නගරාන්තර_විදුලි_දුම්රිය
නව නගරාන්තර විදුලි දුම්රිය නවත්වන ස්ථාන
ශ්‍රී ලංකාවේ යෝජිත දුම්රිය: ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක්.
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා කර ඇති කොළඹ කොටුව සිට මාලබේ දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබේ. මාලබේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවෙන මෙම නව දුම්රිය සේවාවේ මුලික වැඩකටයුතු දැනට අවසන් කර තිබෙන අතර ඉඩම් පවරාගැනීමෙන් පසු එහි ඉදිකිරිම 2020 වසරේ ආරම්භවීමට නියමිතය. කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන සේ ඉදි කෙරෙන මෙම දුම්රිය සේවාව, මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් යාමට හැකි වනසේ ඉදිකිරීමට යෝජිතය.
කොටුව සිට රජයේ අමාත්‍යංශ සහ ආයතනය ගණනාවක්ම පිහිටි සෙත්සිරිපාය ගොඩනැගිල්ලට යාමට ගතවන්නේ විනාඩි 16 ක පමණ කාලයකි. රාජ්‍ය සේවකයන් දහස් ගණනක් එම ප්‍රදේශයේ සේවය කරන අතර ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් විශාල කාලයක් ඉතිරිකර ගත හැකි බව බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යංශය පවසයි. කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද අනෙක් වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම් පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා ආයතනය ය.
මුදල් අමාත්‍යංශය සිකුරාදා (ජනවාරි 04) නිවේදනය කළේ ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන ණය මුදලෙන් සිදුකරන මෙම ව්‍යාපෘතියේ ආයෝජනය අවුරුදු 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීමට නියමිත බවය.
සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් කුළුණු සහ වානේ කදම්බ වලින් නිර්මාණයවී ඇති වේදිකාවක් මතින් මෙම දුම්රිය සේවාව ගමන් කිරීමට නියමිතය. එසේම, දුම්රිය මාර්ගය බොහෝ අවස්ථාවල ප්‍රධාන මහා මාර්ගයට ඉහළින් ගමන් කරන බව එහි ව්‍යපෘති වාර්තාවේ සඳහන් වේ.
උපායමාර්ගික වැදගත් ස්ථානයන් වන කොටුව, පුරහල, ජාතික රෝහල, බොරැල්ල මෙන්ම බොහෝ රාජ්‍ය ආයතන පිහිටුවා ඇති සෙත්සිරිපාය, බත්තරමුල්ල සහ මාලබේ යන ප්‍රදේශ මෙම දුම්රිය මාර්ගය මගින් සම්බන්ධ කරනු ලැබේ.
දුම්රිය නැවැත්වීමට යෝජිත ස්ථාන - 16
"මේ ව්‍යාපෘති කිව්වහම සමහරු හිතනවා කණු ටිකක් ගහල රේල් පාරක් දාලා මේක අවුරුද්දෙන් දෙකෙන් මැජික් බලයෙන් වගේ කරන්න පුළුවන් කියලා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් සිදු කරන්න ඉතාම අමාරුයි. බ්‍රිතාන්‍යයන් ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ අදහස ඇති කර ගත්තේ 1830 දී. යතාර්ථයක් වූනේ 1860 දී," අමාත්‍යවරයා මෙම නව දුම්රිය සේවාව ගැන අදහස් දක්වමින් කියා සිටියේය.
"අපි වසර 20 ක් සැලසුම් කළා පොල්ගහවෙල සිට පානදුරට විදුලි දුම්රිය ඇති කරන්න. එය පොතපතේ තිබුණා මිස කෙරුනේ නැහැ. අපි සතුටු වෙනවා වසර 2 ක් ඇතුළත එයට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්, සිවිල්, යාන්ත්‍රික, විදුලි ඉංජිනේරුමය ක්‍රියාවලියක් වූ මේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ක්‍රියාවලිය මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න," ඔහු කියා සිටියේය. මෙම ව්‍යාපෘතියේ අවසන් ගිවිසුම් පසුගිය නොවැම්බර් මාසයේ අත්සන් තැබීමට නියමිතව තිබුණත් පසුගිය වසර අවසානයේ ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් එය අතපසුවූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
BBC

- කොටුව
- ප්‍රවාහන මධ්‍යස්ථානය
- කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අසල
- ජාතික රෝහල අසළ
- බොරැල්ල
- කොටා පාර
- රාජගිරිය
- වැලිකඩ
- සෙත්සිරිපාය
- බත්තරමුල්ල
- පාලම් තුන
- රොබට් ගුණවර්ධන මාවත
- ලුම්බිණි පන්සල
- තලාහේන
- මාලබේ
- මාලබේ තාක්ෂණ උද්‍යානය
"මේ ව්‍යාපෘති කිව්වහම සමහරු හිතනවා කණු ටිකක් ගහල රේල් පාරක් දාලා මේක අවුරුද්දෙන් දෙකෙන් මැජික් බලයෙන් වගේ කරන්න පුළුවන් කියලා. මෙවැනි විශාල ව්‍යාපෘතියක් සිදු කරන්න ඉතාම අමාරුයි. බ්‍රිතාන්‍යයන් ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ අදහස ඇති කර ගත්තේ 1830 දී. යතාර්ථයක් වූනේ 1860 දී," අමාත්‍යවරයා මෙම නව දුම්රිය සේවාව ගැන අදහස් දක්වමින් කියා සිටියේය.
"අපි වසර 20 ක් සැලසුම් කළා පොල්ගහවෙල සිට පානදුරට විදුලි දුම්රිය ඇති කරන්න. එය පොතපතේ තිබුණා මිස කෙරුනේ නැහැ. අපි සතුටු වෙනවා වසර 2 ක් ඇතුළත එයට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්, සිවිල්, යාන්ත්‍රික, විදුලි ඉංජිනේරුමය ක්‍රියාවලියක් වූ මේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළිබඳ ක්‍රියාවලිය මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න," ඔහු කියා සිටියේය. මෙම ව්‍යාපෘතියේ අවසන් ගිවිසුම් පසුගිය නොවැම්බර් මාසයේ අත්සන් තැබීමට නියමිතව තිබුණත් පසුගිය වසර අවසානයේ ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් එය අතපසුවූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
BBC
Last edited:

එතකොට ඕක පැත්තකට දාල වෙන ප්‍රශ්න විසඳන්න වෙන්නෙ