Asata rupayak gatunahama chakku vinjjanaya athi wenawa. oya tune sparshayen vedana sanja...etc athi wenawa... Oya kiyapu hama step ekama une apita onivata newai (ape control ekakin newei) e e welawe athi wunu hetun anuwa ee dewal sakas una...api kamathi unath nathi unath... meka dukak.... pancha upadhanaya dukak wenne mee nisai......apita control ekak nathi deyakin (hetun nisa athi wela hatun nati wenakota nathi wena deyakin) kawadawat truptimath wenna baa...
mehema mage control ekak natiwa hetun nisa wena deyakata mama/mage kiyala ganna baa..
me thamai mama hitana widiha..![]()
ඔබතුමාගේ ප්රවිශ්ඨය හරි. හෙතු ප්රත්යන්ගෙන් හට ගත් දේ (සංකාර) දුකයි! ඔබ හරි තැන ඉන්නේ. හැබැයි සංකාර දුක තෘප්තියට සාපේක්ෂ කරන්න යන්න එපා. එහෙම වුනොත් ආයෙත් ලෞකික සාපේක්ශ සැප-දුකට වැටෙනවා, ලෝකෙට අහුවෙනවා. සංකාර දුක අහුවෙන්නේ ප්රඥාවටයි. බුදුපියාණන් දේශනා කරනවා "දුක්ඛේ අඥානං" කියා. ඒ කියන්නේ ලෝකයට අයිති මිනිස්සු සිටින්නේ දුක ප්රඥාවෙන් දැකගන්නා තත්වයක නොවේ. සංකත දේවල් සියල්ල දුකයි - නමුත් අපට ඒක පෙනෙන්නේ නැහැ. අපිට දිව්යලෝක සැප, අපාය දුක. නමුත් බුදු පියාණන් දේශනා කලා "හට ගන්නෙත් දුක, පවතින්නෙත් දුක, නැතිවෙන්නෙත් දුක". අපිට මේක පෙනෙන්නේ නැති බව පිලිගන්න ඕනේ. ඒක අවබෝධ කරන්ඩ ඕනේ. ඒකට මාර්ගය වඩන්න ඕනෑ. සතර සති පට්ඨානය වඩන්න. බහුලව වඩන්න, යානයක් සේ වඩන්න. නොතේරෙන දේ අවංකව පිලිගන්න, ඔබට කල යුතු වැඩ කොටසක් බුදු පියාණන් දේශනා කලා . ඒ ටික වීර්යෙන් කරන්න. ඔබට "දුක්ඛේ ඥානය" වැටහෙයි. කායානුපස්සනාවෙන් පටන් ගන්න. සමුදය බලන්න , වැය බලන්න, සමුදය-වැය බලන්න.
ඉමස්මිං සති ඉදංහෝති
ඉමස්මිං අසති ඉඳං නහෝති
ලෝකයම සංකාර ගොඩක් බව වැටහේවී. එය දුකක් බව වැටහෙන කන්ම දිගටම කායානුපස්සනාව වඩන්න.
අනිච්ච් සඤ්ඤාවේ සම්බන්දය ඔබට වැටහේවි. ඔබට ජය!





