මචන්ලා අපේ ගේ වහලේ තියෙන්නේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක්.

ප්‍රශ්නෙ කියන්නෙ දැන් මේ තියෙන රස්නයත් එක්ක (කොහොමත් මේ මාර්තු අප්‍රියෙල් කාලෙ රස්නෙයිනෙ) ඕක යට තියෙන කාමර වල දවල්ට රෑට ඉන්න බෑ
පට්ට රස්නෙයි මොකද උඩ තියෙන ස්ලැබ් එක රත් වෙන නිසා ඒ රස්‌නෙ පහල තට්ටුවට වදිනවා. 
රෑට එහෙම ෆෑන් නැතිව නිදාගන්නවත් බැහැ.

ඉතින් අපි බැලුවේ මේ උඩ තියෙන ස්ලැබ් එකට උඩින් අමානෝ ශීට් දාලා වහල කෑල්ලක් ගහන්න.
එතකොට උඩ තියෙන ස්ලැබ් එක රත් වෙන එක අඩු වෙයි නේ.
. වටේට කොට තාප්පයක් නම් කොහොමත් තියෙනවා. ඒ ඇරෙන්න බිත්ති බැදලා කාමර හදන්න නම් කල්පනාවක් නැහැ. 
දැන් මෙහෙම කලොත් අපි ආයෙ ගෙදර ප්ලෑන් එක වෙනස් කරන්න ඕනෙද.
නැතිනම් එහෙම හදන වහලේ වර්ගඵලය ගෙදර තියෙන වර්ගඵලයට එකතු වෙනවද නීතියේ හැටියට.. 



Plan eka nam aye adala approve karaganna wei man hithanne..draughtsman kenekgen poddak ahala balapan.. 