baby snake in my room

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වනේ වන හතුරෙකුගෙ ගෙදරකටවත් මුන් ටික එන්න එපා!

    තෙල් කරවලා, හබරලයා, මග මරුවා
    bungarus3.jpg

    මුදු කරවලා, දුනු කරවලා, හත් කරවලා, පොළොං කරවලා
    bc1.jpg

    වැලි පොළඟා
    saw5.jpg

    තිත් පොළඟා
    rv2.jpg

    නයා, නාගයා
    naya5.jpg
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මෙම සතා පොලගෙක් නොවන අතර
    මෙහි ඉන්නෙ කනකටුවෙකි. ( මූකලන් තෙලිස්සා)
    බොහෝ දෙනෙකු නොදන්නා කම නිසා පොලගුන් යයි වැරදියට වටහාගනී..

    විෂ තත්වය.... මද විෂ (තුරිත විෂ)

    ඔව් බන් මු කෑවට බයවෙන්නේ නැතුව ලගම සර්ප වෙදෙක් ඉන්නවා නම් එයට හරි එහෙම නැත්නම් ලගම හොදම ඉසිපිරිතලේට ගෙනියන්න තියෙන්නේ කාපු තැන සබන් දාල හෝදන්න හොදට.
    අපේ අම්මගේ අත කාල තිබ්බ මෙකෙක්, ඉස්පිරිතාලෙට අරන් ගිහින් Injection 3 ගැහුවා ඊට පස්සේ දවසක් විතර blood check කරලා අවුලක් නැ කියල ගෙදර යැව්වා බේත් ටිකක් දීල සතියක් බොන්න කියල. එහෙමම හොද වෙලා ගිය.
    මුන්ට කුණකටුව කියන්නේ කාපූ තැන කුණු වෙනවා බේත් කරේ නැතොත්.
    :yes::yes::yes:

    :D:D:D:D
    වැඩේ කියන්නේ අපේ අම්මගෙ අත කාපු සර්පය පණපිටින් අල්ලගෙන ගිහින් පෙන්නලා කරදරයක් කරන්නේ නැතුව කැලේට විසික් කරා. අම්ම ඒ සර්පයා කාපු තරහට අර කිසිම කරදරයක් කරන්නේ නැතුව ඉන්න අහිංසක කුනකටුවෝ ටික මරල දානවා මන් එපා කියද්දී නිකන් පව් පුරෝගන්නවා කියද්දීත්.
    :(:(:(:(
    උග්‍ර විෂ උන් තමයි ගෙමනම් ගේම කියන ඉන්නේ.
    එකනේ නයා එහෙම බය නැතුවා බලන් ඉන්නේ.
    අනික් සර්පයි බයට හැන්ගෙනවා තමන්ගේ තරම අනුව.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝලම් අයියේ, ඔයාගේ පින්තුර කෝට් කරන්නේ නැහැ...ඔය පලවෙනි පොටෝ එකේ ඉන්නේ මුදු කරවලා,
    දෙවෙනි එකේ ඉන්නේ තෙල් කරවලා.
    :yes::yes::yes:

    මුද්දගේ සුදු ලයින් දෙකක් තියෙනවා. තෙල් කරවලාගේ ඈතින් ඈත එකයි පිහිටන්නේ
    ඔය අළු රදනකයා සහ කරවලුන් වෙන් කරලා අඳුර ගන්නේ කොරල වල තියෙන ශඩාශ්‍ර හැඩයෙන් සහ කරවලුන්ගේ කඳයි ඔළුවයි වෙන් වෙලා නැහැ, එකම පළලින් පිහිටන්නේ. රදනකයන්ගේ බෙල්ල පැහැදිලිව වෙන් වෙලා තියෙන්නේ.
    කරවල්ලු සක්‍රිය වෙන්නේ රෑ කාලෙට. රෑට ටෝච් නැතුව හුජ්ජා කරන්න එලියට නම් යන්න එපා පුතෝ....සදා අනාතයි.
    :sorry::sorry::sorry::sorry:
     
    දැනුවත් කිරීමට ස්තූතියි මල්ලි. ඒත් එතකොට මේ සයිට් එකේ වැරදියිද? :confused:

    http://www.snakesofsrilanka.info/bungaruscaeruleus.html

    http://www.snakesofsrilanka.info/bungarusceylonicus.html
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැනුවත් කිරීමට ස්තූතියි මල්ලි. ඒත් එතකොට මේ සයිට් එකේ වැරදියිද? :confused:

    http://www.snakesofsrilanka.info/bungaruscaeruleus.html

    http://www.snakesofsrilanka.info/bungarusceylonicus.html

    සතාගේ විස්තර සහ හඳුනා ගැනීම් කරුණු ඔක්කොම හරි....සමහර විට පින්තුර මාරු වෙලාද දන්නේ නැහැ...මුදු කරවලා සහ තෙල් කරවලාගේ ප්‍රධානම වෙනස තමයි සුදු හරස්පටි, මුද්දගේ හරස් පටි පළලින් වැඩියි, හැබැයි දෙක දෙක වගේ ලඟින් පිහිටන්නේ.ඒ වගේම මුදු කරවලාගේ සුදු පටි දීප්තියෙන් වැඩියි. කැපිලා පේනවා.හැබැයි මුදු කරවලා කාලයත් එක්ක වයසට යද්දී ගොඩක් වෙලාවට ඔය සුදු පටි 2ක් එකතු වෙලා පළලින් වැඩි ලොකු පටියක් බවට පත් වෙනවා.

