බැංකු ගනුදෙනු වලදි එස්එම්එස් එකකින් ගණුදෙනුකරුට දැනුම් දෙන්න කියලා යෝජනාවක් ගියා පහුගිය කාලෙ. එස්එම්එස් අනිවාර්ය කරලා ටැක්ස් ගහලා ඒකෙනුත් බැංකු වලට කෙලීවි. අන්තිමේ මොබයිල් නෙට්වර්ක් හම්බ කරාවි අසීමිතව. ලාභය අඩු වෙද්දි ආණ්ඩුවේ බැංකු වලින් ආණ්ඩුවට ලැබෙන සල්ලි අඩු වේවි. ආණ්ඩුව ගණන් හදන්නෙ අලුතින් ආදායම් ලැබේවි කියලා හිතාන. ඒත් අන්තිමේ වෙන්නෙ වක්රාකාරව වෙනත් පැත්තකින් ආණ්ඩුව තමන්ට ලැබෙන ආදායමක් නැතිකරගැනීම.