ප්‍රේමදාස උඩුගම්පොල කියන බිහිසුණු නිල ඝා

gepa

Well-known member
  • ප්‍රේමදාස උඩුගම්පොල කියන බිහිසුණු නිල ඝා

    මුහුනු පොතෙන්
    හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල මහත්මය මැරිලා..ඔහු අසූව දශකයේ අවසාන භාගයේ තරුණ වියේ හි⁣ටපු උන්ගේ හිත්වල මරණ බය ඇති කළ වියරු වැටුන රීරි යකා ගේ මුද්‍රාව බවට පත්වී සිටියා.....

    සැරයන් ජාගොඩ...යුද හමුදා සන්නද්ධ බලකායෙ සේවය කෙරුවෙ...ඔහුගේ එකම පුත්‍රයා මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක ඉගෙනගත්ත කොළු ගැටයෙක්...පාසැල අවසන් වෙලා ගෙදර ආ තවත් ශිෂ්‍යයන් දෙතුන් දෙනෙක් එක්ක ඔහුත් නන්නාඳුනන පිරිසක් විසින් පැහැර ගත්තා ...

    ජාගොඩ ඇඬූ කඳුළින් හැමතැනම ඇවිද්දා...පිස්සෙක් ව⁣ගේ...පුතා කෝ....මගේ පුතා කෝ....ඔහු හැමදෙනාගෙන්ම ඇහැව්වා....දෙයියනේ මගේ හමුදා නිල ඇඳුම සලකල වත් මට මගේ පුතා දෙන්න...ඔහු යැද්දා...බහිරව කන්දට ...දලදා මාලිගාවට...වැන්දා...ඇඬුවා...

    ඔව් අවසානයේදී ජනරල් කොබ්බෑකඩුව සර් ඔහුට පිහිටවුනා...ජනරල් ඒ දවස්වල ජාගොඩ ගෙ යුනිට් එකේ අණදෙන නිළධාරියා.. ....ඔහු දැනන් හිටියා ජාගොඩ ගෙ දරුවා පැහැරගෙන ගිය සතා මොකාද කියල...

    ජනරල් ගෙ දැනුම් තේරුම්කම නිසාම...ඒ දවස්වල නුවර හිටපු පොලිස් අධිපතිය වුන ප්‍රේමදාස උඩුගම්පොල මහත්මය හමුවෙන්න කියල ජාගොඩට ලියුමක් දුන්නා....

    ජාගොඩ ඒ ලියුමත් අරගෙන උඩුගම්පොල මහත්මය හමුවුනා....

    මෙහෙමයි ජාගොඩ ඒ හමුවීම ගැන කිව්වෙ

    මං ඌ හම්බවුනා..කොබ්බෑකඩුව සර් ගෙ ලියුම ඕනෑවට එපාවට කියෙව්වා...ඒ ලියුම කියවන කම් මං උගේ මේසෙ ඉස්සරහ හිටගෙන හිටියෙ...උගෙ ⁣මේසෙ ලියුම් හුළඟට යනව⁣ට තියල තිබුනෙ ඇත්ත මිනී ඔළු දෙකක්..ඔෆිස් රූම් එක තනිකරම ආමරියක් වගේ ....විශ්වාස කරන්න...ආමි කාරයෙක් වුන මාත් බයවුනා...ඒ වගේම ඌ කොබ්බෑකඩුව සර් ගෙ ලියුම තඹ දොයිතුවකට ගනන් ගත්තෙ නෑ....මං දිහා බලල මහ ජරා විදියට කට කොනකින් හිනාවුන ඌ ....අන්තිමේදි උගේ පර්ස් එක ඇදල ඒකෙ තිබුණ ෆොටෝ එකක් පෙන්නල මෙහෙම කිව්වා ..

    අයිසෙ මේ ඉන්නෙ මගේ අම්මා...තමුසෙ පුළුවන්නම් මේ මගේ අම්ම හොයල දෙනවකො...මං ඉන්පස්සෙ තමුුසෙගෙ පුතා හොයල දෙන්නම්....කියලයි ඌ කිව්වෙ

    මං ගිහිල්ල ඒ විස්තරේ කොබ්බෑකඩුව කිව්වා.සර්...කිව්වෙ එකම දෙයයි ....

    ....තිරිසන් බල්ලා....

    පස්සෙ දවසක් කොබ්බෑකඩුව සර් තාත්ත කෙනෙක් වගේ මගේ හිත හදන්න ගොඩක් දේවල් කිව්වා ...ජාගොඩ ...යුනිෆෝම් ඇන්දට හැමෝම මිනිස්සු නොවෙයි....ආතක් පාතක් නැති තිරිසනුත් ඒ අතරෙ ඉන්නවා...ජනරල් කිව්ව දේ අතරෙ එහෙම සඳහනකුත් කරා....

    ප්‍රේමදාස උඩුගම්පොල මහතා සැරයන් ජාගොඩට ඔහුගේ මවගේ ඡායාරූපයක් පෙන්වල එහෙම කියන්න හේතුවක් තිබුණා..ඒ බද්දේගමදි ඔහුගේ මව ඇතුළු පවුලේ හත් දෙනෙක් ඒ දිනවල නන්නාදුනන තුවක්කු කරුවන් අතින් ඝාතනය වුනා....ඒ වගේම මේ සාහසික ඝාතනයන් පිටුපස්සෙ සැඟවුන රහසකුත් පැටළුනා....ඒ රහස හිතාගන්නවත් බැරි දෙයක් වුනත් බද්දෙගම පැත්තෙ ඒ දවස්වල ජීවත්වුන මිනිස්සු ඒකෙ ඇත්ත නැත්ත දන්නවා...

