේක අවුරුදු 8ක් විතර පරණ නිසා ඒව නම් අඩු ඇති ඉතින්. පිකප් එක නම් නියමයි. බ්‍රේකිනුත් කියන්න වරදක් නෑ. සස්පෙන්ෂන් එහෙම හොඳයි. පාරෙ වළ ගොඩැලි දැනෙනවා අඩුයි. nitrox shocks දෙකක් පස්සට තියෙන්නෙ. ගියර් 5යි. second එකේ third එකේ හොඳ පිකප් එකක් තියෙනවා. ගෙනාව දවස් වල ගියර් පොඩ්ඩක් හිර ගතියක් තිබුණා. අනික සමහර වෙලාවට ගියර් එන්ගේජ් වෙන්නෙ නෑ. මම Mobil 20W50 ඔයිල් එකක් ගෙනැල්ලා දැම්මා. ලෙඩේ නම් හරි ගියා. හැබැයි ඔයිල් එකේ ඝණකම වැඩියි කියල හිතෙනවා දැන්. උදේට ස්ටාට් කලාම එහෙම එන්ජින් එක warm up වෙන්න සෑහෙන වෙලා යනවා. ඉස්සරහ ටයර් සයිස් එක 80/100 x 18-47. පස්සෙ එක 100 / 90 X 18 -56. දෙකම ටියුබ්ලස්. ඉස්සරහ 240mm විශ්කම්භයක් තියෙන ඩිස්ක් එකක් තියෙන්නෙ. ඩබල් ඩිස්ක් එකේ පස්සට එන්නෙ 220mm එකක්ලු. බර කිලෝ 145ක් වෙනවා

    හැබැයි බයික් එකේ හැන්ඩ්ලින් නම් මදි මට දැනෙන විදියට. බයික් එක උස නිසා බැලන්ස් නැහැ එච්චරම. බර වුනාට බර නියම විදියට බෙදාහැරලා නෑ බයික් එක පුරාවට. ඩබල් දාල ට්‍රැෆික් එකේ එහෙම යන්න උනොත් අත් දෙකට පට්ටම අමාරුයි. මැණික් කටුවෙ ඉඳන් කැක්කුම ගන්නෙ. වංගු වලත් එච්චරම performance නෑ මේකෙ. උස නිසයි, නවන්න තරම් පස්සෙ ටයර් එක මහත මදි නිසයි මම හිතන්නෙ. මම කලින් පැද්ද 1992 බෙන්ලියෙ හැන්ඩ්ලිං වගේම සැපපහසුව මීට වඩා සෑහෙන හොඳයි. foot rest එක බිම වදින ගානට වංගු නවලත් තියෙනවා, කිසි අමාරුවක් නැතුව දුර පැදලත් තියෙනවා. ඇත්තම කිව්වොත් ජපන් බයික් එකක කොලිටියට ඉන්දියන් කාරයට කිට්ටු වෙන්න තව සෑහෙන කලක් යයි. මගෙ pillion ridersලා නම් කියන්නෙ බෙන්ලියෙ පස්සෙ සීට් එකට වඩා මේකෙ පස්සෙ සීට් එක හොඳයි කියල. :rolleyes:

    පිකප් එක සහ පෙනුම ඇරුණම එච්චරම දෙයක් නෑ මේකෙ ඉතින්. ලොකුම අවුලකුත් නෑ. fz එකේ මේකෙ තියෙන අඩු ලුහුඬුකම් ගොඩක් අඩුයි මම හිතන්නේ.

    බයික් ඒකක් නැති කාලේ අනුන්ගෙ ඒවා පදිද්දි :P මටත් ටික දවසක් සෙට් උනා Hunk එකක් පදින්න
    ඒක නම් U නම්බරයක්.
    වෙන කිසිම අවුලක් නම් නෑ හැන්ඩ්ලින් තමා එකම අවුලකට තියෙන්නේ.
    පිකප් එකත් හොදයි පට්ට:yes::yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    සුපිරිනෙ. කොහොමද කලේ :rolleyes::rolleyes:

    ඕක කොරාපු එකා මේකෙම ඉන්නවා උෟ කියයි :P

    ඉන්දියන් කෝකත් එහෙම තමා බං ජපන් වගේ නෑ
    හන්ක එකේ පෙනුම පට්ට... ඒත් මට ඕක උස වැඩියි වගේ
    කොට ජීවිතනේ ඉතිං :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    බයික් ඒකක් නැති කාලේ අනුන්ගෙ ඒවා පදිද්දි :P මටත් ටික දවසක් සෙට් උනා Hunk එකක් පදින්න
    ඒක නම් U නම්බරයක්.
    වෙන කිසිම අවුලක් නම් නෑ හැන්ඩ්ලින් තමා එකම අවුලකට තියෙන්නේ.
    පිකප් එකත් හොදයි පට්ට:yes::yes:

    ඕක කොරාපු එකා මේකෙම ඉන්නවා උෟ කියයි :P

    ඉන්දියන් කෝකත් එහෙම තමා බං ජපන් වගේ නෑ
    හන්ක එකේ පෙනුම පට්ට... ඒත් මට ඕක උස වැඩියි වගේ
    කොට ජීවිතනේ ඉතිං :dull:

    ඔව් බන් හැන්ඩ්ලින් නම් හරි මදි. උසත් වැඩියි තමා. මට නම් දැන් ටිකක් හුරුයි ටික දවසක් පැද්ද නිසා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඕක කොරාපු එකා මේකෙම ඉන්නවා උෟ කියයි :P

