මගේ ඉඩමක් තියලා මම යාළුවෙකුට සල්ලි වගයක් අරගෙන දුන්නා, කිසිම ලියවිල්ලක් ගත්තේ නැහැ, අවුරුදු ගානක් ගියත් මිනිහා මේක බේරලා දුන්නේ නැහැ, පස්සේ ඉඩම සින්න වෙන්න ගියා, මම යාළුවට කිව්වම ගනන් ගත්තේ නැහැ, පස්සේ මිනිහව පොලිසියට එක්කගෙන ගිහින් පොලිසියේදී ලියවිල්ලකට අත්සන් ගත්තා මුදල් ගත්ත බවටත්, මගේ ඉඩම බේරා දෙන බවටත්. එත් උසාවියේදී ඒ පැත්තේ ලොයර් ටොක් කරා මුදල් ලබා දීලා අවුරුදු ගානකට පස්සේ පොලිසියට එක්කරගෙන ගිහින් බය කරලා ලියවිල්ලක් අත්සන් කරගෙන තියෙන්නේ, අනික තමන්ගේ ඉඩමක් උකසට තියලා අනුන්ට සල්ලි අරගෙන දුන්නා කියන කතාව පිලිගන්න අමාරුයි, අනික ඉඩම තියලා තියෙන්නේ අයිති කෙනා මිසක් සල්ලි ගත්තා කියන කෙනා නෙමෙයි වගේ ලොකු ටොක් ගොඩක් ගියා, පස්සේ නඩුව ඇදි ඇදි ගියා. නිසා මම පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා. ඉඩමේ ආසාව හිතින් අයින් කරගත්තා, මැරෙන්න ගියත් කාටවත් උදව් කරන්නේ නැහැ කියලත් හිතා ගත්තා. තාමත් ඒ ලියවිල්ල මගේ ලඟ තියෙනවා, මේකට මට අපහු කෙස් එකක් දාන්න බැරිද, මොකද මේ දවස් වල මට ටිකක් මුදල් අමාරු කමක් තියෙනවා. ඉඩම නැතත් අඩුම තරමේ ගත්ත සල්ලි ටිකවත් ලැබුනොත් වටිනවා, මම පොලියක් ගත්තෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. මුදල විතරක්වත් ලබා ගන්න ක්රමයක් තියෙනවද ?





