free will මායාව...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අතරමැද අවස්ථා කතාව හේතුඵලවාදයේ පදනමේ තියෙන තවත් අවුලක්. ඒක අමතක වෙලා තිබ්බෙ. අනිවාර්යයෙන් a නිසා b වුනා නං b වෙන්නෙ a ට පස්සෙ. එහෙම වෙන ඕනෙම අවස්ථාවක a සහ b අතරමැද අවස්ථාවක් අරං පෙන්නුවෑකි. ඒ අතරමැද අවස්ථාව x නං a නිසා x වෙනවනං ax අතරත් තවත් අතරමැද අවස්ථාවක් අරං පෙන්නුවෑකි. ඒක අතරෙ තවත් අතරමැද අවස්ථාවක්. ඔහොම ඔහොම කෙලවරක් නෑ. එතකොට හේතුඵලවාදය තවත් පඹගාලක පැටලෙනව.

    p නිසා q වෙනව කියන්න බෑ p නිසා වෙලා තියෙන්නෙ වෙන r කියල එකක් r නිසා තමා q වෙලා තියෙන්නෙ. ඔහොම දෙක අතරමැද කාලය පොඩි කරගෙන කරගෙන ගියාම අන්තිමට නතර වෙන්නෙ p ටම ඇවිල්ල. එතකොට p නිසා වෙන දේ p ත් එක්කම වෙන්න ඕනෙද ? p වෙනකොටම නං m වුනේ p නිසා m වුනාද/m නිසා p වුනාද කියල තීරණය කරන්නෙ කොහොමද ?  p ට පස්සෙ නං m වුනේ ආයෙත් මුල ප්‍රශ්නෙමයි.

    හේතුඵල වාදය අත්දැකීම් පැහැදිලි කරන්න මිනිසා නිර්මාණය කරගත්තු තවත් එක සංකල්පයක් විතරයි කියල අරගෙන ඇරෙන්න මේ පඹගාලෙන් බේරෙන්න ක්‍රමයක් මට නං පේන්නෑ :no:

    එහෙම ගත්තු ගමං ඒ සංකල්පය යථාර්තයයි කියල සහතික වෙන්න බෑ කියල පිළිගන්න වෙනව. ඒකෙං ගම්‍ය වෙන්නෙ භෞතික ලෝකය ගැන හේතුඵලවාදය පදනම් කරගෙන නිර්මාණය කරන සියලුම දැනුම අසම්පූර්ණයි කියල පිළිගන්න වෙනව :(

    කොහෙං ගියත් ගැලවීමක් නෑ :no: මේ වගේ දේවල් ගැන හිතන්න ගිහිං පිස්සු හැදෙන එක තමා වෙන්නෙ. Godel වගේ විද්‍යාඥයො සෑහෙන පිරිසකට ජීවිතේ අන්තිම කාලෙ පිස්සු හැදුනලු :sorry: :(

    ඔතන තියෙන්නේ zeno ගේ paradox එකනේ.. :nerd:

    එකට විසදුම විදියට ගන්නේ plank දුර නේ...

    කොහොම උනත් quantum level එකේ අංගු හැසිරීම තාම තෙරුම ගන්න බැරි නිසා ඔතන ප්‍රශ්නයක් තියනවා තමයි... ලප්ලාස් හිතුවට වඩා විශ්වය ගොඩක් සංකීර්ණයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    මමනං විඥානය කියන්නෙ අත්දකින දැනෙන ස්වභාවයට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    කෙටියෙන් ගත්තොත් determinism (නියතිවාදයෙන්) කියන්නෙ ඕක තමා. සේරම reset කලොත් මේ වුන දේවල් ටික කිසි වෙනසක් නැතුව එහෙම්පිටිංම ආයෙ දිගෑරෙන්න ගනියි. අපි මේ වෙනකං හිතල ගත්තු තීරණ සේරම කිසි වෙනසක් නැතුව ඒ විදිහටම හිතල ආයෙම ගනියි කියල.

