මෙ අහගනින් කම්පෙයාර් කිරීම අපි කාගෙ කාගෙත් තියෙනවා හො තිබිලා තියෙනවා ටිකක් හරි,
එත් මන් තෙරුම් ගත්ත දෙයක් කියන්නම් .ඒ මන් කියන්න යන දෙ මෙකෙ එක්කෙනෙක් රිප්ලයි එකකිනුත් කියලා තියෙනවා.
උඹ 35 ක් ගත්තත් තව එකෙක් ඉන්නවා 50 ක් ගන්න
උඹ ලක්ෂයක් ගත්තොත් තව එකෙක් ඉන්නවා ලක්ෂ දෙකක් ගන්න
උඹ ලක්ෂ 10 ක් ගත්තොත් ලක්ෂ 15 ක් ගන්න තව එකෙක් හො එවුන් ඉන්නවා.
ඉතිං කම්පැරිෂන්ස් එකෙ ඉද්දි ඉවරයක් නැහැ. මනසට සහනෙකුත් නැහැ.
ෆොරම් වල ගොඩාක් කොටන්නෙ බොරු.
ඒ වගෙම තමා ලක්ෂ ගණන් පඩි ගන්න එක අඳින පලඳින එකෙන් යන වාහනෙන් මනින්නත් බැහැ.
සමහරක් විට 50 ක් ගන්න එකෙක් රෝද 4 ක යද්දි ලක්ෂයක් ගන්න එකෙක් බයිසිකලෙක යනන්ත් පුළුවන් ?
එහෙම වෙන්නෙ කොහොමද ?
50 ක් ගන්න එකාට ඉඩම් ගෙවල් සහ යන වාහනෙ නිකන් උරුම වෙවි දෙමාපියන්ගෙන් හෝ දැවැද්දෙන්.
ලක්ෂෙ ගන්න එකාට ඉඩමකට ගෙවනගමන්, ගේ කෑල්ලක් හදා ගන්න ගමන් ලෝන් ගෙව ගෙවා ඉන්නත් වේවි.
දැන් තෙරුණාද ?
පඩියෙන් හැMඅ එකම තීරණය කරන්න යන්න එපා.
පුළුවන් තරම් බලපන් අද හිටියාට වඩා හෙට දශමෙකින්වත් හැම පැත්තෙන්ම දියුණුවක් ලබන්න.
ඒ කිව්වෙ දැනුමෙන්,වත්කමින්, සෞඛ්‍ය පැත්තෙන්