    ඒ මෙම මිනිස් ඝාතනය වෙද්දි ...ඉතිරිවුන සාක්ෂිකරුවෙක් පරීක්ෂණ කණ්ඩායමකට කියපු කතාවක්...ඔහු එහිදී කියනවා මේ ආපු මිනීමරු කල්ලිය පිස්සු බල්ලො වගේ වෙඩි තියල පවුලෙ අය මරාදැම්මට පස්සෙ ...ඒ කණ්ඩායමේ අණදෙන්න වගේ හිටපු එකා....තව එකෙකුට කතා කරල සාජන් ඔක්කොම හරිද බලනව කියල කිව්ව බවක්....

    මේ දවස්වල සිද්ධ වෙච්ච සාහසික ඝාතන චෝදනාවන් දේශප්‍රේමී බලකායටත් ..රජයේ පාර්ශවයේ නිල නොනිල හමුදා කණ්ඩායම් වලටත් සමසේ බෙදිල ගියා...

    සමාජය හිටියෙ තක්බීරිවෙලා....මිනිස්සු කට අැරියෙ බත් කන්න විතරයි....අනෙකාට දැනෙන්න හයියෙන් පඩයක්වත් ඇරියෙ නැති සමාජයක් ...මොකද පඬේ ගඳ දැනුනත් අැති අතුරුදන් වෙන්න....

    ඔය අස්සෙ අපූරු දේවල් සිද්ධ වුනා..

    අම්බලන්ගොඩ සීටීබී බස් ඩිපෝව පිච්චුවෙ ඒ දවස්වල හිටපු නියෝජ්‍ය ඇමතියෙක්ගෙ මල්ලි කෙනෙක්...මිනිහ ප්‍රයිවෙට් බස් කර්මාන්තයට සම්බන්ධ කෙනෙක්.....දේශප්‍රේමී බලකාය කියල අම්බලන්ගොඩ ටවුමෙ කඩ වැස්සෙව්වෙ ව්‍යාපාරිකයෙක්...ගාල්ල පැත්තට කෙහෙල්වත්තෙන් ආපු පාතාල ටීම් එකක් ජොලියට අහුවුන අහුවුන එකා ටයර් උඩ යැව්වා..ඒ ටීම් එක දවසක් ⁣අපේ ගෙදරටත් ආවා යන එන ගමන්..මගේ පන්තියෙ ඉඳල වරායෙ රස්සාවක් කරපු යාළුවෙක් ඒකෙ හිටියා..ඊයෙ රෑ බේරතුඩුව හන්දියෙ ටයර් උඩ එකෙක් දැම්මා දැක්කද කියලත් මගෙන් උන් ඇහැව්වා......දැන් ඒ යාළුව මහණ වෙලා සසර කළකිරිලා......ඒ මං දන්න කතන්දර.....මේ වගේම ගාල්ලෙ දේශපාලඥයෙක් ටීම් එකක් බස්සල තමුන් ගෙ නෝනට වෙඩි තියල මරල දම්මවල....අනියම් පවුල ලඟට ගත්ත කියලත් මිනිස්සු ඒ දවස්වල රහසෙ රහසෙ කියෙව්වා ..

    හැබැයි එදා වෙච්ච මේ දේවල් ගැන කිසිම රජයක් මේ වනතුරු කොමිසමක් පත්කරලවත් හොයලත් නෑ....අබ කෑ එකා වගේ තමා.......අනිත් පාර්ශවත් මීක් සද්දයක්නෑ....තමුන්ගෙ සගයො කී දෙනෙක් අතුරුදන් වුනාද ...ඒ ⁣⁣කොහොමද කියල හොයන්න උත්සාහ කරලවත් නෑ...

    ප්‍රේමදාස උඩුගම්පොල කියන බිහිසුණු නිල ඝාතකය නිර්මාණය වෙන්නෙ ඒ තිගැස්සුන....ලේ තැවරුණ සමාජය අස්සෙන්..

    රෝහණ විජේවීර මහත්තය අත්අඩංගුවට ගනිද්දි නුවර පොලිස් අධිපතිය වෙලා හි⁣ටියෙ ප්‍රේමදාස උඩුගම්පොල මහත්මයම තමා....

    රෝහණ විජේවීර මහත්තය අත්අඩංගුවට අරන් ගෙනිච්ච හමුදා නිළධාරියට මගදි ඒ ගැන මතක් වෙනවා...

    ඔහු ආපහු හැරිල ගිහින් විජේවීර මහත්තයගෙ නෝනට කියනවා....ඉක්මනින් ඉන්න තැනින් පිටවෙලා යන්න කියල.......ඔවුන් එතැනින් ගිහිල්ල හමුදා මූලස්ථානයට බාරවෙන්නෙ ඉන්පස්සෙ.....

    හැබැයි...ඔවුන් එතැනින් පිටවෙලා ටික වෙලාවකට පස්සෙ උඩුගම්පොල මහත්මයඑතැනට කඩා වදිනවා.......

    ඒත් ඔහු එතැනදි ප්‍රමාදයි...

    රාජකාරිය වෙනුවෙන් මිනිස් ජීවිත දහස් ගනනක් උදුරාගත්තු ....ඔහු .....නැවත නොඑන්නම නික්ම ගිහින්.....

    ඔහුට නිවන් සුවය පතනවාද සුබ රාත්‍රියක් පතනවාදැයි මට හිතාගන්නට බැහැ....

    නමුත් මොහු ලියා අවසන් නොකළ පරිච්ඡේදයක තවත් අත්‍යවශ්‍ය චරිතයක් බව මට හිතෙනවා...

