මට දැන් අවුරුදු 21 ක් වෙනවා. exam කරා 2පාරක්. තුන් වෙනි පාරත් කරන්න ගිහින් නැවැත්තුවා. දෙපාරම රිසල්ට් වැඩි වෙනසක් නෑ. (Maths).හිතූ තරම් දුර යන්න බැරි උනා.(physical science විතරයි) ඒ මදිවට හොදටම කෙට්ටුයි. මට දැනෙනවා නිකන් ජීවිතේ එක තැන පල් වෙනවා වගේ.මාවම එපා වෙනවා. මහා පාලුවක් දැනෙනවා වෙලාවකට.සතුටකුත් නෑ.දුකකුත් නෑ.කරන්න හිතන් ඉන්න වැඩක් හරි යන්නෙත් නෑ.අවුරුදු 21ම ගෙවුනෙ මහා එපා කරපු විදියට.ඉස්සරහා ටිකත් ඒ විදියටම වේවිද කියලා මහා බයක් දැනෙනවා.හීන සෑහෙන්න තිබ්බට දැන් හීන දකින්න පවා බයයි. ඒවා නැති වෙන නිසා. ඔහේ ජීවත් වෙනවා. මේකට ව්සදුමක් නැද්ද

Last edited:



අනිත් එවුන් දැන් මේ මේ තැන් වල, මම තවම මේ මේ තැන් වල කිය කිය හිතන තාක්කල් උබට ගොඩ ඒමක් නැත
ඒ නිසා නෑ බෑ කියල හිතන එක නවත්තල, පුළුවන්, අනිවා ගොඩ දාගන්නවා, හැමදේම හරියනවා, මට බැරි නෑ, හැමදේම හරියයි කියල හිතපන් අද ඉදන්