Post only Officially Confirmed News

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    නීති නෑ මචන් අත්තඩංගුවට ගන්ඩ සොරි..

    mekama sakiyak wediyata hondatama athi rishad karaya hire danan eth okata kisi deyak karanne na.:dull::dull::dull:

    මේ බලපන් මුන්ගෙ network එක..
    හැම කාලකන්නියෙක් ම සම්භන්දයි..
    ඔක්කොම වැඩ කරන්නෙ එකම ටාගට් එකකට..
    අමු සත්තු ජාතියක් බන්..


    https://www.facebook.com/adaderana/videos/2244583105794347/
     
    Last edited:
    • Like
    Reactions: richlife

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මාතලේ වරකාමුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්
    (මහේෂ් කිර්තිරත්න)

    මාතලේ වරකාමුර තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් සහ තවත් මුස්ලිම් පිරිසක් අතර අද (07) රාත්‍රීයේ ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

    තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පැවැසීය.

    සිද්ධිය ඇති වන අවස්ථාවේ තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

    එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කීය.

    සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි මාතලේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමතයටකට පත් කර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලිසිය කියයි.
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මාතලේ වරකාමුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්
    (මහේෂ් කිර්තිරත්න)

    මාතලේ වරකාමුර තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් සහ තවත් මුස්ලිම් පිරිසක් අතර අද (07) රාත්‍රීයේ ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

    තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පැවැසීය.

    සිද්ධිය ඇති වන අවස්ථාවේ තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

    එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කීය.

    සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි මාතලේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමතයටකට පත් කර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලිසිය කියයි.
    :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Chamara Siriwardene

    ඛේදවාචකය පිළිබඳ තුන්වන ඇසකින්….

    (පෞද්ගලික සංවාදයකදී අත්දැකීම් ඇති විශ්‍රාමිකයකු වූ විදේශිය සංචාරයකයකු පල කල අදහසකි. ඔහු මීට පෙරද කිහිප විටක්ම ලංකාවට පැමින ඇත. දේශීය රා පානය කොට සිටි ඔහු සමාජ ජාලා තුල තම නමගම හෝ සේයාරුව පල කිරීමට අවසර නුදුන්නේය.)

