පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ පෘතුගීසි භාෂාව ඉගැන්විණි.සිංහල පරම්පරා කතාවල කියැවෙන්නේ මහදැනමුත්තා සහ ගෝල පිරිස එස්කොලාවල ඉගැන්වූ කතා සංග්‍රහයක් බවයි.සිංහල ලමයින්ට සිංහල නායකයන්,පාලන ක්‍රමය,සාහිත්‍ය හා සංස්කෘතිය එපා කරවීමේ අදහසින් පෘතුගීසි මිෂනාරීහු මෙබදු කතා ගොතා එස්කොලාවල ඉගැන්වුහ. ඒ යුගයේ එස්කොලයට ගොස් සිංහලයන් හෑල්ලු කරන කවි කතා උගත් සිංහල දරුවෝ පරංගි නම් වලට ඇලුම් කරන්නටවූහ. දෙමාපියන් දූදරුවන්ට සිංහල නම් වෙනුවට පරංගි නම් දැමූහ. ඔවුහු ජාතක පොත,මහාවංශය වැනි මහාර්ඝ කෘතින් දෙස අවඥාවෙන් බැලූහ. පෘතුගීසි රජ්ජුරුවන්ට අපේ රජ්ජුරුවෝ කියන්නට පටන් ගත්හ.
පෘතුගීසින් සිංහල දේශයේ බිම් පෙදෙසක් යටත් කරගෙන සිටි නිසා මව්බිම,ජාතිය,ආගම සංස්කෘතිය හෑල්ලුවට ලක්කරමින් පරංගි රටට ආවැඩීමට සිංහලයෝ පිරිසක් පුරුදුවූහ.ඒ යුගයේ සිට කටින් කට පැවත ආ මහදැනමුත්තා කතාවලින් සිදුවූයේ අපේ මුතුන්මිත්තන් පල්මෝඩයන් බවට හැගීමක් පරම්පරා ගනනාවක් මුලුල්ලේ කුඩාදරුවන්ගේත් වැඩිහිටියන්ගේත් හිත්වලට ඇතුලුවීමයි.
මහදැනමුත්තා කතාවේ සුලමුල ඉදිරිපත් කරන මේ කෘතිය අපේ ඉතිහාසය සංස්කෘතිය හා සමාජ ක්‍රමය පිලිබඳව ඉතා වැදගත් කරුණු රාශියක් එලිදරව් කරයි.
මේ පොත ගන්න තියෙන තැනක් දන්නේ කවුද



මේ බලහන්කෝ මාත් අදමයි මේවා ඇහුවේ 