    එලෙසම සැරයන් ජාගොඩ සඳහන් කර විදියට කොබ්බෑකඩුව සර් ඔහු ගේ චරිතය ස්වභාවය නිර්වචනය කෙරුවෙ "තිරිසන් බල්⁣ලා"යනුවෙන් බවත් මට අමතක කරන්නටත් නොහැකියි...
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    නාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින්, බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන යාම හෝ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද සියලු කොමිෂන් සභාවන්වල කටයුතුවලට, පරීක්‍ෂණයන්ට හා සාක්‍ෂි විමසීම් ආදියට නිරන්තරයෙන්ම ඉහළම දේශපාලන බල අධිකාරීත්වයන්ගේ බලපෑම් එල්ල කෙරී ඇති අතර විශේෂයෙන්ම කොමිසම විසින් සාක්‍ෂිකරුවන්ගෙන් ලබා ගන්නා තොරතුරු මත නිකුත් කරන අතුරු වාර්තාවන්වල ද මේ පිළිබඳව ලියැවී ඇති බව පෙනී යයි. විශේෂයෙන්ම පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් ආදියට සම්බන්ධ ඉහළ පෙළේ පොලිස් සහ හමුදා නිළධාරීන්ගේ, ද දේශපාලනඥයන්ගේ ද නම් සඳහන් කිරීමත් සමගම තවදුරටත් එවන් පුද්ගලයන්ට එරෙහිව කවර හෝ නෛතික ක්‍රියාමාර්ගයක් ගනු ලැබීම වැළැක්වීමට පොදුජන එක්සත් පෙරමුණු රජයේ ඇතැම් දේශපාලන බලධාරීන් උත්සාහ කොට තිබේ.