    VobScZ9.jpg

    මේ මුදු කරවලා වයසින් අඩු එකෙක්....උගේ පටි ලඟින් ලඟින් තියෙන්නේ.

    qt9Pjnx.jpg

    මේකා වයසින් ටිකක් වැඩි. ඔය බෙල්ලට ලඟින් වගේ තියෙන සුදු පටියේ මැද්දෙන් ලාවට කළු ලප පේන්නේ. ඒ වෙලා තියන්නේ අර පටි කාලයක් එක්ක හාවෙලා.සමහර තැන වල හරියට හාවෙලා නෑ.

    තෙල් කරවලාගේ පටි සිහින් ඈතින් පිහිටන්නේ.. ඒ වගේම ගොඩක් සත්තුන්ගේ වයසට යද්දී හරස් පටි මැකිලා යනවා. දිලිසෙන තනි කළු පාට සතෙක් විදිහට තමා පේන්නේ. ඔය අපේ ගම වල ගොඩක් මිනිස්සු හබරලියා කියන්නේ අන්න ඒ වගේ වයසට ගියපු තෙල් කරවලුන්ට.

    ඔතන පින්තුර වල පැටලිල්ලක් වගේ තියෙන්නේ.මොකද ඔය සත්තු දෙන්නා වෙන් කරලා අඳුර ගන්න එක තරමක් අමාරුයි.....

    හැබැයි අපෙආරක්ශාවට වැදගත් වෙන්නේ තෙල් කරවලා, මුදු කරවලා වෙන් කරලා අඳුර ගන්න එක නෙමේ අළු රදනකයා සහ කරවලුන්ව වෙන් කරලා අඳුර ගන්න එක....
    මේ පහල පින්තුරේ බලන්න අළු රදනකයාගේ ඔලුව සහ කොරල් වල වෙනස. ඔලුව පැහැදිලිව කඳෙන් වෙන් වෙලා තියෙන්නේ. කොරල සඩාශ්‍ර හැඩය නෙමේ. දීප්තියෙන අඩුයි.

    0coloWG.jpg

    අළු රදනකයා

    කොහොම කලත් සමස්තයක් හැටියට ඔයා උඩ දාලා තියෙන 05 තමා ගොඩබිම විෂ වැඩිම සර්පයෝ.ඔය 05 කොහොම හරි බේරෙන්න තමයි ඕනේ.
    මූදේ ඔයිට විස සෙට් එකක් ඉන්නවා.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    ඔව් බන් මු කෑවට බයවෙන්නේ නැතුව ලගම සර්ප වෙදෙක් ඉන්නවා නම් එයට හරි එහෙම නැත්නම් ලගම හොදම ඉසිපිරිතලේට ගෙනියන්න තියෙන්නේ කාපු තැන සබන් දාල හෝදන්න හොදට.
    අපේ අම්මගේ අත කාල තිබ්බ මෙකෙක්, ඉස්පිරිතාලෙට අරන් ගිහින් Injection 3 ගැහුවා ඊට පස්සේ දවසක් විතර blood check කරලා අවුලක් නැ කියල ගෙදර යැව්වා බේත් ටිකක් දීල සතියක් බොන්න කියල. එහෙමම හොද වෙලා ගිය.
    මුන්ට කුණකටුව කියන්නේ කාපූ තැන කුණු වෙනවා බේත් කරේ නැතොත්.
    :yes::yes::yes:

    :D:D:D:D
    වැඩේ කියන්නේ අපේ අම්මගෙ අත කාපු සර්පය පණපිටින් අල්ලගෙන ගිහින් පෙන්නලා කරදරයක් කරන්නේ නැතුව කැලේට විසික් කරා. අම්ම ඒ සර්පයා කාපු තරහට අර කිසිම කරදරයක් කරන්නේ නැතුව ඉන්න අහිංසක කුනකටුවෝ ටික මරල දානවා මන් එපා කියද්දී නිකන් පව් පුරෝගන්නවා කියද්දීත්.
    :(:(:(:(
    උග්‍ර විෂ උන් තමයි ගෙමනම් ගේම කියන ඉන්නේ.
    එකනේ නයා එහෙම බය නැතුවා බලන් ඉන්නේ.
    අනික් සර්පයි බයට හැන්ගෙනවා තමන්ගේ තරම අනුව.

