පොහොර ගස

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොහොර ගස හෙවත් මී ගස
    -------------------
    අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනමි කරපු එකම වෘක්ෂයයි.
    කෙතරමි පූජනීය වුවත් බෝ ගස කපන්නට රජුගෙන් අවසර ගත යුතු වූයේ නැහැ.
    නමුත් මී ගස තහනමි.
    1833 සුද්දා විසින් ඉදිරිපත් කෙරූ " කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණවලින් " පසු මී ගස කැපීම ආරමිභ වූවා.
    කුඹුරේතැන තැන තිබූ දැවැන්ත මී ගස් ටික කැපුවෙි අපිමයි.
    සුද්දා ඒකට අපව දිරිමත් කලා .ගොවි බිමි පාලු උනාම අපි සුද්දගෙ වත්තෙ වැඩට ගියා.
    පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස . මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා.එයින් ගිනි පෙටිටි පියනක පුමානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා.

    වවුල් වසුරු වල ඇති සංඝටක ස්වභාවික ව දිරාපත් වන දෑ .බැර ලෝහ එහි නැහැ.ඇමෝනියා ,යූරියා , TDM පොහොර වලින් දෙන රසායනික උත්තේජනය දෙනවා. හැබැයි දිරාපත් නොවෙන බැර ලෝහ නැතුව .

    රසායනික පොහොර වල ඇති බැර ලෝහ නිසා අපේ වකුගඩු විනාශ වනවා.
    මී ගසට ඇදී එන වවුලන් නිසා ගොවිතැනට ඇදී එන පළිබෝදකයන් විශාල ලෙස පාලනය වන අතර මී ගසේ මල්වලට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයමි මැස්සන් කුඹුරට ඇදී ඒම සීමා වෙනවා.

    මෙලෙස ස්වාභාවික පලිබෝද පාලනය මී ගසේ ඇති තවත් එක් සුවීශේෂී ලක්ශනයක්.

    සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.

    හෙළ රජ දරුවන් මහත් ඕනෑකමින් ආරක්ෂා කළ මී ගස වී ගොවිතැනේ දී කෘමීන් පළවා හැරීමටත්, පක්ෂීන් ආකර්‍ශනය කර ගැනීමටත්, පත්‍ර කෙත සරුකරන පොහොරක් ලෙසත් උපයෝගී විය. කුඹුරු අක්කරයකට එක් මී ගසක් ප්‍රමාණවත්ය. මී ඵල රස බැලීමට පැමිණෙන වවුලන්ගේ වසුරුවලින් පැළ ගොයමට අවැසි ජීවාන්තර පොහොර (නයිට්‍රජන්) ලැබේ. තවද ගොයමට හානිකර වූ මැස්සන් ආදි කුඩා කෘමි සතුන් වවුලන්ගේ ආහාර වීම නිසා ගොයමට සිදුවන කෘමි හානිය ද පාලනය වේ. එමෙන්ම මී ම‍ලෙහි පැණි බීමට එන මී මැස්සන්ගේ නාදයද කෘමි හානිය අවමවන තවත් ක්‍රමයකි. තවද පැරැන්නෝ කෙම් ක්‍රමයක් ලෙස නැගෙනහිරට පිහිටා ඇති මී මුලක් කුඹුරෙහි සිව් කොනෙහි ගැසීම කරන ලදි. ඉන් බලාපොරොත්තු වූයේ කෘමි හානිය අවමකර ගැනීමයි. එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරිණි. පැරැන්නෝ මෙවැනි ප්‍රයෝජන රාශියක් අත්කරගත් මී ගසට වි‍ශේෂ ස්ථානයක් ලබා දී තිබුණි. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වී ඇත. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගනී. නමුත් මෙහි අහිතකර ප්‍රතිථ්ල ‍ය වන්නේ මිනිසා රෝගියකු කිරීමයි..

    රජරට අනුරාධ තෙන්නකෝන් මහතාගෙ ලිපියක්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,568
    113
    හෙල රජ දරුවො කියන්නෙ රජාටද රජාගෙ ලමයින්ද?

    avatar510150_9.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,885
    1
    56,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ කවුරුහරි පින්වතෙක් වවුල් බෙටි තියරිය මට පැහැදිලි කරන්ඩකො. මී ගෙඩි කාල වවුල්ලු කුඹුරට බෙටි දානවලු ද? නැත්නම් ගොවිය මී ගහ යටින් වවුල් බෙටි එකතුකරන් ඒව කුඹුරට දානවලුද?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ කවුරුහරි පින්වතෙක් වවුල් බෙටි තියරිය මට පැහැදිලි කරන්ඩකො. මී ගෙඩි කාල වවුල්ලු කුඹුරට බෙටි දානවලු ද? නැත්නම් ගොවිය මී ගහ යටින් වවුල් බෙටි එකතුකරන් ඒව කුඹුරට දානවලුද?

    කුඹුරු යාය මැද මී ගස් තියනකොට වවුල්ලු බෙටි දාන්නේ කුඹුරට
    :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අනේ කවුරුහරි පින්වතෙක් වවුල් බෙටි තියරිය මට පැහැදිලි කරන්ඩකො. මී ගෙඩි කාල වවුල්ලු කුඹුරට බෙටි දානවලු ද? නැත්නම් ගොවිය මී ගහ යටින් වවුල් බෙටි එකතුකරන් ඒව කුඹුරට දානවලුද?


    ඉස්සර කාලෙ මිනිස්සුන්ට තිබ්බා ඒ අයගෙම තාක්ෂණයක්. ඒකට අනුව තමයි ඉස්සර මිනිස්සු වැඩ කරේ.

    අපේ ගොවියන්ට අස්වැන්නෙන් බිත්තර වී ටිකක් අරන් තියලා ඒවා වගා කරන්න බැරි වෙලා තියෙනවා. පිටරටින් මුදලට දෙන බිත්තර වී ටික එනකම් බලන් ඉන්නවා.

    අපේ ගොවියන්ට පොහොර නිශ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුව සල්ලි දීලා පිට රටින් ගෙන්නන පොහොර ටික සහනාධාරයක් වශයෙන් ලැබෙන කම් බලාන් ඉන්න මොඩ් ගොවියෝ ටිකක් දැන් ඉන්නෙ.

    ගොයමට එන සත්තුන්ව පාලනය කරන්න සුද්දා මුදලට දෙන කෘමි නාශක ගහනව මිසක් අපේ රටේ ස්වභාවික දෙයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.

    මේ සේරම මීගසෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මී ගස වෙල මැද්දෙ තිබුනොත් වවුල් බෙටි වෙලට වැටෙනවා. වෙල අයිනක තිබ්බොත් එකතු කරගෙන ගිහින් ඉහිනවා. මී මල් වල පැණි බොන්න එන මී මැස්සන්ගෙ සද්දෙට බයට ගොයමට සත්තු එන්නෙ නෑලු.

    මේවා ජෝක් එකට ගන්න එපා මචන්. අපේ රට ආක්‍රමණය කරන්න ආපු හැමෝටම ඕන උනා අපිව යටත් කරගන්න. ඒ ආපු අයගෙ දරුවොත් දැන් අපේ සමාජයේ ඉන්නවා. ඒ හැමෝම ශ්‍රීලාංකිකයො. මම දන්නෙ නෑ උබේ ආගම ජාතිය මොකක්ද කියලා. අන්තිමට ආපු සුද්දා අපිව දාලා ගියාට අපි තාමත් උන්ට යටයි.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ගංජා වලටත් ඔය දේම වුනා කියල අහල තියනව
    rep++++