    අපරාධකරුවන්ට දේශපාලන මුක්තියේ රැකවරණය
    මෙම දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම් පිළිබඳව කතාකරමින්, මධ්‍යම පළාත් කොමිසමේ මෙන්ම සමස්ත ලංකා කොමිසමේත් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම් සී එම් ඉක්බාල් මෙසේ කියයි: “ ඇත්තෙන්ම අතුරුදහන් කෙරු අහිංසක මිනිසුන් දහස් ගණනකගේ ඥාතීන් හා සමීපතමයන් කොමිසම් වෙත ඇවිත් සාක්‍ෂි දෙනු ලැබුවා. ඇතැමෙකුගේ සාක්‍ෂි ඉතාම ප්‍රබලයි. අපරාධකරුවන් හඳුනාගන්නට එම සාක්‍ෂි හොඳටම ප්‍රමාණවත් වුණා. ඒ වගේම පැහැර ගෙන යාම් පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂිත් කොමිසම වෙත ලැබුණා. ඒ අනුව සෑම තුන් මසකට වරක්ම කොමිසම පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව ලැබුණු පැමිණිළි ගැන අතුරු වාර්තාවක් නිකුත් කරන්නට කටයුතු කළා. එම වාර්තාවන් භාර දෙනු ලැබුවේ එවක ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරණතුංගට. නමුත් ඒ කිසිම වාර්තාවක් හෝ සාක්‍ෂි සටහනක් පිළිබඳව ඇය අවධානය යොමු කරනු ලැබුවේ නැහැ. එක් අවස්ථාවක කොමිසම විසින් පුද්ගල අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම් මෙන්ම ඝාතනයන් සම්බන්ධව වගකිව යුතු යුද හමුදා සහ ආරක්ෂක අංශ සමාජිකයන් 200 කගේ පමණ නම් වගේම ඔවුන් වගකිව යුතු අපරාධයන් පිළිබඳව මෙන්ම, අපරාධ සිදුකළ ස්ථානයන්ද දක්වා අතුරු වාර්තාවක් නිකුත් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී එම නිළධාරීන්ට එරෙහිව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස හිටපු ජනාධිපතිනිය නියෝග කළ බවත්, පසුව ඇයම එම නියෝගය බල රහිත කළ බවත් කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුණා. කොහොම වුණත් තමන් නිකුත් කළ නියෝගය නැවත ඇය විසින්ම බල රහිත කර ඇත්තේ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වු අනුරුද්ධ රත්වත්තේ ගේ බලපෑමට බව පසුව අපට දැන ගන්නට ලැබුණා. ඒ කාලයේ උතුරු නැගෙනහිර හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් තිබුණ නිසා අනුරුද්ධ රත්වත්තේ ජනාධිපතිනිය හමු වී 'ඔබ යුද්ධ කරනවාද, මට යුද්ධ කරන්න දෙනවාද? යනුවෙන් විමසා ඇති බවත් එයට එකඟව දකුණේ බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරී තිබුණ හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීමට ජනාධිපතිනිය එකඟ විඇති බවත් මේ කාලයේදීම කොමිසමට වාර්තා වුණා''.
    ranil_chandrika_cropped.jpg
    හිටපු ජනාධිපතිනියගේ එකී ක්‍රියාව හේතුවෙන් භීෂණ සමයේ පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැර ගෙනයාම් සහ පුද්ගල ඝාතනයන් මෙන්ම වධකාගාරයන් පවත්වාගෙන යාම් පිළිබඳව චෝදනා ලත් හමුදා සහ පොලිස් නිළධාරීන් විශාල පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තිබු අවස්ථාවක් මග හැරී ගිය බව ඔහුගේ අදහසයි. එපමණක් නොව, එම නිළධාරීන්ගෙන් බහුතරයකට පසු කලෙක පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ විවිධ තනතුරු, උසස්වීම් සහ වරප්‍රසාදයන් ලැබුණු බව ද කොමිසමට දැනගන්නට ලැබුණේ යැයි ද ඔහු කියා සිටියි.
    ''මධ්‍යම පළාත් කොමිසම හලාවත ආණමඩුව ප්‍රදේශයේ සාක්ෂි විමසන විට එක් තරුණයෙකු සාක්‍ෂි දෙමින් කියා සිටියා ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහුව සහ තවත් තරුණයන් කිහිප දෙනෙකුව පැහැරගෙන ගොස් වෙඩි තැබු බවයි. නමුත් මේ කියන තරුණයා එයින් බේරී පලාගොස් පසුව කොමිසම හමුවට පැමිණියා. ඔහු සාක්‍ෂි ලබා දීමෙන් පසුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා එම තරුණයාව සහ පවුලේ අයව මරා දමන බවට තර්ජනය කොට තිබෙනවා.‍ ඔහු ඒ සම්බන්ධව කොමිසමට පැමිණිළි කළ පසු කොමිසම ජනාධිපතිනියව දැනුවත් කොට අදාළ නිලධාරිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ඉල්ලා සිටියා. නමුත් සිදුවුයේ ඉතාම කෙටි කාලයක් ඇතුළත එම නිලධාරියාට උසස් වීමක් ලැබීමයි''.
    මේ හා සමානවම, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ (Ops Combine) විශේෂ මෙහෙයුම් අණදෙන නිළධාරිවරයා සිටි එවකට කර්නල් ධූරයේ කටයුතු කළ ජානක පෙරේරා කුරුණෑගල වැහැර වධකාගාරයේ රඳවා සිටි පුද්ගලයන් ගණනාවක් වධ බන්ධනයට ලක්කොට ඝාතනය කළ බවට පැහැදිලි චෝදනා එල්ල වුවද, ඔහුට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් චන්ද්‍රිකා කුමාරණතුංග රජය වැළකුණු බවද එම්.සී.එම්.ඉක්බාල් කියා සිටියි. දකුණේ තරුණ නැඟිටීම මර්ධනය කිරීමේ කාර්යයේදී පෙන්නුම් කළ නිර්දයභාවය වෙනුවෙන් 1989දී බ්‍රිගේඩියර් ධූරයට උසස් කරනු ලැබූ ජානක පෙරේරා, 1996දී කුමාරණතුංග ආණ්ඩුව විසින් මේජර් ජෙනරාල් ධූරයට පත් කරන විට යාපන අර්ධ ද්වීපයේ 600කට වැඩි අතුරුදහන්වීම් සම්බන්ධයෙන් යාපන ආඥාපතිවරයා වශයෙන් ඔහු වගකිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණ.
    “කුරුණෑගල වැහැර වධකාගාරය පවත්වාගෙන ගිය බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසින් වධකාගාරයේ රඳවා සිටි පුද්ගලයන් ලවා වළවල් කප්පවා පසුව එම පුද්ගලයන්ට වෙඩි තබා එම වළටම දැමු බවට කොමිසමට සාක්ෂි ලැබුණා. කොමිසම එම තොරතුරු එවක සිටි ජනාධිපතිනියට ලිඛිතව දැනුම් දෙමින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටියත් කිසිදු දණ්ඩනයකට ඔහුව යටත් කෙරුණේ නැහැ. මේ පිළිබඳව කොමිසම අවස්ථා කිහිපයකදීම ලිඛිතව කුමාරණතුංග ජනාධිපතිවරියව දැනුවත් කරනු ලැබූ නමුත් ඈ ඒ සම්බන්ධව කිසිම සැළකිල්ලක් දක්වනු ලැබුවේ නැහැ'' ඔහු කියයි.
    කෙසේ වෙතත් පුද්ගල අතුරුදහන් කිරීම් සහ පැහැර ගෙනයාම් පිළිබඳව වැඩි දුර පරීක්‍ෂණ පැවැත්වීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා තිබුණු අතුරුදහන්වීම් පිළිබඳ පරීක්‍ෂණ ඒකකය (Disappearances Investigation Unit - DIU) වෙත පැවරුණු අතර ඔවුන් විසින් රැස් කරගන්නා සාක්ෂි නීතිපති දෙපාර්තමේන්තුවේ අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ ඒකකයේ (Missing Persons Unit - MPU) නීතිඥවරුන් වෙත යොමු කොට ඇත්තේ ඉදිරි නෛතික ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා ය. නමුත් මෙම පරීක්‍ෂණයන් ද ඉතා මන්දගාමීව සිදුකෙරී ඇති අතර නඩු පැවරීම් සිදුව ඇත්තේ ද අල්ප වශයෙනි. පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳව සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයන්ගේ සොයා බැලීම් හේතුවෙන් ආරක්ෂක හමුදාවන්ගේ සහ පොලීසියේ පහළ නිළධාරීන් කිහිප දෙනෙකුට විරුද්ධව සීමිත නඩු පැවරුම් කිහිපයක් සිදුව ඇති බව පැවසෙන අතර එයද සිදුව ඇත්තේ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේ අරමුණ සහිතව නොවේ. කොමිසම විසින් අදාළ නිළධාරීන් කැඳවා මේ සම්බන්ධව විමසීමේදී ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ චුදිත ඉහළ නිළධාරීන්ගෙන් තමන්ට නිරන්තරයෙන්ම බලපෑම් එල්ලවන බවයි. එසේම ආරක්ෂක හමුදා සහ පොලිස් නිළධාරීන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්‍ෂණයන් ඉතා සෙමෙන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් ගත නොහැකි පරිද්දෙන් සිදුකරන ලෙස අදාළ විමර්ශන අංශයන්ට ඉහළම දේශපාලන බල අධිකාරිත්වයන්ගෙන් නියෝග ලැබී තිබුණු බවත් වාර්තා වේ.


