USD to LKR

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මං ගත්තා බං...මට බය හිතුනා තව බැහැලා ඕක නැග්ගේ නැත්තන් කියලා..කොහොමත් පාස්ට් ඩේටා බැලුවම නිකන් තේරුන විදියට රුපියල ඔය වගේ ඉක්මනට අගය වැඩිවෙලා තියෙන අවස්තාවල වැඩිවෙලා තියෙන්නෙ උපරිම රුපියල් දෙකකින් හෝ තුනකින් වගේ..දැන් රුපියල් පහකින් වගේ වැඩිවුනානේ..ඒකයි මම ගත්තේ...ඉස්සරහට ලෝන්ස් එහෙම ගොඩක් ගෙවන්න තියෙනවා නම් තමයි..ඒත් investments එහෙම ඇවිල්ලා මේක 165 වගේ ස්ටේබල් වෙලා තිබ්බොත් :eek: මන් මේ බැලුවේ රුපියල නැගලා තියෙනේ ඩොලර් එකට සාපෙක්ශ්ව විතරක් නෙමෙයි..INR, GBP වලට සාපේක්ශවත් රුපියල නැගලා..

    මං මේවා ගැන වැඩිය දන්නේ නැහැ..ඒත් මට රිස්ක් එකක් ගන්න ඕනෙ උනේ නැහැ..
    වැ⁣ඩේ තියෙන්නෙ මචං මම හැම මාසයකම සල්ලි Withdraw කරනව, දැන් ගිය මාසෙ සල්ලි ගත්තෙ නෑ බං, ඒ ටික තියෙනව Payoneer එකේ, හැබැයි මට ලොකු කාලයක් Payoneer එකේ තියන්නත් බයයි වගේ බං, Safety නෑ වගේ, මම මේ කල්පනා කරේ NRFC එකක් හදාගෙන සල්ලි ටික ගන්නවද කියල, හැබැයි මට එකක් ෂුවර් තව මාසයක් දෙකක් යන්න කළින් මේක තිබ්බටත් වඩා වැඩිවෙයි කියල මචං
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Currency swap එක , Tourists income එක , T bond sale එක... මේ හේතු 3 ම නිසා තමයි පහලට එන්නෙ මචන්..

    මේව හැබැයි ස්තිර විසදුම් නෙවෙයි මචන්.. අනිවා export වැඩි කරගන්න වෙනව නැත්නම් කෙල වෙනව.. Export වැඩි කරන එක ලේසි නෑ, ඒක නිසා කරන්න තියන හොදම දේ අපි පිටින් Import කරන දේවල් ටික පුලුවන් තරම් රට ඇතුලෙම හදල Import cost එක අඩු කරගන්න එක.. :yes:

    :lol::lol::lol:

    XMRqwtl.png
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    වැ⁣ඩේ තියෙන්නෙ මචං මම හැම මාසයකම සල්ලි Withdraw කරනව, දැන් ගිය මාසෙ සල්ලි ගත්තෙ නෑ බං, ඒ ටික තියෙනව Payoneer එකේ, හැබැයි මට ලොකු කාලයක් Payoneer එකේ තියන්නත් බයයි වගේ බං, Safety නෑ වගේ, මම මේ කල්පනා කරේ NRFC එකක් හදාගෙන සල්ලි ටික ගන්නවද කියල, හැබැයි මට එකක් ෂුවර් තව මාසයක් දෙකක් යන්න කළින් මේක තිබ්බටත් වඩා වැඩිවෙයි කියල මචං

    ඇයි මචන් Payoneer එකේ තියන්න බය? මම නම් මාස ගනන් තියලා තියෙනවා Payoneer එකේ..චාජ් කරන්නෙත් නැහැනේ :) දැනට නම් මුකුත් අවුලක් වෙලා නැහැ...NRFC නෙමෙයි හදනවා නම් හදන්න වෙන්නේ RFC එකක්..මමත් එයින් එකක් හදන්න බැලුවා, ඒවයේ පොළිය අඩුයි..Combank එකේ නම් minimum balance එක $25 ද කොහෙද maintain කරන්නත් ඕනේ...Payoneer තියනවාට වඩා නම් RFC එකක පොඩි පොළියකට හරි තියන එක පාඩුවක් නැහැ හැබැයි...

    Sorry mcn i missed it,just replied ;)

    :)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි මචන් Payoneer එකේ තියන්න බය? මම නම් මාස ගනන් තියලා තියෙනවා Payoneer එකේ..චාජ් කරන්නෙත් නැහැනේ :) දැනට නම් මුකුත් අවුලක් වෙලා නැහැ...NRFC නෙමෙයි හදනවා නම් හදන්න වෙන්නේ RFC එකක්..මමත් එයින් එකක් හදන්න බැලුවා, ඒවයේ පොළිය අඩුයි..Combank එකේ නම් minimum balance එක $25 ද කොහෙද maintain කරන්නත් ඕනේ...Payoneer තියනවාට වඩා නම් RFC එකක පොඩි පොළියකට හරි තියන එක පාඩුවක් නැහැ හැබැයි...



    :)


    එහෙම වෙන්න පුලුවන් මචං, ඒත් මම මෙච්චර කාලෙකට Payoneer වල ලොකු කාලෙකට සල්ලි තියාගෙන ඉඳල නෑ බං, ඒත් දැන් මේ පාර නම් එහෙම කරන්න වෙයි වගේ ;)

    මම ගිය සතියෙ බෑන්ක් එකෙන් ඇහුව මචං, උනුත් ඔය බයිල ගැහුව NRFC හදන්න VISA තියෙන්න ඔ්න, Passport ඔ්න කියල, පස්සෙ මාව Bank Manager ළඟට දැම්ම, පොර කිව්ව වැඩ කරන කාගෙන් හරි Agreement එකක් පුලුවන්නම් අරගෙන එන්න, NRFC අකවුන්ට් එකක්ම හදල දෙන්නම් කියල. :D

     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අත්‍යවශ්‍ය නොවන ආනයන අධෛර්යයට පත්කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් වසරේ මැද පටන්ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ පලදරමින් නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 9.1 කින් පහත වැටී ඇත.