    මාත් හිතන්නෙ එහෙමයි..
    මිනිස්සු හැමෝම එකම දේ ඒ විශ්වයෙත් කරයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    විඥානයම තමයි නියතිවාදය දිගෙ අපිව දුවවන්නෙත්.. :yes:
    සිතුවිල්ලක් ආවම (සිතුවිල්ලක් හැඟුනම) අපි ඊළඟ පියවරට යනව (උදා - ආසාවන් සපුරා ගැනීම)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    consciously aware වෙන අවස්ථාව තීරණය කරන්නෙ කොහොමද ? තමන් තීරණයක් ගත්ත කියල හිතුන වෙලාවෙ button එකක් ඔබන්න කියලනෙ. වෙන ක්‍රමයක් නෑනෙ. එතකොට consciously aware වෙලත් consciously aware වෙලාද කියල දැනගන්න self reflection පාරක් දාන්න ඕනෙ. ඒකට වෙලාවක් යනව. ඒ දාල මම දැන් තීරණය ගැන consciously aware කියල දැනගෙන button එක ඔබන්න තීරණය කරල ඔබන්නත් වෙලාවක් යනව.

    කෙටියෙන්, freely තීරණයක් අරගෙන ඉවරයි කියල දැනගන්නත් තවත් mental process එකක් කරල දැනගන්න එපායැ.

    එහෙම ආයෙත් self reflection එකක් කරොත් මුලින් ගත්ත තීරණේ වෙනස් වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි නේද?... ඔය පරිශනේ තව දියුණු කරොත් එක එක mental process වෙන වෙනම track කරන්න පුළුවන් වෙයි ,,,

    දැනට කරන්නේ එක brain wave එකක් analyze කරන එකනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔතන තියෙන්නේ zeno ගේ paradox එකනේ.. :nerd:

    එකට විසදුම විදියට ගන්නේ plank දුර නේ...

    කොහොම උනත් quantum level එකේ අංගු හැසිරීම තාම තෙරුම ගන්න බැරි නිසා ඔතන ප්‍රශ්නයක් තියනවා තමයි... ලප්ලාස් හිතුවට වඩා විශ්වය ගොඩක් සංකීර්ණයි...

    :no: :no: :no:
    කොහෙත්ම නෑ :no:
    zeno ගෙ paradox එක විසඳන්න අවකාශය බෙදන්න බැරි කුඩා කොටස් වලිං හැදිල තියෙනව කියල ගන්න ඕනෙ නෑ :no: zeno ගෙ paradox එකේ තියෙන්නෙ පද අනන්තෙයක් තියෙන ශ්‍රේණියක් අභිසාරී වෙන්න බෑ කියන උපකල්පනය. (infinite series cannot converge) පද අනන්තෙක ශ්‍රේණියක් අනන්තෙට යන්නැතුව පරිමිත අගේකට යනව කියල අපි හොඳටම දන්නවනෙ. 1/2 + 1/2^2 + 1/2^3 + 1/2^4 + . . . = 1යි. ඉතිං අචිලීස්ට ඉතුරු බාගෙ දුවන්න යන කාලෙ හැමතිස්සෙම බාගයක් වෙනව. ඒ සියලුම කාලයන් එකතු කල්ල ගත්තාම පරිමිත සංඛ්‍යාවක් එනව. අනන්තයක් කල් යන්නෙ නෑ :no: zeno ගෙ paradox එක දැන්නං paradox එකක් විදිහට සලකන්නෙත් නෑ :no: අවකාශය කෙලවරක් නැතුව බෙදන්න පුලුවන් වුනත් අචිලිස්ට පරිමිත කාලයක් ඇතුලත ඒ දුර දුවාගන්න පුලුවන්.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    කසුන කවදහරි මෙහෙම ත්‍රෙඩ් එකක් දායි..

    බුදුහාමුදුරුවොම ඇයි බුදුහාමුදුරුවො වුණේ :yes:

    ඒ ගමන වෙන කෙනෙක් යැවුණනං (ගියා නෙමේ) එයා බුදු වෙයි

    අපේ මේ වර්තමාන ස්වභාවය අපිට ලැබුණ දෙයක් මිසක් ඒ අපි නෙමේ..

