|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Solid බැටලා නැතුව 250 ගහන්න බැහැ..ඕක තේරෙන්නේ නැති තේරීම් කමිටුව :lol::lol: ඉදලා හිටලා මැච් එකක් දින්නට පොල් අඩි සෙට් එක නිසා,පැරදෙන ගාන වැඩි :dull:

    තිසර
    සේක්කුගේ
    ෂෙහාන්
    කපුගෙදර

    මුන් 04 දෙනාම බලෙන් හරි සමු ගන්න වත් ඕන :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    මැතිව්ස් අයින් වුන එකාව ආයේ පත් කරේ ඇයි කියහන්කෝ.. කිසිම ක්‍රීඩකයෙක් කණ්ඩායම් හැඟීමෙන් සෙල්ලම් කරන්නේ නෑ.. එපා කියන එකාමලු අන්තිමේ නායකයා
     

    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    42044386_953075748210906_5159923144764424192_n.jpg
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මැතිව්ස් නායකයා කරපුවම හිතුන මේ සිරිස් එකත් ඉවරයි කියල. කොහොමත් ඔය දෙකෙන්ම කන්න තිබුන මේ නිසා.
    මැතිව්ස් නැතිකොට ටීම් එක හොඳට කරා, තරංග ටික කාලයක් කර 70% හොඳට කරා, ඊට පස්සේ චන්දිමාල් කරා එයත් 70% වගේ හොඳට කරා. තිසරට දුන්න චාන්ස් වලිනුත් පොර හොඳටම කරා. මෙහෙම හොඳ එවුන් ඉද්දි, ලකුණු අතර නැති, බොරුවට ජාම බේරාගෙන ඉන්න මත්ව්ස් අයෙත් දැම්ම. ඉවරයි නේ. දැන් ඉවරටේම ඉවරයි.
    හතුරු නෙමේ සක්රයාගේ වයිම ඇවිත් ටීම් එක ගත්තත් දැන් වැඩක් නැහැ.
    ක්‍රිකට් ටීම් එකේ කිසිම හොඳක් වෙන්නේ නන මත්ව්ස් ගොතය ඉන්නකල්.

    Thisarta dunna chance wln hodatama kala lol .Tharangageth loku hodak tibbe nane. Habai e kale team eke hitya ank unuth melo rahak ne. Kohoma hari u yatathe team eka develop venna idk dunne ne . U pakistn ynn be kiva hnda uva kapuva. Eta passe team eke hitye neth TP captain kala:lol: okkoma kela unata passe aye mathewstama dunna. hariyta u kalin captain krpu hati mathaka ne wage.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ට වෙනම සමාජ ශාලාවක් දාලා දෙන්න ඕනේ මැච් ගහන ගවුන්ඩ් එකේම.සුද්දියෝ ටිකකුත් එක්ක.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    England Team ekath ekka match ekata practice karana ban Asia Cup eken ikmanata awe.... හැබැයි මෙහෙම ගියහම ඒෂියා කප් තියා අයිස්ක්‍රීම් කප් එකක් වත් දිනන්න ලැබෙන්නේ නෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1996 අවුරුද්දෙ කෙන්යාවෙ නයිරෝබි වල තිබ්බා සිව්කොන් තරඟාවලියක්..
    ලංකාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ කෙන්යාව තමයි ටීම් 4..
    ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙද්දි 95%ක් ෆයිනල් ටීම් දෙක තේරිලා ඉවරයි..
    ඒ ලංකාවයි දකුණු අප්‍රිකාවයි.. පකිස්ථානයට ෆයිනල් එන්න නම් ලොකු මාජින් එකකින් මැච් එක දිනලා
    නෙට් රන්රේට් එකෙන් ඉස්සරහට එන්න ඕන වෙලා තිබ්බා.. ඒක කරන්න මාර අමාරු වැඩක්..
    මොකද පක්කො ගොඩක් පස්සෙන් හිට්යෙ අනික අපි ඒ වෙනකොට වර්ල්ඩ් කප් දිනලා මාස ගානයි..
    කොහොමහරි පක්කො මුලින් බැට් කරලා 381ක් ගැහුවා, අපිට ෆයිනල් යන්න ගහනන් තිබ්බෙ 290යි..
    ඒත් අපි 289ට ඕල් අවුට් වෙනවා වකාර් වාස්ට දාපු සුපිරි යෝකර් එකකින්..
    අපි ෆයිනල් එකෙන් එලියට විසි වෙනවා නොහිතපු විදියට..
    අන්තිම ඕවර් එකේ වාස් ගහන හතරෙ එකක් ගහක වැදිලා වටුනා කියලා හාහූවක් යනවා..
    ඒ දවස් වල ෆේස්බුක් ගොසිප් මුකුත් නැහැ.. ලංකාවම පැය ගානක් බලන් හිටියා අර 4පාර 6ක් වෙලා අපි
    ෆයිනල් ගිහිල්ලා ඇති කියලා.. ඒ දවස් වල සිරස එෆ් එම් ආපු මුල් අවුරුදු 2-3.. හරිම ජනප්‍රියයි..
    ඉතිං මට අද වගේ මතකයි කැලුම් ශ්‍රීමාල් ප්‍රවෘත්ති වලට පස්සෙ විශේෂ ක්‍රීඩා ප්‍රවෘත්ති කියලා මේ නිව්ස් එක කිව්වා..
    ඒක තමයි අපි ෆයිනල් සිලෙක්ට් වෙලා නැහැ, 4 පාර 6 කියලා කියපු එක වැරදි ආරංචියක් කියලා..
    මගේ හදවත කඩා වැටුන විදිය අදවගේ මතකයි.. අදත් මැච් පැරදුනාම එන්නේ ඒ හා සමාන දුකක්මයි..
    ඊයෙ රෑත් එහෙමයි..
    අපි විදවන මේ දුක අපේ ක්‍රීඩකයෝ ඇත්තටම දන්නව නම්..... මීට වඩා කැපවෙලා සෙල්ලම් කරයි..
    අවසාන වශයෙන් කියන්න ඕන 90 ගනන් වල වගේ ක්‍රිකට් වලට ආදරෙන් ගහපු රට ගැන හිතපු/ කැක්කුමක්
    තිබ්බ ටීම් එකක්, අර්ජුන වගේ නායකයෙක්, ආනා පුංචිහේවා වගේ පරිපාලකයෙක්, ගාමිණී දිසානායක වගේ
    ඇමතිවරයෙක් හිටපු සමයක ක්‍රිකට් බලන්න අපි වාසනාවන්ත උනා..
    ආයෙ මැරෙන්න කලින් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා..
    එදා කැලුම් ඒ ප්‍රවෘත්තිය කියලා ඉවර කරලා දැම්මේ මෙ සිංදුව.. ඒක දාලා මමත් ඉවර කරන්නම්..


     
    Last edited:
    • Like
    Reactions: shanehbrsj