හදිස්සියේවත් ඉර නැති උනොත්(ඉර වගේ විශාල ස්කන්දයක් එහෙම එකපාර සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි, except for quantum tunneling වගේ incident), අපිට ඒක දැන් ගන්න විනාඩි 8ක කාලයක් යනවා, මේ විනාඩි 8 කාලය ඉවර වෙනකොටම gravitational ෆීල්ඩ් එක නැති වෙන නිසා පොලව ගමන් කරමින් තිබුනු කක්ශයෙන් ඉවතට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ඉවතට යනවා,
නමුත් ආලෝකය මගින් ගුරුත්ව බලපෑමක් සිදු කරන්න හැකියාවක් නෑ(විශාල ස්කන්දයක් මගින් ආලෝකය මත බලපෑමක් ඇති කරනවා පමනයි (කලු කුහරයකදී ආලෝකයට යන එනමන් නැති වෙන සීන් එක දැක්කම ඒක තේරෙනවනේ, අවකාශ-කාලයේ වක්‍රතාවයක් වෙනවා වගේ), මොකද ආලෝකය කියන්නේ පෝටෝන වල එකතුවක්, ඉතින් පෝටෝන වලට ශක්තිය, momentum එක තිබුනත් ස්කන්දයක්() නෑ. සමහර අය කියනවා photon වලට වලට ස්කන්දයක් තියෙනවා කියලා මොකද photon වලට ශක්තිය තියෙනවා E = hf වලට අනුව කියලා( h ප්ලාන්ක් නියතය, f - photon වල frequency එක). ඔවුන් කියනවා ශක්තිය(E), සමානයිලු ස්කන්දයට according to අයින්ස්ටයින්ගේ E = mc2 ට අනුකූල වෙන නිසා.ඒ වගේම photon වලට momentum( p) එකක් තියෙන නිසා ඒක අනුකූල වෙනවා කියලා ස්කන්දයට(m) by
p = mv, නමුත් ඒකෙන් ඇත්තටම කියන්නේ "relativistic mass" එක කියන කන්සෙප්ට් එක ගැන. ඒක පරන තියරියක් (Relativistic mass which is measure of the energy E of a particle, that changes with velocity), නමුත් එකෙන් හැගවෙන්නේ නෑ photon වලට ස්කන්දයක් තියෙන බව, ඒක වැරදියි,ඒ නිසා අපිට කියන්න පුලුවන් එහෙම ආලෝකයෙන් බලපෑමක් වෙන්නෙ නෑ කියල දැනට .
(මගෙ subject එක physics නම් නෙවෙයි, දන්න විදියට කිව්වෙ, අවුලක් තියෙනව නම් සොරි)
ඇත්තම කියනව නම් දැන් තියෙන්නේ නිව්ටන්ගේ භෞතිකය නෙවෙයි, quantum physics වලට අපි අප්ග්‍රේඩ් වෙලා, ඒත් ඕකත් සාපේක්ශයි කියන්න පුලුවන් මොකද අපිට කියන්න බෑ කොයි වෙලාවේ කොයි රාමුවකට, අවස්තා වලට අනුකූලව quantum වල තියරිත් වැඩ කරයිද, කෙල වෙයිද කියලා, දැන් ක්වන්ටම් ඵ් වලින් ආත්මය(soul), afterlife කියන එක ගැනත් theory එනවා හො ඒකත් ශක්ති ප්‍රභෙදයක් විදියට සලකනවා , මීට කලින් ඔය ඔක්කොම just a myth වුනේ, ඔය කොහොම කරත් අවසානේට කියන්න වෙන්නේ හැමදේම අනිත්‍යයි කියන එක තමයි.
(මම මේ ලගදි දැක්කා CERN එකේ research එකකින් හොයා ගෙන තියෙනවා
neutrinos(subatomic particles එකක්) ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරනවා කියලා, එහෙම උනොත් අයින්ස්ටයින්ගේ special relativity( E = mc2)තියරියත් valid වෙන්නේ නැති සීන් එකක් තියෙනවා මොකද අයින්ස්ටයින්ට අනුව රික්තකයකදි සක්කරයටවත් ආලෝකයේ වේගය පාස් කරලා යන්න බෑ, බෑමයි , දැන් මතක නෑ)