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් හිතන්නෙ එහෙමයි..
    මිනිස්සු හැමෝම එකම දේ ඒ විශ්වයෙත් කරයි :yes:

    එතකොට මිනිස්සු කරන හැමදේම විශ්වය නිර්මාණය වෙද්දි තීරණය වෙලා ඉවර නං වැරදි කරන අයව දෙවියන් වහන්සෙ ඇයි අපායට යවන්නෙ ? ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දද ? හොඳ කරන අය හොඳ කලෙත් මුල ඉඳන්ම තීරණය වෙලා තිබ්බ නිසානෙ ? ඒගොල්ලන්ව ස්වර්ගෙට ගන්නව. එහෙම වුනාම හරිද ? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    එතකොට මිනිස්සු කරන හැමදේම විශ්වය නිර්මාණය වෙද්දි තීරණය වෙලා ඉවර නං වැරදි කරන අයව දෙවියන් වහන්සෙ ඇයි අපායට යවන්නෙ ? ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දද ? හොඳ කරන අය හොඳ කලෙත් මුල ඉඳන්ම තීරණය වෙලා තිබ්බ නිසානෙ ? ඒගොල්ලන්ව ස්වර්ගෙට ගන්නව. එහෙම වුනාම හරිද ? :baffled:

    ඔව් එහෙම තමයි :yes:
    සියලුම ආගම් බිඳ වැටෙනව..

    සියලුම උසාවි නඩු තීන්දුත් වැරදි වෙනව :yes: හැම දේකටම හේතුවක් තියෙනව
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් එහෙම තමයි :yes:
    සියලුම ආගම් බිඳ වැටෙනව..

    සියලුම නඩු තීන්දුත් වැරිදි වෙනව :yes:

    පුදුමයි. මං හිතුව උඹ එහෙනං සියල්ල නියතිවාදී වෙන්න බෑ කියයි කියල :baffled:
    ඇත්තටම බැලුවොත් free will එක defend කරන්න මටත් ආගමික හේතුවක් ඇරෙන්න වෙන කිසිම සාක්ශියක් නෑ නේ :( මට දැනෙනව මම හිතල තීරණ ගන්නව වගේ. ඒක විතරයි :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no: :no: :no:
    කොහෙත්ම නෑ :no:
    zeno ගෙ paradox එක විසඳන්න අවකාශය බෙදන්න බැරි කුඩා කොටස් වලිං හැදිල තියෙනව කියල ගන්න ඕනෙ නෑ :no: zeno ගෙ paradox එකේ තියෙන්නෙ පද අනන්තෙයක් තියෙන ශ්‍රේණියක් අභිසාරී වෙන්න බෑ කියන උපකල්පනය. (infinite series cannot converge) පද අනන්තෙක ශ්‍රේණියක් අනන්තෙට යන්නැතුව පරිමිත අගේකට යනව කියල අපි හොඳටම දන්නවනෙ. 1/2 + 1/2^2 + 1/2^3 + 1/2^4 + . . . = 1යි. ඉතිං අචිලීස්ට ඉතුරු බාගෙ දුවන්න යන කාලෙ හැමතිස්සෙම බාගයක් වෙනව. ඒ සියලුම කාලයන් එකතු කල්ල ගත්තාම පරිමිත සංඛ්‍යාවක් එනව. අනන්තයක් කල් යන්නෙ නෑ :no: zeno ගෙ paradox එක දැන්නං paradox එකක් විදිහට සලකන්නෙත් නෑ :no: අවකාශය කෙලවරක් නැතුව බෙදන්න පුලුවන් වුනත් අචිලිස්ට පරිමිත කාලයක් ඇතුලත ඒ දුර දුවාගන්න පුලුවන්.

