බදින්න කලින් හොද ස්ථාවර තත්වෙකට අැවිත් ඉදපන් මචන්.. බැදලා අැවිත් ගෑනිට කන්න බොන්න අදින්න දෙන්න බැරි වුනාම ප්රශ්න පටන් ගන්නවා..ඊට පස්සේ ජීවිතේ කලකිරෙනවා.
බැදලා දෙන්නට ගමන් බිමන් යන්න අඩුම තරමේ මෝටර් බයිසිකලයක්වත් ගනින්. කොයි ගෑනිත් කැමතියි තමන්ගේ වාහනේක ගමන් බිමන් යන්න. හැමදාම බස් ගානේ යන්න ගියාම තියෙන දුක තේරෙනවනේ. මේක ලොකුවටම දැනෙන්නේ ලමයෙක් හම්බෙන්න ඉද්දි. බස් වලින් ක්ලින්ක් වලටයි අරවට මේවට යද්දි ගෑනිටම කලකිරෙයි. එයාගේ යාලුවෝ වාහන වලින් අැවිත් බැහැලා යද්දි උඹව බැන්දේ අපරාදේ කියල හිතෙයි. ඒ් නිසා ස්ථාවර වෙයන් හොදට.
වැදගත්ම දේ බැන්දට පස්සේ පුලුවන්තරම් වෙනම ජීවත් වෙන්න උත්සහ කරපන්. උඹට කාලයක් යනකම් හිතේ ලොකු ප්රශ්නයක් නැතුව පවුල් කන්න පුලුවන්.
අඩුම තරමේ 30ට කලින් බැදපන්. අපි මැරුණ දවසක පෙට්ටිය යටින් දුවන පොඩි එවුන් ඉදල වැඩක් නෑ.
මතක් වුන දේවල් ටිකක් කිව්වේ.
30 දි බැඳලා 30 දිම හු*ලා 31 දි උබට ළමයෙක් හිටියොත් ලංකාවෙ ආයු අපේක්ෂාව 75 ක් කියන එක ගත්තොත් උබ මැරෙද්දි ළමයාට 44ක් වයස.
ළමයා ගැණු දරුවෙක් නම් 24 ට කලින් බැන්දයි කියමු එතකොට ඒකිට ලමයෙක් ඉඳිවි අවුරුදු 20 කට කිට්ටු වෙන. ඒ කිව්වෙ උඹෙ මුණුපුරා/මිණිපිරි
කොල්ලෙක් නම් උඹ වගෙන 30 දි බැඳලා හු*ලා 31 දි ළමයෙක් හිටියොත් උටත් ඉස්කොලෙ ඉස්කොලෙ 8 වසරෙ පොඩි එකෙක් ඉඳීවි උඹෙ මුණුපුරා/මිණිපිරි
මුණුපුරාලා මිණිපිරීලා පෙට්ටිය යටින් යාවි
අපෙ පැත්තෙ ආච්චි කෙනෙක් සහ සීයා කෙනෙක් ඉන්නවා ඉන්නවා.දෙන්නාට ළමයි 7 ක් ද කොහෙද
දෙන්නාගෙ ලොකුපුතාගෙ දුවගෙ දුවත් ඉස්කොලෙ 10 වසරෙ දැන්.
ඒ කිව්වෙ දෙමහල්ලන්ගෙ ලොකු මිණිපිරිගෙ දුව,
දෙමහල්ලන්ගෙ ලොකු මිණිපිරිත් ආච්චි වෙවි ටික කාලෙකින්
අපරාදෙ කියන්න බැහැ ආච්චි සීයයි තාම ඇවිදිනවා අත්වාරු නැතුව හොඳට වැඩපල කරනවා
එහෙම ලක් එකක් අපිට තියෙවිද දන්නෙ නැහැ ඉතිං



