නගරාන්තර_විදුලි_දුම්රිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නගරාන්තර_විදුලි_දුම්රිය

නව නගරාන්තර විදුලි දුම්රිය නවත්වන ස්ථාන


ශ්‍රී ලංකාවේ යෝජිත දුම්රිය: ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක්.

_105065119_mediaitem105063534.jpg


කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා කර ඇති කොළඹ කොටුව සිට මාලබේ දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබේ. මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිතය. කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන සේ ඉදි කෙරෙන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට යෝජිතය.

කොටුව සිට රජයේ අමාත්‍යංශ සහ ආයතනය ගණනාවක්ම පිහිටි සෙත්සිරිපාය ගොඩනැගිල්ලට යාමට ගතවන්නේ විනාඩි 16 ක පමණ කාලයකි. රාජ්‍ය සේවකයන් දහස් ගණනක් එම ප්‍රදේශයේ සේවය කරන අතර ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් විශාල කාලයක් ඉතිරිකර ගත හැකි බව බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යංශය පවසයි. කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද අනෙක් වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම් පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා ආයතනය ය.


_105063531_78c8143d-827a-4547-a1eb-22466b6d9e2d.jpg



මුදල් අමාත්‍යංශය සිකුරාදා (ජනවාරි 04) නිවේදනය කළේ ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන ණය මුදලෙන් සිදුකරන මෙම ව්‍යාපෘතියේ ආයෝජනය අවුරුදු 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීමට නියමිත බවය.
සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් කුළුණු සහ වානේ කදම්බ වලින් නිර්මාණයවී ඇති වේදිකාවක් මතින් මෙම දුම්රිය සේවාව ගමන් කිරීමට නියමිතය. එසේම, දුම්රිය මාර්ගය බොහෝ අවස්ථාවල ප්‍රධාන මහා මාර්ගයට ඉහළින් ගමන් කරන බව එහි ව්‍යපෘති වාර්තාවේ සඳහන් වේ.
උපායමාර්ගික වැදගත් ස්ථානයන් වන කොටුව, පුරහල, ජාතික රෝහල, බොරැල්ල මෙන්ම බොහෝ රාජ්‍ය ආයතන පිහිටුවා ඇති සෙත්සිරිපාය, බත්තරමුල්ල සහ මාලබේ යන ප්‍රදේශ මෙම දුම්රිය මාර්ගය මගින් සම්බන්ධ කරනු ලැබේ.


දුම්රිය නැවැත්වීමට යෝජිත ස්ථාන - 16



_105063529_7699efd1-bb6b-493b-9647-14d96519d979.jpg




  1. කොටුව
  2. ප්‍රවාහන මධ්‍යස්ථානය
  3. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අසල
  4. ජාතික රෝහල අසළ
  5. බොරැල්ල
  6. කොටා පාර
  7. රාජගිරිය
  8. වැලිකඩ
  9. සෙත්සිරිපාය
  10. බත්තරමුල්ල
  11. පාලම් තුන
  12. රොබට් ගුණවර්ධන මාවත
  13. ලුම්බිණි පන්සල
  14. තලාහේන
  15. මාලබේ
  16. මාලබේ තාක්ෂණ උද්‍යානය
බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකට අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම ආයෝජනය මෙම සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ව්‍යාපෘතිය වේ.



_105063533_c098b30a-8e96-4c0a-8cfe-6b11b2034c6a.jpg





"මේ ව්‍යාපෘති කිව්වහම සමහරු හිතනවා කණු ටිකක් ගහල රේල් පාරක් දාලා මේක අවුරුද්දෙන් දෙකෙන් මැජික් බලයෙන් වගේ කරන්න පුළුවන් කියලා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් සිදු කරන්න ඉතාම අමාරුයි. බ්‍රිතාන්‍යයන් ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ අදහස ඇති කර ගත්තේ 1830 දී. යතාර්ථයක් වූනේ 1860 දී," අමාත්‍යවරයා මෙම නව දුම්රිය සේවාව ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

"අපි වසර 20 ක් සැලසුම් කළා පොල්ගහවෙල සිට පානදුරට විදුලි දුම්රිය ඇති කරන්න. එය පොතපතේ තිබුණා මිස කෙරුනේ නැහැ. අපි සතුටු වෙනවා වසර 2 ක් ඇතුළත එයට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්, සිවිල්, යාන්ත්‍රික, විදුලි ඉංජිනේරුමය ක්‍රියාවලියක් වූ මේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ක්‍රියාවලිය මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න," ඔහු කියා සිටියේය. මෙම ව්‍යාපෘතියේ අවසන් ගිවිසුම් පසුගිය නොවැම්බර් මාසයේ අත්සන් තැබීමට නියමිතව තිබුණත් පසුගිය වසර අවසානයේ ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් එය අතපසුවූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.


BBC
 
Last edited:

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    subway railway system ekak haduwanam thama supiri.traffic walata niyama solution eka.monorail wala wadiya minissunta yanna bahane.


    987629_65bc9335f314005c80cfb136f4167853-692x360.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    subway railway system ekak haduwanam thama supiri.traffic walata niyama solution eka.monorail wala wadiya minissunta yanna bahane.


    987629_65bc9335f314005c80cfb136f4167853-692x360.jpg


    subway danna ba lankawe mudu wathura tunnel athulata enawa thawa colombo kiyanne nidan wasthu godak thina town ekak :cool:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕව හදල ඉවරවෙද්දි අපි මැරිල ගිහිල්ල ඉඳියි බං :(
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    එහෙම තමා බං සැලසුම් කරන්නෙ. කරන්න ගත්තට පස්සෙනෙ තව තව ප්‍රශ්න ඇවිල්ල කල් යන්නෙ.

    Japanese contractor..awulak wenne na kiyela hithamu..un time eketa wadene:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Japanese contractor..awulak wenne na kiyela hithamu..un time eketa wadene:D

    :baffled:
    කොහොමද ඕක බාගෙට හදාගෙන යද්දි තඩි භූමිකම්පාවක් ඇවිල්ල කොලඹ බිල්ඩිං සිය ගානක් බිමට සමතලා වෙලා හදාගෙන යන එකෙත් බාගෙට හදපුව කඩාගෙන වැටුනොත් :sorry: එතකොට ඕක පැත්තකට දාල වෙන ප්‍රශ්න විසඳන්න වෙන්නෙ :sorry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    :baffled:
    කොහොමද ඕක බාගෙට හදාගෙන යද්දි තඩි භූමිකම්පාවක් ඇවිල්ල කොලඹ බිල්ඩිං සිය ගානක් බිමට සමතලා වෙලා හදාගෙන යන එකෙත් බාගෙට හදපුව කඩාගෙන වැටුනොත් :sorry: එතකොට ඕක පැත්තකට දාල වෙන ප්‍රශ්න විසඳන්න වෙන්නෙ :sorry:

    Umbanan pessimist ma tamai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    :baffled:
    කොහොමද ඕක බාගෙට හදාගෙන යද්දි තඩි භූමිකම්පාවක් ඇවිල්ල කොලඹ බිල්ඩිං සිය ගානක් බිමට සමතලා වෙලා හදාගෙන යන එකෙත් බාගෙට හදපුව කඩාගෙන වැටුනොත් :sorry: එතකොට ඕක පැත්තකට දාල වෙන ප්‍රශ්න විසඳන්න වෙන්නෙ :sorry:

    Man nan ausi idan thread ekak dala athal ekak gannawa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Umbanan pessimist ma tamai

    :baffled:
    නෑ බං එහෙම නෙමේ. දැන් විහාරමහාදේවියගෙ කාලෙට පස්සෙ අපි සුනාමියක් අත්දැක්කෙම නෑනෙ. එහෙම වෙලා එක පාරට සුනාමියක් ආවනෙ. ඒ වගේ අපි හෙන භූමිකම්පාවක් අත්දැකපු කාලයක් මතක නෑනෙ :sorry: ඉතිහාසය පොත් වලත් එහෙම එකක් නෑනෙ. ඒ කියන්නෙ කොයි මොහොතෙ හරි තඩි භූමිකම්පාවක් එයි බං.


    Man nan ausi idan thread ekak dala athal ekak gannawa

    ඕසි කියන්නෙ සදාකල් තියෙන රටක් නෙමේ යකෝ. ඕකත් කවද හරි කඩාගෙන වැටෙනව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ජපානෙට මේ ඕර්ඩර් එක ගිය එක ගැන සතුටුයි.



    තරඟේ දුන්න Hitachi- Japan,GE-USA,Siemens-Germany


    ඇමතිගේ කුට්ටිය කොහොම හරි ලැබෙනවා. ධම්මික පෙරේරා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වුනේ මේක ගොඩ දාගන්න. මම හිතන විදිහට ඌ Hitachi SL agent. එහෙනම් .... tax ගෙවන්න ලෑස්තිවෙයව්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා ආයතනය ය.

    එහෙනම් මහින්දට තමයි මුල්ගල තියන්නවෙන්නෙත් විව්ෘත කරන්න වෙන්නෙත්