    :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    පුදුමයි. මං හිතුව උඹ එහෙනං සියල්ල නියතිවාදී වෙන්න බෑ කියයි කියල :baffled:
    ඇත්තටම බැලුවොත් free will එක defend කරන්න මටත් ආගමික හේතුවක් ඇරෙන්න වෙන කිසිම සාක්ශියක් නෑ නේ :( මට දැනෙනව මම හිතල තීරණ ගන්නව වගේ. ඒක විතරයි :(

    හිතල තීරණ ගන්නව

    හිතල කියන වචනෙ විඥානයත් තියෙනව. හිතනව = දැනෙනව

    හිතල කියන වචනෙ නියතිවාදයත් තියෙනව

    උඹට ඕපපාතිකව අදහස් පහල වෙන්නෙ නෑ..
    අනික තීරණ කියන වචනෙ ඇතුලෙම තියෙනව හේතු සලකල බලනව කියන එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට මිනිස්සු කරන හැමදේම විශ්වය නිර්මාණය වෙද්දි තීරණය වෙලා ඉවර නං වැරදි කරන අයව දෙවියන් වහන්සෙ ඇයි අපායට යවන්නෙ ? ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්දද ? හොඳ කරන අය හොඳ කලෙත් මුල ඉඳන්ම තීරණය වෙලා තිබ්බ නිසානෙ ? ඒගොල්ලන්ව ස්වර්ගෙට ගන්නව. එහෙම වුනාම හරිද ? :baffled:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    අවස්ථාවක් ලැබුණොත් ඒක හොඳට මතක තියා ගන්ඩ
    යහපත් කෙනෙක් විදියටම දිගටම ඉන්නව කියල හිතන්ඩ..
    අපි මෙතනට ආවෙත් අහම්බෙන් අපේ වාසනාවට ඒක අත හරින්ඩ එපා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :eek: :eek:

    අවස්ථාවක් ලැබුණොත් ඒක හොඳට මතක තියා ගන්ඩ
    යහපත් කෙනෙක් විදියටම දිගටම ඉන්නව කියල හිතන්ඩ..
    අපි මෙතනට ආවෙත් අහම්බෙන් අපේ වාසනාවට ඒක අත හරින්ඩ එපා..

    ඒ උඹ හැදුන චින්තනේ බං එහෙම කියන්නෙ. අපිට අනුව අපි මෙතනට ආවෙම අපේ අවාසනාව හින්ද. පුලුවන් තරං ඉක්මනට මේ සේරම අතෑරල නොපැවැත්ම කරා යන එක අපේ අරමුණ. :sorry:

    පස්සෙ බලන්න ඕනෙ. compatibilism ගැනද ? hume වගේ සෙට් එකක් free will + determinism දෙකම එකට තියෙන්න පුලුවන් පරස්පර නෑ කියලත් කිව්ව. ඒත් ඒ තර්ක ගොඩක් ඒව කැතයි :(
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    RIGHT AND WRONG

    උබ libets expriment එක ගැන බැලුවද...
    එකෙන් පුළුවන් මම pizza කෑල්ල විසි කරනවද නැද්ද කියන එක කලින් තීරණය කරන්න..
    මම pizza කනවද කියන එකට සාදක ගොඩක් බලපානවා, ජාන , රුචිකත්වය , ඒ වේලාවට තියන බඩගින්න ..etc .. අන්තිම decision එක ගොඩනැගෙන්නේ ඔය සාදක කීපයම පාදක කරගෙන...
    mama hithanne normal kenekta yamak hithuwa kiyala danenne yamak hithila sahena welawak gihin,mkad hitha kiyane wegayak nisa,hitha pawathinne na,hariyata nikam program ekaka eka cycle ekak wage,aththama speed ekata lan wenna nam api godak ape hitha focus karanna one,,,api karan kiyana hama deyakma kalin kiyanna puluwan eka aththa but eka sobawadarmeta therenne nane,sobawadarmeta therenne shakthi wenas weem witharai
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,240
    113
    මෙහෙමත් හිතන්ඩ පුලුවන්නෙ
    අපේ සිතැඟි වලට අනුව එන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්ඩ පුලුවන්නං එතන freewill එකක් තියෙනව..
    කවුරුහරි අපිට ඒ වැඩේ එපා කියනවනං එතැන ස්වඡන්දතාවක් නෑ :rofl: