ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

Jun 4, 2018
100
10
0
Screenshot_2018_07_10_How_to_make_hard_choices_in_life_Sinhala_Positive_Thinking_You_Tube.png



Me youtube comment eka damme oyada gappiyage thinking video wala.
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,458
    7,739
    113
    Kotahena
    ඉස්කොලා ටිචර්ලාට ඇයි... 07-10-2018 09:32 AM wesige putha

    :rolleyes::rolleyes:
    උදේට ෂොට් එක දාලා වළෙන් පැනලා ඉස්කෝලෙට රිංගන අයිස් සර් කාරයෙක් ට රැඳිලා. මොන කරන්නද ඌ ටත් ඒ ජාතියේම එකෙක් වෙන්න ඇති උගන්නන්න අැත්තෙ

    ඕක කෙලවරක් නැති chain එකක්. මෙතැනින් තමයී පටන් ගන්න ඕන. රට පනින එවුන්ට තමන්ගේ රටට ණයයි නේ කියලා හිතලා මෙහෙ දෙයක් පටන් ගන්න වත් හිතෙන්නේ ඔය education එකෙන්.

    Basic දේවල් ටික කියලා දෙන්න ක්‍රමයක් තියෙනව නම් දැං තත්වේ හැටියට ලමයෙක් ව ඉස්කෝලේ යවන එමෙන් වාසියකට වඩා වෙන්නේ ලොකු පාඩුවක්. ළමයගෙ මොලේ කන්න අරින එක සහ ගහන අපරාධයක්. මුං තමයී පව් කාරයෝ. මුන් හින්දා මේ මුළු රටේම ජනතාව දුක් විඳිනවා කාලකන්නි හැත්ත
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනේ
    තමන්ම හිතල තමන්ම තීරණ ගන්ඩ පොඩි කාලේ ඉදලම උගන්නන්න ඕනේ
    පොතට පමණක් සීමා උන පුද්ගලයින් බිහිකරලා වැඩක් නෑ
    විශේෂයෙන්ම මැනර්ස් පොඩි කාලේ ඉදලම ඔලු වලට දාන්ඩ ඕනේ
    විභාග අරමුණු කරගෙන තියන අධ්‍යාපන ක්‍රමයකින් හොද වැඩදායි ව්‍යවසායකයින් බිහි වෙනවා අඩුයි
    මුලින්ම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්ඩ ඕනේ. එක කරන්ඩ නම් ඒ වගේ දැක්මක් තියන පාලකයෝ ඉන්ඩ ඕනේ. ඒ වගේ පාලකයෝ පත් කරගන්ඩ මිනිස්සුන්ට මොලේ තියෙන්ඩ ඕනේ. මිනිස්සුන්ගේ මොළ හැදෙන්ඩ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනේ

    ඔය චක්‍රය කඩලා කොතනින් හරි හදන්ඩ පටන් ගත්තේ නැත්තන් අපේ විනාශය වැඩි ඈතක නෙමෙයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,275
    12,524
    113
    Piliyandala
    උදේට ෂොට් එක දාලා වළෙන් පැනලා ඉස්කෝලෙට රිංගන අයිස් සර් කාරයෙක් ට රැඳිලා. මොන කරන්නද ඌ ටත් ඒ ජාතියේම එකෙක් වෙන්න ඇති උගන්නන්න අැත්තෙ

    ඕක කෙලවරක් නැති chain එකක්. මෙතැනින් තමයී පටන් ගන්න ඕන. රට පනින එවුන්ට තමන්ගේ රටට ණයයි නේ කියලා හිතලා මෙහෙ දෙයක් පටන් ගන්න වත් හිතෙන්නේ ඔය education එකෙන්.

    Basic දේවල් ටික කියලා දෙන්න ක්‍රමයක් තියෙනව නම් දැං තත්වේ හැටියට ලමයෙක් ව ඉස්කෝලේ යවන එමෙන් වාසියකට වඩා වෙන්නේ ලොකු පාඩුවක්. ළමයගෙ මොලේ කන්න අරින එක සහ ගහන අපරාධයක්. මුං තමයී පව් කාරයෝ. මුන් හින්දා මේ මුළු රටේම ජනතාව දුක් විඳිනවා කාලකන්නි හැත්ත

    :yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේකේ ඇත්ත කතන්දරේ මෙහෙමයි මචන්.එක ලංකාවේ හරියට නොවෙන එක වෙනම කතාවක්.අධ්‍යාපනය දීම සහ ලබාගැනීම (ඉගැනුම් ඉගැන්නුම් ක්‍රියාවලිය) කියන්නේ ටිකක් සංකීර්න දෙයක්. ඉතින් අරුන්ට ඒ කියන්නේ ගුරුහොරුන්ට (දැන්නම් 90% විතර ඉන්නේ ගුරුවරු නෙමෙයි ගුරු හොරු හොඳේ.එකයි එහෙම ලිව්වේ.) 1.30 ට 2.00ට ගෙදර යන්න දෙන්නෙත්, දවසෙම උගන්නන්නේ නැතිව ළමයින්ට 1.30 ට 2.00ට ගෙදර යන්න දෙන්නෙත්.ලොකු හේතුවක් නිසා.ඒ ඊළඟ දවසේ අධ්‍යාපනය සඳහා තම මනස නිරවුල්ව සුදානම් කරගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීමට.

    ගුරුවරයා ඊළඟ දවසේ උගන්වන දේ ගැන සුදානම් වෙනවා.ගෝලයා අද ඉගෙන ගත්දේ නැවත අධ්‍යනය කරමින් හෙට දවසට සුදානම් වෙනවා.ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙකම උදේ වරුවේ වෙන්නෙත් නෑ.හවස් වරුවේ වෙන්නෙත් නෑ.ගුරාල උදේ උගන්නන්නේ නෑ.උන්ට කැන්ටිමේ ඉඳන් තේ බිබී විසඳගන්න රනිල්ගේ,මයිත්‍රිගේ,මහින්දගේ බැරිනම් සාය කටුවක හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉස්කෝලේ උගන්නන ටික හරි ගෝලයෝ ඉගෙන ගන්නෙත් නෑ.උනුත් බලන්නේ දෙමව්පියෝ මරවල හවසට ටියුෂන් පන්ති හැටේ යන්න. මේ සීන් එක දන්න නිසා ගුරාලත් මරුටියක් වත් ගන්න ඕන කියල හිතාගෙන කොහේ හරි පන්තියක් අටවගෙන හරි අටවපු තැනකට හරි සෙට් වෙනවා.හවස පන්තියේදී තමන්ගේ පන්තියට එන එකාට ඉස්කෝලෙදි විශේෂ සැලකිලි දෙනවා. ඉතින් මේ පන්තිවලට ගිහින් ගිරව් වගේ පාඩම් කරන එවුන් විභාග පාස් වෙනවා.උන් කැම්පස් ගිහින් ජොබ් සෙට් වෙලා ආණ්ඩුවේ ඔෆිස් වලට ඇවිත් මිනිසුන්ගේ ප්‍රශ්නවලට ප්‍රයෝගික විසඳුම් දෙන්න බැරුව අනාගන්නවා.අනිත් රටවල් ඉදිරියට යද්දී අපි හැමදාම එක තැනම ඉන්නවා. :angry::angry::angry:
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    කාර්යාල වල වැඩ කරන මිනිස්සු ඉන්නවා පුදුම කට්ටක් කන.

    වැඩක් කරලා පඩි ගන්නවනං ඒක එතනින් එහාට දෙයක් නැහැ.

    හැම එකා ම කරන්නේ රස්සාවක්. හැම රස්සාව ම respect කරන්න ඕන. එකකට කියලා විශේෂ සැලකිලි අවශ්‍ය නැත.

    ඔය ඉස්කොලේ ටීචර් ලා සර් ලා ගෙවල් වල ප්‍රශ්න ඔලුවේ තියන් ඇවිල්ලා ඒ ඇරියස් ලමයින් ගෙන් ගන්නවා. සමහර සර් ලා බීලා ඉස්කොලේ එන්නේ උදෙන්. සමහර එවුන් සිගරට් ගහනවා අස්සට ගිහිල්ලා. ඹ්කුංව පන්නන්න ඕන.


    කිසිම ඉස්කොලයක් නියම ප්‍රමිතියට මේ රටේ නැහැ. ඔය ටීචර් ලා හරියට නැති හින්දා තමයී මේ රටට කෙළ වෙලා තියෙන්නේ මෙහෙම.

    හරියට education එක දෙන්නේ නැහැ. අනික් රටවලට සාපේක්ෂව අපේ රටේ system එක තනිකරම joke එකක්. ලමයින්ට විෂය වල් එපා කරනවා. පුටු බංකු උඩ ඉඳගෙන ගල් යුගයේ ඉඳන් ආපු ක්‍රමය මේ රටේ තවම එහෙම්මම තියෙනව.

    කොටින්ම English බැරි ලමයින් මිලියන කීයක් එළියට එනවද? උං ඔක්කොම English අප්පිරියා වෙලා එන්නේ ඔය English sir ටීචර් ලාගේ ගොං පාට් හින්දා. ඉතින් ලමයින්ට අසා කරන කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැම විෂයක් ම අප්පිරියා කරන්නේ එකට හේතුව ඔය මොඩ ටීචර් ලා. කිසිම ලමා මනෝවිද්‍යාව ගැන සත පහක දැනුමක් නැහැ. තනිකරම මී හරක් හදන system එකක් තියෙන්නේ.

    ඉස්සෙල්ලම ඔය ගරු හොරු ටික පයිං ගහලා එලවන්න ඕන ඹ්කුංව worship කරනවා වෙනුවට බල්ලො වගේ.

    ඔව් උන් එක්ක තරහෙන් තමයී කතා කරන්නේ. මොකද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මූලික දේ අපේ රටේ මිනිස්සුන්ගේ IQ එක නැති වෙලා තියෙන එකට ප්‍රධාන හේතුව මුන් ටික නිසා. Educated මොලේ තියෙන එවුන් ඉන්නකොට රටක් ගොඩ යනවා බලන් ඉද්දි. බුද්ධිමත් ජනතාව බිහි වෙන්නේ නැහැ මේ ගුරු හරක් නිසා. තනිකරම ගුරුවරුන් ගෙ මූලික වරද මෙක. වගකියන්න ඕන උන්. රටේ අනාගතේ තිරණය වෙන්නේ ලමයින් ගෙන්. උන්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ඔවුන්. මම ඉගෙනගත්ත දේවල් සත පහක් අද පාවිච්චි වෙන්නේ නැ. අපරාදේ පුක ඉරා ගත්තා ජීවිත කාලයෙන් බාගයක් කිසිම තේරුමක් නැතුව.

    ඉස්කොලේ කාලේ සුන්දරය යාළුවෝ එක්ක දගලන එක සුන්දරය ගගා හිත රවටන එක හොඳයි. ඒ ඇරෙන්න ටීචර් ලා ගෙන් නම් උනේ විෂයන් ටික අප්පිරියා වෙච්ච එකයි.

    මේ thread එක දාපු එකා නම් කුහක දොස්තර කෙනෙක් ද කොහෙද

    මන් දන්නා තරමටනම් ගුරුවරුන් උගන් වන්නේ එයාලට දීලා තියෙන syllabus එක, උන්ට ගුරු පුහුණු වීම් කියල දෙයක් කරලා උන්ට බාර දීල තියෙන syllabus උගන්න විදිය උගන්වනවා, ඉතින් ගුරුවරු ඇවිත් ළමයින්ට එක ඒ විදියට කරනවා. ප්‍රශ්නේ ඔය උබල කියන විදියට ගුරුවරු උගන්වන විදියේනම්, එකට වග කියන්න ඕනේ ගුරුවරු නෙමෙයි බන්, ඔය සිස්ටම් එක පවත්වාගෙන යන අය. ළමයින්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ගුරුවරු කියල කියවනවා නම් ඔය අසුචි ඔය විදියට පිළියෙළ කරන්නේ අපේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන්. උන් තමයි තීරණය කරන්නේ මොනවද කොහොමද උගන්වන්නේ කියල, අනික උන් පරීක්ෂකවරු එවල බලනවා අධ්‍යාපන බලධාරීන් කියන විදියටම කරනවද නැතිද කියලත්. ඉතින් අපි බනින්න ඕනේ කාටද කියල තීරණය කරන එක උබලාට බාරයි.
     
    Aug 4, 2015
    11
    0
    0
    Ubala Danna teaching.. Mona magula gena kiyannath kalin kiyana dewal eththada kiyala hoyala balala kiyapalla. Nokan katata ena paliyata kiyanne nethuwa. poddak teach karana kenek gena hoyala balapan, karanna kochchara weda tiyenawada kiyala. ara bank eke un 3ta off wenawa kiwwa wage thama mekath....
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    උබ දවසක උබෙම ළමයට පාඩමක් අරන් කියල දෙන්න ට්‍රයි කරපන්. උබට තේරෙයි එක ලමෙක්ට උගන්නන එක කොච්චර අමාරුද කියල... හිතාගනින් පන්තියක ළමයි 40 ගානේ දවසම වැඩ කරද්දී කොහොම මහන්සියක් ඇතිද? මම නම් කියන්නේ ගුරුවරුනට තරම් ස්ට්‍රෙස් එක නෑ වෙන කිසිම එකෙක්ට. ඒ විතරක් ද දින සැලසුම් සති සටහන් වාර සටහන්, තව ලියන්න දේවල් කොච්චරක් ද ? උබ ගුරුවරයෙක් ගේ ජිවිත කතාව ගැන දන්නා විදිහ තමා බන් ඔය. පිටින් බලල තීරණය කරන්න එපා කිසි දෙයක්. මට පොඩි කලේ ඉදල දැක්ක දේවල් සහ දැනුත් අත්විඳින දේවල් වලින් ටිකක් කිව්වේ.

    මම ගුරුවරයෙක් නෙමෙයි.

    :yes::yes::yes::yes::yes::love:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,275
    12,524
    113
    Piliyandala
    මම බස් ඩ්‍රයිවර් කෙනෙක්. පාරට බැහැලා එක දවසක් බස් එකක් එලෝලා බලපන්. ගුරුවරුන්ගේ ස්ට්‍රෙස් එක කජු කනවා වෙයි උබට. ලංකාවේ ඔක්කොම ජොබ්ස් ස්ට්‍රෙස් තමා. අරකට වඩා මේක හොදයි කියන්න බෑ. තුවක්කු පෙන්නලා හාඩි, විද්‍යා පීට යවලා ගුරුවරු කලේ නැනේ. තමන්ගේ චොයිස් එකනේ. ඕනා වෙලාවක බැහැලා යන්න පුළුවන්නේ අකමැති නම්.. ඕනා තරම් මිනිස්සු ඉන්නවා එන්න.

    ඕන වෙලාවක බැහැල යන්න බැහැ බන්. අනිවා පලවෙනි අවුරුදු 5 සේවය කරන්න ඕනේ. උබ දන්නේ නැත්තම් පොඩ්ඩක් හොයල බලපන්. එක පාරටම තීරණය කරන්න එපා.. උබ කියන කතාව ඇත්ත වෙන්න ඇති වෙන ජොබ් වලත් අනිවා ස්ට්‍රෙස් එක තියෙනවා.. මම කියන කතාව කොහොමද කියල උබ 8 වසරෙන් පහල පන්ති උගන්නන ගුරුවරයෙක් ගෙන් අහපන්කෝ... ගුරුවරයාට ඉහල ඉන්න සියලු නිරධාරින්ගේ ප්‍රෙෂර් එක වැටෙන්නේ ගුරුවරුන්ට. (අධ්‍යාපන අමාත්‍යාංශය ඉහල ඉඳල සහය විදුහල්පති වෙනකන්. ) කිසිම වුර්තියක් ලේසි නෑ බන්. උබ දන්නා මට්ටම අනුව ලේසියි කියනවා එච්චරයි:rolleyes:
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Eskole gihin egena gaththa nathi moda harakek!!!

    Moda katha kiyanna epa, ban!


    Mage amma teacher kenek - No tuition - Gedarath awith Eskole lamaige wada. Nivadu kale paper marking.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,919
    34,277
    113
    school eke hariyata ugananawanam lamayawa private tuition daanna wenne naha

    මේ කතාව හරි. උදේ 7.30 සිට 1.30 වෙනකන් තියෙන්නේ අධ්‍යාපනය ලබන්න. 1.30න් පස්සේ ළමයින්ට විෂය බාහිර ක්‍රියාකාරකම් කරන්න තියෙන්නේ ඕන. ක්‍රීඩා කටයුතු කරන්න තියෙන්න ඕන. 7.30 ඉඳලා 1.30 වෙනකම් ඉගෙන ගෙන අායේ 1.30 පස්සෙත් ටියුශන් ගිහින් විෂය කරනු ඉගෙන ගන්නවා කියන්නේ මොන විහිලුවක්ද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම බස් ඩ්‍රයිවර් කෙනෙක්. පාරට බැහැලා එක දවසක් බස් එකක් එලෝලා බලපන්. ගුරුවරුන්ගේ ස්ට්‍රෙස් එක කජු කනවා වෙයි උබට. ලංකාවේ ඔක්කොම ජොබ්ස් ස්ට්‍රෙස් තමා. අරකට වඩා මේක හොදයි කියන්න බෑ. තුවක්කු පෙන්නලා හාඩි, විද්‍යා පීට යවලා ගුරුවරු කලේ නැනේ. තමන්ගේ චොයිස් එකනේ. ඕනා වෙලාවක බැහැලා යන්න පුළුවන්නේ අකමැති නම්.. ඕනා තරම් මිනිස්සු ඉන්නවා එන්න.


    hamoma thamange job eka gana ohoma hithanne bn
    eka sapeksha deyak
    but aththa eka nemei
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මන් දන්නා තරමටනම් ගුරුවරුන් උගන් වන්නේ එයාලට දීලා තියෙන syllabus එක, උන්ට ගුරු පුහුණු වීම් කියල දෙයක් කරලා උන්ට බාර දීල තියෙන syllabus උගන්න විදිය උගන්වනවා, ඉතින් ගුරුවරු ඇවිත් ළමයින්ට එක ඒ විදියට කරනවා. ප්‍රශ්නේ ඔය උබල කියන විදියට ගුරුවරු උගන්වන විදියේනම්, එකට වග කියන්න ඕනේ ගුරුවරු නෙමෙයි බන්, ඔය සිස්ටම් එක පවත්වාගෙන යන අය. ළමයින්ගේ මොළ ගෙඩි වලට අසූචි පුරවන්නේ ගුරුවරු කියල කියවනවා නම් ඔය අසුචි ඔය විදියට පිළියෙළ කරන්නේ අපේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන්. උන් තමයි තීරණය කරන්නේ මොනවද කොහොමද උගන්වන්නේ කියල, අනික උන් පරීක්ෂකවරු එවල බලනවා අධ්‍යාපන බලධාරීන් කියන විදියටම කරනවද නැතිද කියලත්. ඉතින් අපි බනින්න ඕනේ කාටද කියල තීරණය කරන එක උබලාට බාරයි.
    :angry::angry:
    අනේ මන්ද බන් ඉස්කෝලේ මුන්ට උගන්වන් නැද්ද ?ඉගෙනගන් නැද්ද කියලා. සමහර විෂයන්වල මුළු වාරෙටම පොත්වල ලියල තියෙන්නේ පිටුවයි දෙකයි.
    තව ළමයි කීපදෙනකුගේ බැලුවමත් එහෙමයි. ළමයි ලකුණු අඩුවෙන් ගත්තම පන්ති බාර ටීචර්ලා දෙමව්පියෝ ගෙන්නනවා රිපෝර්ට් දෙන්න.අනිත් ළමයි ඉස්සරහ අඩු ලකුණු ගත්ත ළමයට පාච්චල් කරනවා.දෙමව් පියන්ගෙන් අහනවා දුර්වල විෂයන්ට පන්ති යවන්නේ නැද්ද කියල.මේ වාරේ ලකුණු 24 ගත්ත දරුවා රු.1500/=ටියුෂන් පන්තියට ගිහින් ඊළඟ වාරේ 80 ත් පන්නල ගන්නවා. එතකොට දුර්වල ළමයද?ගුරුවරය ද?අර ලකුණු 24 ගත්ත වාරේ හැමෝම අමාරුයි කියන ඉංග්‍රීසි වලට අර ගුරුවරයා පාච්චල් කරලා කතාකරන ළමයා ලකුණු 90 කට එහා ගන්නවා.එතකොට දුර්වල ළමයෙක් නම් එහෙම ලකුණු ගන්න පුලුවන්ද ?මේවා බොරු නෙමෙයි.සත්‍ය ජීවන අත්දැකීම්.මුන්ගේ රෙදි ගැලවෙන්න ඉතින් කතා කරන්න පුළුවන්.එහෙම වුනාම දරුවන්ගෙන් පලි ගන්න නිසා දෙමව්පියන් කටවහන් අහගෙන ඉන්නවා.දැන්නම් ඉස්කෝලවල අධ්‍යාපනය කියල බොරුව කරන්නේ බන්. :angry::angry::angry::angry: