[FONT="]රෙප් දුන්නා මචං...ගොඩක් වැදගත් ලිපියක්..මමත් මේ දවස් වල ගෙයක් හදනවා. දැන් නම් ස්ලැබ් එකත් දාලා ඉවරයි..ස්ලැබ් එක දාද්දි නම් හොදට ඇහැ ගහගෙනම ඉන්න ඕන මචං.මොකද බාස්ලා කම්බි හරියට බදින්නේ නෑ.එක්කො ඇදට බදී.ඒක නිසා කම්බි බදිද්දියි කොන්ක්‍රීට් දාද්දියි උඹත් උඩටම වෙලා ඉදපන්.අනික බාස්ලා පොඩි කපටිකමක් කරනවා ස්ලැබ් එක දාද්දි.උන් කම්බි බදින්න ගන්නේ ගොඩක් වෙලාවට රෑට.ඊට පහුවෙනිදාට කොන්ක්‍රීට් දාන්න ගනී.ඒක නිසා කොන්ක්‍රීට් එක දාන්න කලින් කම්බි බැදපුවා හොදට බලපන් කෙලින්ද කියලා.අනික සමහර උන් හරියට කම්බි ගැටගහන්නෙත් නෑ.ඒක නිසා ඒවා කරද්දි නිවාඩු දාලා හරි තමන්ම බලන්න.මොකද ආයේ කොන්ක්‍රීට් දැම්මට පස්සේ මොකුත් කරන්න බෑ.අනික් කරුණ තමයි කම්බි බැදලා ඉවර උනාට පස්සේ වයරින් එකේ බට ටික හරියට දා ගන්න.ඒකත් ගොඩක්ම වැදගත්.හරියට බට ටික දැම්මත් කොන්ක්‍රිට් දාන උන් කිසි ගානක් නැතිව බට උඩින් වීල්බැරෝ අරන් යනවා.අනික උන් කොන්ක්‍රීට් දාද්දි වයරින් බට ගැන කිසි තැකීමක් කරන්නේ නෑ.ඒක නිසා කොන්ක්‍රීට් එක දාද්දි උඹ අනිවා ඉන්න ඕන. වයරින් කරද්දි දාන [/FONT]JUNCTION BOX [FONT="]උඩට ඉස්සල්ලාම කොන්ක්‍රීට් දා ගන්න සවල ගානේ. එතකොට ඒවා හයිවෙලා බට එහෙ මෙහේ යන්නේ නෑ කොන්ක්‍රීට් කරද්දි..තව මතක් වෙන කරුණු පස්සේ දාන්නම් මචං...[/FONT]