    බටලන්ද කොමිසම හා ලියනආරච්චි ඝාතනය
    බියගම, බටලන්ද රජයේ පොහොර සංස්ථා භූමියේ පවත්වාගෙන ගිය සුප්‍රකට බටලන්ද වධකාගාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභාව ප්‍රකටව ඇත්තේ බටලන්ද කොමිසම නමිනි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ගැසට් අංක SP/6/N/206/95 යටතේ 1995 දෙසැම්බර් 15 වැනි දින පත්කරන ලද කොමිසමේ සභාපතිවරයා වුයේ මහාධිකරණ විනිසුරු ධර්මසිරි ජයවික්‍රමයි. ජනාධිපති නීතිඥවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ සභාපතිවරයාද වු ආර් අයි ඔබේසේකර විසින් සිදුකළ සාක්ෂි විමසීම් සඳහා දායකත්වය සැපයු අදාළ කොමිසම වෙත පැවරුණු විධි නියෝගයන්ට (mandate) අනුව අධිකාරය සපයා තිබුණේ 1988-90 අතර කාලය තුළ බටලන්ද වධකාගාරය නමින් හැඳින්වු ස්ථානයෙහි සිදුකෙරුනු පුද්ගල අතුරුදන් කිරීම්, වධබන්ධනයන්ට පමුණුවාලීම් මෙන්ම ඝාතනයන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට ය. 1997 ඔක්තෝබර් මාසයේ පරීක්‍ෂණ කටයුතු අවසන් කරනු ලැබු කොමිසමේ නිළ වාර්තාව 1998 මාර්තු මස 28 වැනි දින එවක සිටි ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරණතුංග වෙත භාර දෙනු ලැබිණ.

    douglas_peiries_cropped.jpg
    පෑලියගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකයේ ඩග්ලස් පීරිස්

    විශේෂ පොලිස් විමර්ශන ඒකක දෙකකින් සමන්විත වු බටලන්ද වධකාගාරය පිළිබඳ පරීක්‍ෂණයන් එකල රටේ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස් සී පතිරණ නායකත්වය සැපයු එක් ඒකකයකට විමර්ශන නිළධාරින් හත් දෙනෙක් ඇතුළත් වු අතර, නියෝජ්‍ය පොලිස්පති ටී වී සුමනසේකර යටතේ ක්‍රියාත්මක වු අනෙක් පොලිස් ඒකකයට විමර්ශන නිළධාරින් නව දෙනෙක් ඇතුළත් විය. කෙසේ වෙතත් පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් මෙන්ම වධ බන්ධනයන්ට පමුණුවාලීම් සම්බන්ධව කොමිසම විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අමතරව ඉහළ පොලිස් නිළධාරින් ගණනාවක්ම වගකිව යුතු බවට නම් කරන ලදි. ඒ අතර සපුගස්කන්ද පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් වු රෝහිත ප්‍රියදර්ශන නැමැත්තාගේ අතුරුදහන්වීම සහ ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම, අදාළ වධකාගාරය පවත්වාගෙන යාම පිළිබදවත් සහකාර පොලිස් අධිකාරි කීර්ති අතපත්තු සහ සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් යන අය සෘජුවම වගකිව යුතු බවට කොමිසම විසින් සඳහන් කොට තිබේ. එසේම ජනතා විමුක්ති පෙරමුණෙ සාමාජික හා ප්‍රකට මානව හිමිකම් නීතිඥ විජේදාස ලියනආරචිචි සපුගස්කන්ද පොලීසියේ රඳවාගෙන මිය යන තෙක් වධහිංසා පමුණුවා ඇති බවටත්, ඒ සඳහාද අදාළ පොලිස් නිළධාරීන් වගකිව යුතු බවටත් කොමිසම හමුවේ හෙළිදරව් වී ඇත්තේය. ආන්දෝලනයට තුඩුදුන් නීතිඥ ලියනආරච්චිගේ මරණය පිළිබඳ කොමිසම හමුවේ අනාවරණය වූ තොරතුරු කෙටියෙන් විමසා බැලීම වැදගත් වන්නේ කොමිෂන් සභා ආධාරයෙන් සාක්‍ෂි නොතකා හැරීම හෝ යටපත් කිරීමට ආණ්ඩු කටයුතු කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට ය. නමුත් ලියනආරච්චි වනාහී මෙබඳු වධකාගාර තුළ හිංසනයට පාත්‍රව මියගිය දස දහස් දෙනා අතර එක් වින්දිතයෙක් පමණි.
    බටලන්ද කොමිසම විසින් කරන ලද සොයා ගැනීම් අනුව, තංගල්ලේදී අත් අඩංගුවට ගන්නා ලද නීතීඥ විජේදාස ලියනආරච්චි පෑලියගොඩ පොලීසියේ ඩග්ලස් පීරිස්ගේ අණ යටතේ ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයට භාරදෙන ලද්දේ ජයවර්ධන ආණ්ඩුවේ ඇමති ධූරයක් හෙබ වූ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයැයි එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා කොමිසම හමුවේ කියා සිටියේය. හිටපු පොලිස්පතිවරයාගේ සාක්‍ෂි අභියෝගයට ලක්කළ රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තමන් එවැනි උපදෙසක් ලබා නොදුන් නමුත්, ඒ වෙනුවට පොලිස්පති පෙරේරා විසින් නීතිඥ ලියනආරච්චි පෑලියගොඩ පොලිසියේ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයට භාරදීමට ගන්නා ලද තීරණයට තමාගේද එකඟතාව පළ කිරීම පමණක් බව ය. කෙසේ වුවද, පොලිස්පති පෙරේරා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ අත් අඩංගුවට ගත් ලියනආරච්චි, බටලන්ද නිවාස සංකීර්ණයෙන් කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි පෑලියගොඩ පොලිසියට භාරදෙන ලද්දේ එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ඔහුගේ පුත් හා ආරක්‍ෂක උපදේශක රවී ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුදැනුම මත බව ය. පෑලියගොඩින් සපුගස්කන්ද පොලීසියට මාරුකර යවන ලදුව, සපුගස්කන්ද පොලීසියේ ඉහළ මාලයට අපහසුවකින් තොරව හිණිපෙළ නැඟ ගිය නීතිඥ ලියනආරච්චි, පසුදා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියේය.
    කොමිසම හමු
    liyanaarachchi_tombstone_1.jpg
    නීතිඥ විජේදාස ලියනආරච්චි මිහිදන් ස්ථානය - බුද්ධියාගම, වීරකැටිය

