මචන්ලා ලොකු සපෝර්ට් එකක් ඕන.. මගේ යාලුවෙක්ට ජපන් යන්න විස්තර ටිකක් ඕන වෙලා තියනව.
කවුරු හරි දන්නවද JAPAN WORK VISA ගන්න විදියක්?
ජොබ් එක නම් මොකක් උනත් කමක් නැහැ, ස්ටුඩන්ට් විසා ගිහින් රෙෆියුජි විසා ගහල ඉන්න පුළුවන් කතාවක් මන් අහල තියනව, එතකොට ජොබ් කරන්න ගියහම කේස් නැද්ද?
හොද ඒජන්සියක් දන්නවා නම් කියහල්ල මට මූට සෙට් කරලා දෙන්න, ගොඩක් ඒවා තියන නිසා හරියට නොදැන දාන්න බයයි මොකද උන් ඇත්තටම වර්ක් විසා හදල දෙනවද දන්නේ නැහැනේ,
ජපානෙට ගිහින් කරන්න පුළුවන් ජොබ් ගැනත් දන්නවා නම් කියන්න,
ලොකු උදව්වක්...
ජපානෙට වඩා යන්න හොද වෙන රටක් තියේ නම් එකත් පොඩ්ඩක් කියන්න. මූට යන්න අයිඩියා එක තියෙන්නේ ජපන්.
ගොඩක් ලොකු එඩුකේශන් කොලිෆිකේශන්ස් තියෙන කෙනෙක්ට මිසක් නැත්නම් ඩිරෙක්ට් වර්කින් වීසා ගන්න අමාරුයි.
දන්න තරමින් මාර්ග කීපයක් තියෙනවා. පුලුවන් විදියට විස්තර කරන්නම්.
තව දන්න කට්ටිය අඩු පාඩු හදාවි.
1.ස්ටුඩන්ට්
මේක තමයි හොඳම ක්‍රමය විදියට පිලිගැනෙන්නෙ. තරමක් කල්ගතවෙනවා
පිලිවෙලක් වෙන්න. ඉවසිමෙන් කැපවීමෙන් තමන් ආපු කාරණය ඔලුවෙ තියන් ඉන්න කෙනෙක්ට නම් අමාරු නෑ.
ලැන්වේජ් ස්කූල් අවුරුදු 1.5-2 (ඉන්ටේක් එකේ හැටියට) ---> ටෙක්නිකල් කොලේජ් (අවුරුදු2) හෝ කැම්පස් (අවුරුදු4)---->වර්කින් වීසා.
*ලංකාවේ උපාධියක් තියෙන කෙනෙක්ට ලැන්වේජ් ස්කූල් එකෙන් පස්සෙ ලෝයර් කෙනෙක් ලවා වර්කින් එකක් ගන්න පුලුවන් කම තියෙනවා.
2.ට්‍රේනින්ග් වීසා
මේකට ජොබ් වීසා කියලා ලංකාවෙන් සෑහෙන කට්ටිය එවනවා ලක්ශ ගනන් අරගෙන. ඇත්තටම එහෙම ලොකු ගානක් යන්නෙ නෑ. ට්‍රේනින්ග් කියල ගෙන්නුවට තනි බොරුව යන්නෙ. පර්මනන්ට් කෙනෙක් ගානටම වැඩ කරන්න වෙනවා. පඩි අඩුයි. හොඳ තැනක් සෙට් උනොත් හොඳයි. සෑහෙන්න ජල්තර කේස් වෙනවා මෙලෝ හසරක් නොදැන එන කට්ටිය නිසා රැවටීම් වලට ලක්වෙනවා සෑහෙන්න.
3. මෙහෙ කෙනෙක් හරි කම්පැනියක් ස්පොන්සර් කරලත් එන්න පුලුවන් .
හැබැයි ගොඩක් වෙලාවට හොදටම ඉගෙනගත්ත අය තමයි එහෙම එන්නෙ. සහ වාහන යාර්ඩ් කරන කට්ටිය ඒවල වැඩට ගෙන්න ගන්න කට්ටිය. ඒ ඇර ලේසියකට කවුරුත් ස්පොන්සර් කරන් නෑ තමන්ගෙ එකෙක්ටවත් එන එකා පිස්සුවක් කෙලියොත් ඌටත් ශොට් එක හම්බෙන නිසා.
4. බිස්නස් වීසා
සෑහෙන සල්ලියක් පෙන්නන්න සහ යටකරන්න ඕන. එච්චර සල්ලි තියේ නම් වර්කින් හොයන්නෙ නෑ කියලා හිතලා ඒ ගැන කියන්නෙ නෑ.
රිෆුජී දාන්න නම් එන්න එපා තව බොහෝම සුලු කාලෙකින් ඕසිවල කරපු වැඩේ කරන්නයි යන්නෙ. දැන් දවස් කීපෙකට කලිනුත් ලංකාවේ නම බැබලෙව්ව නිව්ස් වල ඉහලින්ම රිෆූජි ඩබලක් එකෙක්ව මරලා
රිෆූජි ඇප්ලයි කලාම ඒකේ ප්‍රොසෙස් එක යනකන් මාස 6 වීසා ගහල එලියට දානවා, සමහර අයට පාර්ට් ටයිම් පර්මිට් ලැබෙනවා. කට්ටිය හිතන්නෙ ජොබ් වීසා හම්බුනා කියලා. ඒ අතරේ ඇතුලෙන් නඩුව යනවා. එයාලා හොයලා බලල බොරු කියලා තේරුනාම ලංකාවට ඩිපෝර්ට් කරනවා. එක එක්කෙනාගේ වාසනාව මත ඒ කාලෙ මාස 6 ඉඳන් අවුරුදු කීපයක් වෙන්න පුලුවන්. කොහොම කලට් දාස් ගානක් රිෆුජි ඇප්ලයි කලාට මෙතෙක් කාලෙකට හරි රිෆුජී ඕකේ වෙලා තියෙන්නෙ 3 දෙනෙක් වගේ සීමිත ගානකටයි.
ලක්ශ ගණන් ගෙවලා විසිට් ගහන් ඇවිත් නරිතා වලින් ඇතෑරපු අය සෑහෙන්න හම්බෙලා තියෙනවා පැනලා ඉන්න බලන්. අපරාදේ ඒ සල්ලි ලංකාවේ එෆ්.ඩී එකක් දාගන්න. මොකද දැන් ඒ සෙල්ලම් බෑ..
ෆෝන් එකෙන් කොටන්නෙ. අයිඩියා එකක් ගන්න මේ ඇති කියලා හිතෙනවා.
ප්‍රශ්න තියේ නම් මේකෙම අහන්න.එතකොට තව කෙනෙක්ට දැනගන්න පුලුවන්නෙ. පුලුවන් විදියට උත්තර දෙන්නම්.:yes:
මම මේ කියලා තියෙන්නෙ මගේ අත්දැකීම් වල හැටියට. අඩුපාඩු තියේ නම් සොරි