    “….මේ පිළිබඳ රූපවාහිනියේ පලවූ වාර්තා දැක සිදුවී ඇති ඛෙදවාචකය වලක්වා ගැනීමට තිබූ අවස්ථා මඟ හැරී යාම ගැන මම බොහෝ කණගාටු වෙමි. මෙය වෙනත් තුන්වන ලෝකයේ රටක සිදුවී නම් පුදුමයක් නැත. එහෙත් සිවිල් යුද්ධයක් ඉතා සාර්ථක ලෙස මැඩලූ ප්රති ත්රස්ත කටයුතු පිළිබඳ විෂේෂඥ දැනුමක් ඇති රටක මෙතරම් බුද්ධි තොරතුරු හිඩැසක් තිබීයැයි සිතන්නේ කෙසේද? මේ පිළිබඳ කොළඹ රජය නිහඬව සිටින්නේ නම් වඩාත් මැනවයි මට සිතේ. වරද ගැන පරීක්ෂණ පවත්වා පිළියම් යෙදීම මිස ඒ ගැන කතා බහ කිරීම හෝ හේතු දැක්වීමෙන් දැන් පලක් නැත..."
    "...දැන් වඩා වැදගත් වන්නේ අතීතය නොව අනාගතයයි. පළමුව කොලඹ රජය සිය අඩුපාඩු පිළිබඳ අවංක තක්සෙරුවක් කොට වගකිව යුත්තන්ට නොපැකිලව දඬුවම් දිය යුතුය. ඔවුනතර අන්තවාදීන් මෙන්ම ඔවුනට සහාය දැක්වූ කොටස් සිටිය හැක. වෙනත් රටවල අත්දැකීම් වලින් පෙනී යන පරිදි ඒ අතර මුස්ලිම් නොවන අයද සිටිමට ඉඩ ඇත. ඒහිදී අපක්ෂපාතීව කටයුතු කිරිම වැදගත්ය. පළුදු වී ඇති මහජන විස්වාසය දිනාගත හැක්කේ එමගින් පමණි. බෞද්ධයන්ගේ හා කතෝලිකයන්ගේ අදහස රජය තස්තවාදය මැඩලීමේ සෑහෙන ක්රියාමාර්ගයක් හෙන නොමැති බවය. දමිලයෝද මේ තත්වය යටතේ සිය ආරක්ෂාව ගැන අවිනිශ්චිතව පසුවෙති. බලධාරීන් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය..."
    "..එහෙත් පොදුවේ ගත් කල ලංකාවට තවමත් තම තත්වය ගැන නිසි අවබෝධයක් නොමැති බව මගේ හැඟීමය. දේශපාලන හා ආරක්ෂක අධිකාරිය පමණක් නොව අධිකරණ හා පරිපාලන පද්ධතියද මේ ක්රියාදාමය තුල නියෝජනය විය යුතුය. ලංකාව තුල ඇති අන්තවාදය පුළුල්ව ව්යාප්ත වූවක් නොවේ. පොදු දේශසීමා නැති දූපතක් ආරක්ෂා කිරීම වඩා පහසු බැවින් සාමාන්ය පවිත්රකරණයක් හා නිසි උපාය මාර්ගික වැඩපිලිවලක් තුලින් අන්තවාදී තර්ජනය පිසලා හැරීමට කොලඹ රජයට අපහසු නැති බව මගේ අවබෝධයයි. අනාගතය සඳහා වඩා වැදගත් වන්නේ එහි දේශපාල මූලාශ්ර අවබොධකොටගෙන නිසි පිළියම් යෙදීමය..."
    "...දැනට පෙනීයන පරිදි බටහිර ඉහල අධ්යාපනයක් ලැබ අනතුරුව ගෝලීය ජිහාඩ්වාදයේ ප්රචාරනයට ගොදුරු වූ මුස්ලිම් තරුණයක් පිරිසක් සියරට තුලද උමතු අත්හදා බැලීමක් සැලසුම් කල බව පෙනේ. එහෙත් ලංකාවේ භූගෝලීය හා දෙශපාලන වාතාවරණය තුල සෘජු ආධාර ලබා ගැනීම අසීරු හෙයින් ඔවුන්ගේ ඉලක්ක වන්නට ඇත්තේ කෝලාහලයක් හා ලේ වැගිරීමක් තුලින් මුස්ලිම් ලෝකයේ අවධානය දිනාගෙන ආධාර ලබා ගැනීම විය හැක. එවැනි අවස්ථාවක් සඳහා මඟ බලා සිටින අරාබි රටවල් ඇත..."
    "...කෙසේ වුවද වෙනත් රටවල අත්දුටු තත්වය හා සසඳන කල ලංකාවේ මුස්ලිම් බහුතරය තුල අන්තවාදය කෙරේ නැඹුරුවක් නැත. සෘජුව මෙම ක්රියා වලට සම්බන්ධව සිටින්නේ සුළු පිරිසක් වුවද මෙහි මූලය වූ වහාබ් වාදයට මතවාදීමය වශයෙන් සහාය දක්වන තවත් කොටසක් රටේ සිටිය හැක. අන්තවාදීන්ගේ සැලසුම සාර්ථක වී නම් මුස්ලිම් ජනයාගේ වෙසින් ඔවුන් කල එලි බැසීමට ඉඩ තිබිණ. වෙන රට වල අප ඒ බව දුටිමු. එහෙත් නෛතිකව චෝදනා වරදක් සිදු කොට නැති මෙම සුළුතරය පරාජය කිරීමට මුස්ලිම් ප්රජාවේ සහාය අතිශය වැදගත්ය. අපට අසන්නට ලැබෙන්නේ ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාවද අන්තවාදය මැඩලීමට විශාල සහායක් දක්වන බවය. මෙම තත්වයෙන් උපරිම ප්රයෝජන ගැනීම බලධාරීන්ගේ වගකීම මෙන්ම ඔවුන්ගේ සහාය රැක ගැනීම බෞද්ධ හා කතෝලික බහුතරයේ වගකීමය. සිදුවීම පිළිබඳ ඇති සාධාරණ කෝපය හමුවේ සිංහලයන් දක්වන සංයමය විශිෂ්ඨය. මුස්ලිම් ජනයාගේ සහාය දිනා ගැනීම යනු සැකයට භාජනය වී ඇති මුස්ලිම් නායකත්වය ආරක්ෂා කිරිම නොවේ. ඔබේ රටේ මුස්ලිම් වරුද බහුතරය මේ ගැටළුවේදී ඉතාම ප්රශස්ථ කටයුතු කරන බව පෙනේ. ඔවුන් සිය නායකයන් හෝ පල්ලි වෙනුවෙන් සටන් වැදීමට ඉදිරිපත් වී නැත. පොදුවේ බලන කල ලංකාවේ ජනයාගේ මානසිකත්වය තුන්වන ලෝකයට සාපේක්ෂව වඩා උසස්ය. මුස්ලිම් ප්රජාවට නිවැරදි නායකත්වයක් නැත්නම් ඔවුන්ටද පිළිගත හැකි රටටද හිතකර නිවැරදි නායකත්වයක් බිහි කරදීමද බලධාරීන්ට කල නොහැකි දෙයක් නොවේ...😉..මා දන්නා තරමට සුළු ජාතිකයන් වෙසෙන රටකට උපාය මාර්ගික වැඩපිළිවෙලක් යන්නෙහි සැබෑ අර්ථය වි යුත්තේ එයයි..."

    "...හැබැයි එකක් කිව යුතුය. දේශපාලන අර්ථකථන කුමක් වුවද මේ ගැටළුව විසඳා ගතයුත්තේ රටේ අභ්යන්තර ගැටළුවක් ලෙස සලකා මිස ගෝලීය ගැටළුවක් ලෙස සලකා නොවේ. මන්ද ගෝලීය අන්තවාදය හා සම්බන්ධ කිරීමම විදෙස් මැදිහත්වීමක් සඳහා හේතු සපයන නිසාය. කොළඹ රජය තම මිත්ර රටවලින් සීමිත සහායක් ලබා ගැනීම වෙනම කරුණකි. එහෙත් නව ලිබරල් වාදය තුලින් මූලධර්මවාදය පැරදවූ රටක් ලෝකයේ කොහෙවත් නැති බවද එහිදී මැනවින් සිහි තබා ගත යුතුය…”

    Copied from Facebook



    https://www.facebook.com/groups/804276106323782/permalink/2248914095193302/
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    url