    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට ප්‍රබල ලෙස බලපෑ අප රටේ ආනයන වියදම් වැඩි වී අපනයන ආදායම අඩුවීම දුරුකිරීමට පියවරක් ලෙස මහ බැංකුව අත්‍යවශ්‍ය නොවන ආනයන සීමාකරවන ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා ලදී.

    ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන හා අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ මත සීමා පැනවීමක් සිදුකළ මහ බැංකුව එහි ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බව කියා සිටියි.

    වසර 2018 නොවැම්බර් මාසයේ අප රටේ ආනයන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් මහ බැංකුව මෙසේ ද කියා සිටියි.

    වෙළෙඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය

    2017 ජූනි මාසයට පසුව ප්‍රථම වතාවට 2018 නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ. ජ. ඩොලර් මිලියන 1765 ක් දක්වා සියයට 9.1 කින් පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන මත සීමා පැනවීමෙන් වූ බලපෑම පිළිබිඹු කරමින් පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන පහළ යෑම ආනයන වියදම පහත වැටීම සඳහා හේතු වූ අතර ශ්‍රී ලංකා රුපියල සාපේක්ෂව විශාල වශයෙන් අවප්‍රමාණය වීම ද ආනයන අඩුවීම සඳහා හේතු විය හැකිය.

    සහල්, එළවළු, කිරි ආශ්‍රිත නිෂ්පාදිත හා සීනි ආනයන අඩුවීමත් සමඟ ආහාර හා පාන වර්ග ආනයන වියදම පහත වැටීම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටුණි. දේශීය නිෂ්පාදනය ඉහළ යෑම හේතුවෙන් ආනයන පරිමාව අඩුවීම සහ ජාත්‍යන්තර වෙළඳ පොළෙහි වෙළඳ භාණ්ඩ මිල ගණන් පහළ යෑම, මෙලෙස ආහාර හා පාන වර්ග ආනයන වියදම අඩුවීම සඳහා හේතු විය. විදුලි සංදේශ උපකරණ සහ ගෘහ උපකරණ වැනි ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහත වැටීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ක්‍රියාත්මක කළ ආනයන සීමාකිරීම ද මේ සඳහා යම් තරමකට දායක විය.

    පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයනය පාලනය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේදී එම රථවාහන ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව සියයට 34.8 කින් කැපීපෙනෙන ලෙස පහත වැටුණි. පෞද්ගලික භාවිතය සඳහා ගනු ලබන රථවාහන සහ අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය ඉදිරි මාසවලදී තවදුරටත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    බොහෝ උප කාණ්ඩ යටතේ වූ ආනයන පහළ යෑම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ආයෝජන භාණ්ඩ ආනයන වියදම පහත වැටුණි. විශේෂයෙන්ම 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව සිමෙන්ති සහ වාණිජ අරමුණු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන ආනයන වියදම කැපීපෙනෙන ලෙස පහත වැටුණි.

    මෙයට වෙනස්ව යමින් ඉන්ධන, මූල ලෝහ සහ පොහොර ආනයන ඉහළ යෑම හේතුවෙන් අන්තර් භාණ්ඩ ආනයන වියදම සුළු වශයෙන් වුවද ඉහළ ගියේය. බොරතෙල් ආනයන පරිමාවෙහි අඩුවීමක් වාර්තා වුවද, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයන මිල ගණන් සහ ආනයන පරිමාව ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම ඉහළ ගියේය. මේ අතර, යකඩ හා වානේ ආනයනය ඉහළ යෑම හේතුවෙන් මූල ලෝහ ආනයන වියදම ඉහළ ගියේය. කෙසේ වුවද, රත්‍රන් ආනයන මත 2018 ‍අප්‍රේල් මාසයේදී පනවන ලද තීරු බද්ද හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ද රත්‍රන් ආනයන වියදම අඛණ්ඩව කැපීපෙනෙන ලෙස පහත වැටුණි. ප්‍රධාන වශයෙන්ම ආනයන පරිමාව අඩුවීම හේතුවෙන් මෙම මාසය තුළදී තිරිඟු හා ඉරිඟු ආනයන වියදම ද පහත වැටුණි. ආනයන වියදම මත වන පීඩනය අඩු කිරීමට දායක වෙමින් මෙම මාසය තුළ ඛනිජමය නිෂ්පාදිත සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම ද පහත වැටුණි.

    2018 නොවැම්බර් මාසයේදී ආනයන පරිමා දර්ශකය සහ ආනයන මිල දර්ශකය පිළිවෙළින් සියයට 8.6 කින් සහ සියයට 0.5 කින් පහත වැටුණි. මේ මඟින් මෙම මාසයේ ආනයන පහළ යෑම සඳහා 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ආනයනය කළ භාණ්ඩවල මිල ගණන් අඩුවීමට වඩා ආනයන පරිමාව අඩුවීම හේතු වූ බව පෙන්නුම් කෙරේ.

    ජයසිරි මුණසිංහ
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ට්‍රැවල් කරන ප්‍රසිද්ධ යූටියුබර්ස්ලා සෑහෙන්න ගොඩක් ලංකාවට ඇවිත් මේ මාස 2 - 3 ඇතුලත
    ඒවා ට්‍රෙන්ඩ් උනාම කොහොමත් සුද්දෝ එන එක වැඩි වෙනවා