    වේ සාක්‍ෂි දුන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ ලියනආරච්චිගේ ශරීරයේ වූ තුවාල තංගල්ලේදී සිදුකළ බව තම විශ්වාසය බව ය. කෙසේ වුවද, ඉදිරිපත් වූ සාක්‍ෂි විමසා බැලූ කොමිසමේ අවසාන නිගමනය වී ඇත්තේ, සපුගස්කන්ද පොලීසියට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ගෙනඑන ලද ලියනආරච්චි නීතිඥවරයාට වධ දීම් සිදුව ඇත්තේ ඉන් කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටා තිබූ බටලන්ද නිවාස සංකීර්ණයේ, ආණ්ඩුවේ දේශපාලන හා ආරක්‍ෂක ප්‍රධානීන්ගේ පූර්ණ අනුදැනුම යටතේ පවත්වාගෙන ගිය වධකාගාරයේදී බව ය. එමෙන්ම, එවැනි වධකාගාරයක් පවත්වාගෙන යාම පිළිබඳව ජයවර්ධන ජනාධිපතිවරයාත්, එම ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ රන්ජන් විජේරත්න සහ රනිල් වික්‍රමසිංහත්, කැළණිය පදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ‍පොලිස් අධිකාරීවරයාත් දැනුවත්ව සිටි බවටද කොමිසම නිගමනය කර තිබේ. පිටු 6780 ක් පුරා වෙළුම් 28කින් බැඳුණු බටලන්ද වධකාගාරය පිළිබඳ වාර්තාවට අනුව චෝදනා ලද සෙසු පොලිස් නිළධාරීන් වුයේ කැළණිය කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි මෙරිල් ගුණරත්න, කැළණිය ජේෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ යන අයයි. එහෙත් මේ කිසිදු පොලිස් නිලධාරියෙකුට හෝ දේශපාලනඥයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට එවකට පැවති පොදු ජන එක්සත් පෙරමුණ රජය අසමත් විය. බටලන්ද වධකාගාරය පිළිබඳව අධිකරණය හමුවේ පැවති නඩුවෙන් චෝදනා ලැබ සිටි සෙස්සන් මෙන්ම, රනිල් වික්‍රමසිංහ ද අවසානයේ සියළු ‍චෝදනාවලින් නිදොස් කර හරිනු ලැබිණ.


    බිඳුණුවැව සමුල ඝාතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ ජනාධිපති කොමිසම
    2000 ඔක්තෝබර් මස 25 දින බිඳුණුවැව පුනුරුත්ථාපන කඳවුරට ප්‍රහාරයක් එල්ලකොට දෙමළ ජාතික බාල වයස්කාර පිරිමි ළමුන් සහ වැඩිහිටි රැඳවියන් 27 දෙනෙක් ඝාතනය කොට තවත් 14 ට අධික පිරිසකට තුවාල සිදුකිරීම පිළිබඳව කරුණු සොයා බැලීමට බිඳුණුවැව කොමිසම ගැසට් අංක SP/6/N/221/2001 යටතේ පත්කරන ලද්දේ 2001 මාර්තු 8 වැනි දා ය. කොමිසම පත් කිරීමට බලපෑවේ නිරායුධ රැඳවියන් ඝාතනය පිළිබඳ ජාත්‍යන්තරව නැඟ ආ විරෝධය හේතුවෙනි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු පී ඒ කේ කුලතිලක එහි සභාපතිත්වය දැරීය. බිඳුණුවැව පොලීසියේ නිලධාරීන් සහ බිඳුණුවැව ප්‍රදේශයේ ගම්වාසීන් විසින් හවුලේ එල්ල කරන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය මැඩ පවත්වන්නට හෝ නිරායුධ රැඳවියන් ආරක්‍ෂා කරන්නට කඳවුරෙහි ආරක්‍ෂාව භාරව සිටි නිළධාරීන් අසමත් වු බව පසුව හෙළිදරව් විය. 2001 නොවැම්බර් මාසයේදී පරීක්‍ෂණ කටයුතු අවසන් කළ කොමිසමේ වාර්තාව ජනාධිපති ක්‍රමාරණතුංග වෙත භාරදෙන ලද්දේ 2002 මුල් කාර්තුවේදී ය. වාර්තාවේ අඩංගු සොයාගැනීම් හෝ නිර්දේශ කිසිවක් ප්‍රසිද්ධ නොකෙරිණ. නමුත් අනතුරුව එළඹි දෑවුරුද්ද තුළ බිඳුණුවැව සංහාරය යුක්තිය ඉටු නොවූ අපරාධ ගොන්නට එක් විය. එකී ක්‍රියාවලිය කෙටියෙන් ආවර්ජනය කිරීම වැදගත්වන්නේ, ස්ථාපිත අධිකරණ පද්ධතිය හරහා යුක්තිය ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳ උද්වේගී සාකච්ඡා දැන් මතුව ඇති බැවිනි.
    බිඳුණුවැව රැඳවුම් කඳවුර භාරව සිටි ලුතිනන් වයි කේ අබේරත්න මෙන්ම පොලිස් ස්ථානාධිපති සේනක කරුණාසුරිය සහ උප පොලිස් පරීක්‍ෂක ටිරෝන් රෝජර් අත්තනායක නැමති නිලධාරීන් ප්‍රමුඛ පස් දෙනෙක් වරදකරුවන් කරමින් සරත් අඹේපිටිය, එරික් බස්නායක, උපාලි අබේරත්න නැමති මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් 2003 ජූලි පළමුවැනිදා අදාළ සැකකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන ලදී. නමුත් එකී තීන්දුව ආපිට හැරවූ ටී බී වීරසුරිය, නිහාල් ජයසිංහ, එන් කේ උදුලාගම, එන් ඊ දිසානායක සහ රාජා ප්‍රනාන්දු නැමති පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2005 මැයි 27 දින, සියළු සැකකරුවන් නිදොස් කොට නිදහස් කර හැරීමට කටයුතු කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ටී බී වීරසුරිය කියා සිටියේ නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහි චෝදනා 'සැකයෙන් තොරව ඔප්පු කිරීමට අසමත්ව ඇති බව'යි.
    බිඳු
    bindunuwewa_perpetrators_1.jpg
    බිඳුණුවැව ඝාතනයේ චූදිත පොලිස් නිලධාරීන් මරණ දඬුවම නියම වූ පසු - 2003 ජූලි

    ණුවැව සංහාරය සිදුවන්නේ ඒ සම්බන්ධව ජනාධිපති කොමිසම පත්කළ චන්ද්‍රිකා කුමාරණතුංගගේ රජයේ පාලන වකවානුවේදීම ය. ශ්‍රේෂ්ඨාධිකරණය සියළු සැකකරුවන් නිදොස්කර හරින අධිකරණ පද්ධතිය අනියමින් පාලනය වූයේ ද, පරීක්‍ෂණයන් හි දුබලතා සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුව හසුරුවනු ලැබුවේ ද ඇගේ පාලන තන්ත්‍රය යටතේ ය. බිඳුණුවැව සංහාරය පිළිබඳ ස්වාධීන නිරීක්‍ෂකයන්ට අනුව සැකකරුවන් පෝරකයෙන් නිදහස් වන්නේ හුදු නෛතික ගැටළු නිසාම නොව, ඔවුන් වෙනුවෙන් දකුණේ නිර්මාණය කරන ලද ජනමතයට හිස නමන්නට දේශපාලන බල අධිකාරීත්වය තීරණය කළ නිසා ය. බිඳුණුවැව සංහාරය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය.



    සත්‍ය කොමිසම් සහ යුද මෙහෙයුම්

    චන්ද්‍රිකා කුමාරණතුංග රජය විසින් 2001 වසරේදී ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව සත්‍ය කොමිසම (Truth Commission on Ethnic Violence) කොමිසමක් පත්කරන ලද්දේ ජනවාර්ගික අර්බුදයන්ට තුඩු දුන් හේතු සාධකයන් සොයා බැලීමට බව පවසමිනි. දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහිව මුදා හැරෙන ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන් මෙන්ම ඒවාට තුඩු දී ඇති හේතු කාරණා පි‍ළිබඳවත් කරුණු විමර්ශනය කිරීම අදාළ කොමිසම පත් කිරීමේ අරමුණ බව ප්‍රකාශ කෙරුණි. 1981-84 කාල වකවානුවේ සිදුවීම් පිළිබඳ විමර්ශනයට යටත් කෙරුණු අදාළ කොමිසම මගින් 1983 කළු ජුලිය පිළිබඳවත් එයට පෙර සිදුවු ඇතැම් ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිළිබඳවත් විශේෂයෙන්ම සොයා බලන්නට නියමිතව තිබුණි.
    ගැසට් අංක SP/6/N/223/2001 යටතේ 2001 ජූලි මස 23 දින ස්ථාපිත කරන ලද සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු අගවිනිසුරුවරයෙක් වු සුප්පයියා සර්වානන්ද විසිනි. සෙසු සමාජිකයන් වුයේ සත්‍යාලෝක සහබන්දු සහ මොහොමඩ් මොහොමඩ් සුහයිර් යන අයයි.
    කෙසේ නමුත් කුමාරණතුංග රජය සත්‍ය සහ සංහිඳියාව වෙනුවෙන් කොමිසම් පත්කරමින් ඉතිහාසය පුරා දෙමළ ජනතාවට එරෙහිව අධිපතිවාදී සිංහල රාජ්‍යයන් වෙතින් සිදුකෙරුණු හිංසාවන් හා ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව සොයා බලන බව ප්‍රකාශ කළ ද, පරීක්‍ෂණ කොමිසමේ ක්‍රියාකාරීත්වයට සමාන්තරව උතුරු නැගෙනහිර දෙමළ ගම්බිම් වනසමින් අඛණ්ඩව යුධ මෙහෙයුම් ද ක්‍රියාත්මක කෙරෙමින් තිබුණි. ඇත්ත වශයෙන්ම කොමිසම පල්කිරීමේ අභිලාෂය වූයේ, රජය විසින් ඒ වනවිටත් දියත් කොට තිබූ දැවැන්ත යුද මෙහෙයුම් විසින් දෙමළ ජන දිවිය තුළ නිර්මාණය කරමින් තිබූ ඛේදවාචකයන් වසන් කොට, ස්වකීය පාලන තන්ත්‍රය බහුවාර්ගික සමානත්වය ප්‍රමුඛ කොට සළකන රජයක් බැව් රටෙන් බැහැරට ප්‍රක්‍ෂේපණය කරනු පිණිස ය. අන් කිසිත් නොකළද, රාජ්‍ය පිළිවෙත් තුළ අඩංගු වාර්ගික අධිපතිත්තවය සහ වංක පරස්පරතා මනාව පරාවර්ථනය කරන්නට මේ බොහෝ කොමිසම් සමත් වූ බව පැහැදිලි ය.
    එසේම සිදු කෙරුණා වු සෑම විමර්ශනයක්ම ඉතිහාසයට එක් කරමින් කාලයේ යටපත් වන්නට ඉඩ හැරියා මිස වින්දිතයන්ට යුක්තිය ඉටු කිරිමක් හෝ අපරාධකරුවන්ට දඬුවම් පැමි‍ණවීමක් හෝ කිසි විටක සිදු නොවී ය. ඒ වෙනුවට පත් කළ කොමිසම්වල නිර්දේශයන් පවා බාහිර සමාජයට හෙළිදරව් වීම වැළැක්වීමට ස්වකීය විධායක බලය උපයෝගි කොට ගෙන නීති සම්පාදනය කිරීමට රජය ක්‍රියා කළේය. පත්කරන ලද බොහොමයක් කොමිසම්වල නිර්දේශයන් අදටත් රහසක් වශයෙන් තිබෙනුයේ ඒවා ප්‍රසිද්ධ කිරීම තිස් අවුරුදු වාරණයකට යටත් කොට ඇති බැවිනි. ඇතැම් ඒවා කිසිදු දිනෙක ප්‍රසිද්ධ නොකෙරෙන තත්ත්වයට පත්කොට තිබේ.☐
    ප්‍රධාන සේයාරුව: එකම රැයකදී රජයේ හමුදා විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමූ තරුණයන් 24 දෙනෙකුගේ සිරුරු මහනුවර නගර මධ්‍යයේ ප්‍රදර්ශනයට තබා තිබූ අයුරු - 1989 ඔක්තෝබර් / ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය

    kithsiri_wijesinghe.jpg
    කිත්සිරි විජේසිංහ
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,877
    34,196
    113
    උඹලගේ අම්මා තාත්තාවත් කවුරු හරි මරලා දාපු දාට උඩගම්පොලයා කරපු දේ හරි කියයි.
     

    gepa

    Well-known member
  • උඹලගේ අම්මා තාත්තාවත් කවුරු හරි මරලා දාපු දාට උඩගම්පොලයා කරපු දේ හරි කියයි.

    එහෙම කලා කියලා දකින දකින එකාව මරන එක හොඳයිද.. කරපු එවුන්ට ශොට් එක දුන්න නං අර හිතුමතේ ජීවිතේ වගේ කරපු දේ හරි කියන්ඩ තිබ්බා.
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උඹලගේ අම්මා තාත්තාවත් කවුරු හරි මරලා දාපු දාට උඩගම්පොලයා කරපු දේ හරි කියයි.

    Ekata pattaka idapu minissunge dariwo Pali da udugampola kimbo:angry:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පට්ටම ආතල් එක ජෙප්පෝ කයිය ගහනෙක.උන් මූනු හංගගෙන මිනිස්සු මරපු හින්ද මිනීමරුවෝ නෑ මැරිච්ච මිනිස්සු විතරයි ඉන්නේ :rofl:
    පොලිසියයි හමුදාවයි ඉන්නේ ඔහොම වෙලාවට සටන් කරන්න තමයි එත් උන් කරපු විදිය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ.
    තාජුඩින් ල ලසන්තලා ගැන ඇහැට දැකල නැතුව කියවන මුන්ට උන් කරපු ඒවා අමතකයි.මාර විදියට ජෙප්පෝ ෆෝම් වෙලා fb එකේ :rofl:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    කාට මහත්තයා කියුවත් රෝහන විජේවීර වගේ කාලකන්නි පරයෙකුට මහත්මයා කියන්න එපා.
    ඕකගෙ කාලකන්නි කොලුව කොලඹ ඩී.එස් එකේ, ඒකියන්නෙ මගේ ඉස්කොලෙ ඉගෙන ගෙන තියෙන්නේ, මම ඒදවස් වල දන්නවනන් උගෙත් බෙල්ල මිරිකනවා, ඔය කාල කන්නි ලේ වලින් ජාතක උන පර හැත්ත මක බෑවෙන්න ඔනි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,921
    113
    එහෙම කලා කියලා දකින දකින එකාව මරන එක හොඳයිද.. කරපු එවුන්ට ශොට් එක දුන්න නං අර හිතුමතේ ජීවිතේ වගේ කරපු දේ හරි කියන්ඩ තිබ්බා.

    :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    89 භීෂණ සමයේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කළ නීතිඥවරුන් 15 දෙනකු ඝාතනයට පත් වූ අතර ඇතැම් නීතිඥවරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල සහ සහකාර පොලිස්‌ අධිකාරි ඩග්ලස්‌ පීරිස්‌ට බරපතළ චෝදනා එල්ල විය. මින් නීතිඥවරුන් 8 දෙනකු ආණ්‌ඩුවේ ආරක්‌ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනය කළ බව පසුව වාර්තාවී තිබුණි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,458
    113
    උඹලගේ අම්මා තාත්තාවත් කවුරු හරි මරලා දාපු දාට උඩගම්පොලයා කරපු දේ හරි කියයි.
    ආතල් කෝටියයි..උගේ අම්මා මැරුවෙත් ආන්ඩුවේ කුළී ඝාතකයන් විසින්මයි. ඒක ඇවිල්ල සුදුසු චරිතයක්, ඉතා සුදුසු චරිතයක් කිරීමේ ක්‍රියාමාර්ගයක් විතරයි. (Motivation)

    තවත් පොලිස් මිනීමරුවෙක් තමයි. ගඩාෆි- නි.පො. එඩිසන් ගුණතිලක. පොඩි කාලෙම සිරිමාවෝගේ ඔත්තු කරුවෙක් වෙලා ඉඳලා, පොලීසිය ට බැඳිලා. උගේ පවුලේ එවුනුත් සමාන විදිහට මරලා, මේකා ඒකේ පලිය ගත්තා. තාම යහතින් ඉන්නවා. බලමු ඒකා මැරෙණ හැටි....
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    කුමන්ත්‍රනය අශිශ්ටනම් ඊට එරෙහි සටනෙ ශිශ්ටත්වය සොයන්න එපා- අනුර කුමාර දිසානායක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කුමන්ත්‍රනය අශිශ්ටනම් ඊට එරෙහි සටනෙ ශිශ්ටත්වය සොයන්න එපා- අනුර කුමාර දිසානායක

    :P කොහොම වුනත් උඩුගම්පල මරපු බහුතරය අහින්සකයෝ. ඕකා ඊලග ආත්මේ උපදින්නේ පනුවෝ ගහපු බල්ලෙක් වෙලා. විදවලා මෑරෙන්නේ. මිනිමරු ජෙප්පොන්ටත් එච්චර තමා. අතේ අහින්සකයන්ගේ ලේ ගෑවිලා නම් පල දෙනවාමයි