    ඉන්දියන් කෝකත් එහෙම තමා බං ජපන් වගේ නෑ
    හන්ක එකේ පෙනුම පට්ට... ඒත් මට ඕක උස වැඩියි වගේ
    කොට ජීවිතනේ ඉතිං :dull:

    මොන කොටක්ද
    :lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක කොරාපු එකා මේකෙම ඉන්නවා උෟ කියයි :P

    ඉන්දියන් කෝකත් එහෙම තමා බං ජපන් වගේ නෑ
    හන්ක එකේ පෙනුම පට්ට... ඒත් මට ඕක උස වැඩියි වගේ
    කොට ජීවිතනේ ඉතිං :dull:

    Kotai kiyala moko oya padinne pulser ekak. Kotai kiyala api bike nopeda idida
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක කොරාපු එකා මේකෙම ඉන්නවා උෟ කියයි :P

    ඉන්දියන් කෝකත් එහෙම තමා බං ජපන් වගේ නෑ
    හන්ක එකේ පෙනුම පට්ට... ඒත් මට ඕක උස වැඩියි වගේ
    කොට ජීවිතනේ ඉතිං :dull:

    සුසුකි ජික්සර් එකක් පැදලා බලන්න වංගු කෙලින් කරන්නයි, සැපට ගමන රසවිදින්නයි. :love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද ඉස්සරහ බ්‍රේක් සිස්ටම් එක ෆ්ලෂ් කරල අලුතෙන් ඔයිල් දැම්ම ගයිස්. බ්ලීඩ් නිප්ල් එකේ ඔලුව බැලුවම කියන්න පුළුවන් කවදාවත් හුළන් ඇරලවත් නෑ කියලනම්. reservoir එක නිකන් ලැට් වලක් වගේ. සෙවල වගේ බැඳිල ඒක ඇතුලෙ :baffled: ඔයිල් බේරෙ වැවේ වතුර පාටයි. පොටෝ එකක්නම් ගහගන්න බැරි වුනා, මොකද මං වැඩක් කරනකොට අතේ මැණික් කටුව ගාවට යනකන් මජං
     
    • Like
    Reactions: agrmrs

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අද ඉස්සරහ බ්‍රේක් සිස්ටම් එක ෆ්ලෂ් කරල අලුතෙන් ඔයිල් දැම්ම ගයිස්. බ්ලීඩ් නිප්ල් එකේ ඔලුව බැලුවම කියන්න පුළුවන් කවදාවත් හුළන් ඇරලවත් නෑ කියලනම්. reservoir එක නිකන් ලැට් වලක් වගේ. සෙවල වගේ බැඳිල ඒක ඇතුලෙ :baffled: ඔයිල් බේරෙ වැවේ වතුර පාටයි. පොටෝ එකක්නම් ගහගන්න බැරි වුනා, මොකද මං වැඩක් කරනකොට අතේ මැණික් කටුව ගාවට යනකන් මජං

    වෙලාවක මම දෙන්නම් උබට මගේ බයික් එක පදින්න. පැදලා බලලා කියන්නකෝ කොහොමද කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුසුකි ජික්සර් එකක් පැදලා බලන්න වංගු කෙලින් කරන්නයි, සැපට ගමන රසවිදින්නයි. :love:

    මාරි කන්න.නෙස්කැෆේ අල්ලන්න සුසුකි ජික්සර් එකක් පැදලා බලන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    වෙලාවක මම දෙන්නම් උබට මගේ බයික් එක පදින්න. පැදලා බලලා කියන්නකෝ කොහොමද කියලා.

    එල එල. ජික්සර් එක පට්ට ඇති ඉතින් කොහොමත්. හන්ක් එක නම් හැන්ඩ්ලිං මදි. බෙන්ලිය ඒ අතින් 10 ගුණයක් ඉස්සරහින් සිරාවටම
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    reputation_pos.gif
    ElaKiri Bajaj Pulsar... 06-04-2018 05:02 PM indina walata bannata japan padina apitath indian walata wada awul thiyenawa bro. bageta baagayakma inne garage eke aththatama garage wala indian bikes adu ai ?

    මේක දැම්මෙ නම් කවුද දන්නෙ නෑ. ඒත් දාපු කෙනාට උත්තරයක් දෙන්නම්. බාගෙට බාගයක්ම ගරාජ් එකේ ඉන්නවට නම් වග කියන්න ඕන බයික් එක නෙමෙයි අයිතිකරු. (සහ සමහර වෙලාවට මැකැනික්. ) උත්තරේ නම්, ෆුට් බයිසිකලයක් සහ මෝටර් සයිකලයක් සංසන්දනය කලාම වඩා ලෙඩ අඩු මොකේද? ෆුට් සයිකලේ, මොකද ඒක සරල නිසා. ලෙඩක් ආවහම හරියට හදන්නෙ නැතුව ඇටවීමෙන් තත්වෙ තවත් භයානක වෙන්න පුළුවන්.
     
    කතාව හරි බ්‍රෝ. ජපනෙක් ගන්න ආසාවට බයික් එකක් ගන්නවා ණය වෙලා. අරන් වාරිකත් ලැප්ස් වෙන නිසා ලෙඩක් ආවොත්/සර්විස් එක වගේ දේවල් බාලම විදියට අටවලා දානවා. ඔය අයිතිකාරයාගේ ලෝබ කම ගොන් කම තමා බයිසිකල් වල මලගම. :(