Ganan karala ne pons.
Sunday palli giyama ahaganna puluwan oka hariyatama.
ඔබට යහපතක්ම වේවා. මෛත්‍රී වේවා...
Ganan karala ne pons.
Sunday palli giyama ahaganna puluwan oka hariyatama.
පෝරිසාදයා;23932339 said:
සිද්ධර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර ඒ ඈත කාලයේ ලොව පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ භින්න මාතෘක කුමරියක්ව උපත ලැබුවාය. බුදුරදුන්ගේ පියා නිසාම වෙනත් බිසවකගේ කුසින් උපත ලද කුමරියක යන්න එහි අදහසයි.
එදා ඒ කුමරිය අබ හේනක් වපුරුවා, සියතින්ම අබ වගාවට පහසුකම් සලස්වා, ඒ අබ නෙලා කොටා තෙල් සිඳ, ඒ අබතෙල් දීපංකර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නිසභ මහරහතන් වහන්සේට පූජා කොට “ මේ පිනෙන් මටත් මාගේ සහෝදරයන් වහන්සේට සේම, සම්මා සම්බුදු බවට පත්වීමට හැකි වේවා! යි ප්‍රාර්ථනා කළාය. එම ආත්මයේදි මගේ නම අබ හඳුන්වන ලද “ සිද්ධාර්ථ” නාමය ම වේවා! යි ද ප්‍රාර්ථනා කළාය. නිසභ මහරණුවෝ පාත්‍රය පුරා පූජා කරන ලද අබතෙල් පිළිගෙන සන්ධ්‍යා සමයෙහි බුදුරදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට පූජා කළහ. එහි සිටි දහස් ගණනක් මහා සංඝයා වහන්සේට පූජා කළ ද ඇගේ ප්‍රාර්ථනාවෙහි බලය නිසා දෝ, පාත්‍රයෙහි තෙල් නිමාවක් නොවීය.
මේ පිළිබඳව නිසභ තෙරණුවෝ කරුණු පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්ස, මේ අබතෙල් පූජාකරන ලද්දී, ඔබ වහන්සේගේම භින්න මාතෘක නැගණියයි. ඇය අබහේනක් වපුරා එය සරුසාර ලෙස වඩා කපා කොටා තලා සැම අබ ඇටයක්ම ස්වේත වර්ණ බවට පත්කොට මේ පිරිසුදු අබතෙල් සිඳගන්නා ලද බව දැනගතිමි. ඒ අබතෙල් පාත්‍රය පුරවා පූජා කොට මටත් මාගේ බෑයන් වහන්සේට සේම, අනාගතයේදී බුදුවන්නට ලැබේවා! යි ද ඒ ආත්මභාවයේ දී මගේ නම සිද්ධාර්ථ නාමයම වේවා! යි ද ප්‍රාර්ථනා කරන ලද්දී යැයි ද නිසභ තෙරණුවෝ සඟ මැද ප්‍රකාශ කළහ.
ඒ දීපකංර බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, “ඇවැත්නි, මහණෙනි, මාගේ ඒ සහෝදරියගේ ප්‍රාර්ථනාව එසේම සිදුවන්නේය.
මින් මතු ඇය දිගටම පුරුෂ ආත්ම ලබා අනාගතයේ දී මෙයින් දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්මගිය තැන මගේ නමින්ම බුදුබවට පත්වන දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් සුමේධ තාපස නාමයෙන් ඍධිමත් තවුසෙක්ව මතු බුදුවන බවට නියත විවරණ ලබනු ඇත. එය සිදුවන්නේ මෙතැන් සිට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම යාමෙන් පසුව යයි ද ඒ ඈත දීපකංර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
මේ බුද්ධ වචනය මහරහතන් වහන්සේලා වෙතින් දැන ගත් අබතෙල් පූජාව කළ කුමරිය, අනගාරිණී ජීවිතයක් ගත කරමින් මේ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට එදා පටන්ම කටයුතු ආරම්භ කරන ලද්දීය. මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුල්ම අවස්ථාවයි. මෙම කල්පයේදීම නැව් තොටක කම්කරු තරුණයෙක්ව සේවය කරද්දී, මිත්‍ර වෙළඳ පිරිසක් සමග තම මෑණියන් ද කැටුව සුහද ගමනක් යද්දී කුණාටුවකට හසුව නැව් සමූහයම කැඩී බිඳී විනාශ වී ගිය අතරතුරේ දී අතට හසුවූ ලෑලි කෑල්ලක් අල්ලාගෙන තමන්ගේ මෑණියන් කරපිට තබාගෙන පිහිනීමෙන් දින ගණනාවකට පසු නිරාහාරවම ගොඩට පැමිණියේ හ. එදා ඒ මව “ පුතේ ඔබ දරුවෙක් නො කරන ක්‍රියාවක් මා වෙනුවෙන් කරන ලදී. පුතණුවනි,, ඔබට මේ තුළ කුශලකර්ම බලයෙන් බුදුබව ම ලැබේවා! යි ප්‍රාර්ථනා කළාය. මැණියන්ගෙන් ලද මෙම උදාර ප්‍රාර්ථනාව ද පුතණුවන්ගේ සිතෙහි ක්‍රියාත්මක විය. නොබෝ කලෙකින්ම මව අභාවයට ගිය පසු මේ පුතණුවෝ අවිවාහකවම ජීවත්වෙමින් මගේ මෑණියන් මට කළ ප්‍රාර්ථනාවක් ඇත. “ පුතණුවනි, ඔබට බුදුබවම ලැබේවා! යි යන්න එකී ප්‍රාර්ථනාවයි. ඒ පිළිබඳව මා උනන්දු විය යුතු යයි සිතා එදා බුදුසසුනක් නො පැවතියද, දැන උගත් බ්‍රාහ්මණ පඩිවරුන්ගෙන් විමසා ලෝකයෙහි අද්විතීය තත්ත්වය වන බුදුබවට අවශ්‍ය ගුණධර්ම සොය කියාගෙන ඒවා සම්පූර්ණ කිරීමට ආරම්භ කළහ.
අර ඈත කාලීන දීපංකර බුදුරදුන් වදාළ අයුරින් මෙසේ පින්දහම් පුරමින් එද්දී ඊට මෑත කාලයෙහි පහළවුණ දීපංකර බුදුරදුන් හමුව ස්ථීර වශයෙන් ම මේ සුමේධ තවුස් තෙමේ අනාගතයේදී මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්ම ගිය තැන ඒකාන්තයෙන්ම සිද්ධාර්ථ ගෞතම නාමයෙන් සම්මා සම්බුදු බවට පත්වන්නේ ය’යි නියත විවරණ ලද සේක. මේ පළමුවන නියත විවරණයයි.
ඒ දීපංකර පාදමූලයේදි ලද නියත විවරණයෙන් මහත්සේ උත්සාහවත් වූ සුමේධ තවුස්තුමා පෙර කී පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා දස පැරුම්දම් සපුරා මෙයින් වසර දෙදහස් හයසිය සිව්තිසකට පෙර වෙසඟ පුර පොහෝ දිනෙක මෙලොව උපත ලද සේක. විසිනව වන වියට පත් බෝසත් සිදුහත් කුමරා සියල්ල අතහැර දමා වනගතව තවුස්දම පුරා වයස තිස් පහේදි සම්මා සම්බුදු බවට පත්වූයේය.


ඔබට යහපතක්ම වේවා. මෛත්‍රී වේවා...
'මරා' ගන්නේ නැතුව 'මයිත්‍රී' කරමු
නෑ බං මම බෞද්දයෙක්. පන්සිල් පද පහ ආරක්ශා කරගෙන ඉන්න. ඔය ප්‍රශ්නෙ අහද්දි බුදුන් වහන්සේට අපහස කරන්න කියලා හිතලා දාපු එකක් කියලා හිතෙන එක සාධාරණයි. ඒත් මම දැම්මෙ ඇත්තටමයි. රාජගිරියෙ හාමුදුරුවන්ගෙ බණක් ඇහුවා යූටියුබ් එකෙන් ඒකෙදි මතු වුනු ගැටලුවක්.

පන්සිල් පද 5 රැක්ක කියල බෞද්ධයෙක් වෙන්නේ නෑ නේද ? Eight fold path එකේ යන්න ඕනේ..![]()
සරළ බෞද්දයෙක් හැටියට පන්සිල් පද පහ රකිනවනම් ඒ කත් ලොකු දෙයක්.


නෑ පද්දෝ..
බෝසතානන් වහන්සේ ස්ත්‍රී ආත්ම වල උපත ලබන්නේ නෑ.
අනික ඔය 550 ජාතක පොත කියන්නේ නිකං සාහිත්‍යමය ග්‍රන්ථයක් විතරයි.
යකෝ මහෞෂධ පඩිතුමාම එන්න ඕනේද මැණික තියෙන්නෙ වතුරේ නෙමෙයි කියන්න.
ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ ඒක.
ඒක තේරුම් ගන්න මහා පඩිවරු වෙන්න ඕනේද
ඕව නිකන් කතා විතරයි.
එතකොට මාර පරාජය ඇත්තට උන දෙයක්ද කතාවක් ද ?
මච්චු මාර, ක්ලේශ මාර, දේවතා මාර කියන සංකල්ප තුන තමයි මර දුවරු තිදෙනා කියල අදහස් කරන්නේ.
නැතුව ගෑනු තුන් දෙනෙක් නෙමෙයි.
ඒ කියන්නේ යම් කිසි මානසික මට්ටමක් නේ ?
ඔව්.
මනසේ තියෙන කෙලෙස් වල එක එක අවධි.
ඒවා සංකේතවත් කරන්න තමයි මර දූවරු යොදාගත්තෙ.
ආ තව දෙයක්.
බුදු වෙන්නත් හොද කුලේම වෙන්න ඕනේ.
අඩුකුලේ උන්ට බුදු වෙන්න බෑ.

යකො හැම බුදු කෙනෙක්ම ඉපදෙන්න කලින් පස් මහ බැලුම් බලනවා...කුල කතාව නම් පිළිගන්න බෑ බන්...
මොකද හැම මිනිස් ශිෂ්ටචාරෙකම කුල සින් එක තිබ්බ කියල හිතන්න බෑනේ...
කලින් බුදුවරු හිටපු ශිෂ්ටාචාර වල කුල සින් එක තියෙන්න නැතුව ඇති..
සරළ බෞද්දයෙක් හැටියට පන්සිල් පද පහ රකිනවනම් ඒ කත් ලොකු දෙයක්.
මච්චු මාර, ක්ලේශ මාර, දේවතා මාර කියන සංකල්ප තුන තමයි මර දුවරු තිදෙනා කියල අදහස් කරන්නේ.
නැතුව ගෑනු තුන් දෙනෙක් නෙමෙයි.
පෝරිසාදයා;23932805 said:යකො හැම බුදු කෙනෙක්ම ඉපදෙන්න කලින් පස් මහ බැලුම් බලනවා...
කාලය,දීපය,දේශය, කුලය, මව
අහල නැද්ද ??
අඩු කුලේ උපදින්නෙ නෑ කොහොමත් පාරමිතා සම්පුර්ණ කරන බෝධි සත්වයෙක්..
eka aththa...
eetath mn danna hatiyata dn inna hamuduruwarunta wada samanaya minissu dahami widiyata innwa.