    සත්තු මරල තේරුමක් නෑ බන්.. උන් පරිසරයේම කොටසක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මූදේ ඔයිට විස සෙට් එකක් ඉන්නවා.[/COLOR][/SIZE]

    මල්ලිගෙ පලවෙනි උත්තරෙන්ම මට තේරුනා ඔයා සර්පයො ගැන ගොඩක් දේවල් දන්න කෙනෙක් වෙන්න ඕන කියලා. :yes:

    ඔයාගේ දැනුවත් කිරීම්වලට ගොඩක් ස්තූතියි! :love:

    ඔයාට ඉඩක් ලැබුනු වෙලාවක මුහුදේ ඉන්න විස සර්පයො ගැන අපිව දැනුවත් කරනවද? :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට නම් ඔය ජාති බේද වර්ග බේද නෑ ..සර්පයෝ නම් සේරම එකයි..දැක්කොත් දුවනවා :baffled::baffled:

    මාත් :dull:
    මට නයා, සර්පයා, ගැරඩියා අදුරගන්න බෑ :baffled:
    මොකා දැක්කත් ඔන්න නයෙක් කියලා කෑගහනවා
    හැබැයි අපේ අම්මනම් පටගාලා අදුරගන්නවා
    ඒ කොහොමද මන්දා :confused: උන් ඔක්කොම එක වගේනේ :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මල්ලිගෙ පලවෙනි උත්තරෙන්ම මට තේරුනා ඔයා සර්පයො ගැන ගොඩක් දේවල් දන්න කෙනෙක් වෙන්න ඕන කියලා. :yes:

    ඔයාගේ දැනුවත් කිරීම්වලට ගොඩක් ස්තූතියි! :love:

    ඔයාට ඉඩක් ලැබුනු වෙලාවක මුහුදේ ඉන්න විස සර්පයො ගැන අපිව දැනුවත් කරනවද? :rolleyes:

    :no::no::no:

    නෑ අයියේ මමත් ගැරඬියා , නයා වෙන් කරලා අඳුර ගන්න දැනගෙන හිටියේ නැහැ. මමත් සර්පයන්ට බයයි. අපිට කැලේ එහෙම යද්දී සර්පයෝ පිලිබඳ මුලිකම දැනුමක් අවශ්‍ය නිසා කියවල, පින්තුර බලලම ඉගෙන ගත්තා.
    ෆේස්බුක් එකේ තියෙන සර්ප ගෘප් එකෙන් තමා වැඩිපුරම ඉගෙන ගත්තේ.
    සර්පයෝ පිලිබඳ මුලිකම දනුමේදී උග්‍ර විෂ එකා මොකාද, මද විෂ එකා මොකාද , විෂ නැති එකා මොකාද කියල වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් ඒ ටික සර්වයිවල් වලට ඇති.
    නිර්විෂ සර්පයෝ ගැන නම් ලොකුවට දන්නෙම නැහැ...

    මුහුදේ ඉන්න සර්පයෝ නම් එකම එක වතාවක් දැක්කා.මුහුදේ මාළු දැලක පැටලිලා හිටියා.
    කළු සහ කහ ඉරි තියෙන වල්ගය පැතලි වෙච්ච සර්පයෙක්.උගේ නමක් නම් මතක නැහැ. උග්‍ර විෂ එකෙක් කියල තමා ධීවරයෝ කිව්වේ.දැල මුහුදේ තියෙද්දීම ඇවුලුම් බිලියෙන් දැලෙන් බේරලා මුහුදටම දැම්මා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :no::no::no:

    නෑ අයියේ මමත් ගැරඬියා , නයා වෙන් කරලා අඳුර ගන්න දැනගෙන හිටියේ නැහැ. මමත් සර්පයන්ට බයයි. අපිට කැලේ එහෙම යද්දී සර්පයෝ පිලිබඳ මුලිකම දැනුමක් අවශ්‍ය නිසා කියවල, පින්තුර බලලම ඉගෙන ගත්තා.
    ෆේස්බුක් එකේ තියෙන සර්ප ගෘප් එකෙන් තමා වැඩිපුරම ඉගෙන ගත්තේ.
    .........

    දවසකුත් කියලා ඇති මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක් ඉන්නවා කැලේදී බෙනේකට අතදාලා අත එලියට අරන්තියෙන්නෙ මහපට ඇඟිල්ලේ එල්ලුන ලොකු පොළගෙකුත් එක්ක. ඒ සැනින්ම අතේ තිබුන පිහියෙන් ඇඟිල්ල වෙන් වෙන්න කපලා දාලා. එදා ඒ තීරණය ගත්තේ නැත්තං මනුස්සයා මැරිලා හුඟක් කල්.
    කැලේ යන එකා හින්දා මතකේ තියාගනින්.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දවසකුත් කියලා ඇති මගේ යාලුවෙක්ගේ මාමා කෙනෙක් ඉන්නවා කැලේදී බෙනේකට අතදාලා අත එලියට අරන්තියෙන්නෙ මහපට ඇඟිල්ලේ එල්ලුන ලොකු පොළගෙකුත් එක්ක. ඒ සැනින්ම අතේ තිබුන පිහියෙන් ඇඟිල්ල වෙන් වෙන්න කපලා දාලා. එදා ඒ තීරණය ගත්තේ නැත්තං මනුස්සයා මැරිලා හුඟක් කල්.
    කැලේ යන එකා හින්දා මතකේ තියාගනින්.

    :shocked::shocked::shocked::sorry::sorry::sorry: